
කොළඹ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ මවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී සුවය ලබා නිවසට පැමිණි පසුව මවගේ රෝගය විනිශ්චය කරගත හැකි වු බවය.
ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සිටින සාමාජිකයින්ටත් කොවිඩ් මර්දන එන්නත් ලබාදිය යුතු බව ද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කරයි.
“ඕන රටක එන්නත්කරණය සඳහා තියෙනවා ප්‍රමුඛතා අනුපිළිවෙලක්. එක්සත් රාජධානියේ අවුරුදු 80ට වැඩි අයට මුලින් ම එන්නත් ලබාදෙනවා. 75, 60, 55 යනුවෙන් අඩු වයස් කාණ්ඩ දක්වා එන්නත් ලබාදෙනවා. විලියම් කුමාරයා ඉතාම මෑතක දී තමයි එන්නත්කරණයට ලක්කරේ. ඔහුගේ වයස් කාණ්ඩයට පැමිණිමෙන් පසු. ඊයේ දිනයේ දී ඉතාම කණගාටුදායක සිද්ධියක් වාර්තා වුණා. කොළඹ ප්‍රධාන රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ මවක් කොරෝනා රෝගයෙන් මියගියා. වෛද්‍යවරයා කොරෝනා රෝගය හැදිලා අදාළ ප්‍රතිකාර සඳහා යොමුවෙලා ගෙදරට ආවට පස්සේ තමයි මවගේ රෝග විනිශ්චය කරන්න ලැබුණේ. එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්න අයගේ දෙමාපියන් එන්නත්කරණයට ලක්කිරීමට අදාළ අංශ කටයුතු කරා නම්. ඒ බව හඳුනාගත් වසංගත රෝග අංශයක් නෙමෙයි අපට ඉන්නේ.“
Comments
Post a Comment
Your comment will be visible after approval