covid-cigar-sri-lanka

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අනාවරණ කරයි.



මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බවත්, දුම්පානය අතහැර දැමූ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා කොවිඩ් වසංගත තත්ත්වයට දුම්පානය ඍජු බලපෑම් එල්ලකරන බව කීවේය.

එහිදී දුම්පානය කරන්නන්ට කොවිඩ් වැළඳීමට තිබෙන අවදානම වැඩි බවත් කොවිඩ් ආසාදනය වීමේ දී දුම්පානය කරන පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බවත් කීය.

දුම්පානය හේතුවෙන් දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියයති.