covid-death-percentage-error

පසුගිය දිනවල කොරෝනා රෝගය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය මගින් සූදානම් කළ මාධ්‍ය හමුවේදී වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර වෙත මාධ්‍යවේදිනියක බැණවැදී තිබුනේ නිවැරදි තොරතුරු සමාජ ගත නොකරන බව පවසමිනි.




එහිදී ඇය උදාහරණයකට ගත්තේ කොරෝනා රෝගීන්ගේ වයස් කාණ්ඩ හා මරණයට පත්වන අයගේ වයස් කාණ්ඩ ගැන නිවැරදි දත්ත ලබා නොදීම නිසා රෝගයේ ස්වභාවය ගැන ජනතාවට නිවැරදි චිත්‍රයක් මවාපා නැති බවයි.
නමුත් වෛද්‍ය සමරවීර දන්වා සිටියේ තමන් නිතරම නිවැරදි තොරතුරු යාවත් කාල කරන බවකි.
මේ අනුව අප කළ සොයා බැලීමේදී වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව පරීක්ෂා කර බලන ලද අතර එහි ඇතැම් දත්ත වෙනසක් නැතිව දිගටම වාර්තා කර ඇති අයුරුද හදුනාගන්නට ලැබේ.
මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොරෝනාවෙන් මියගිය අයගේ වයස් මට්ටම් ප්‍රතිශත එහි සටහන් කර තිබුනේ එකම අගයකිනි.එය නිවැරදිද යන්න ගැටලුකාරීය.
මේ වනවිට බ්‍රිතාන්‍ය වෛරස කාන්ඩයක් ලංකාවේ සැරිසරන බවට තහවුරුවූ පසුබිමක වයස් කාණ්ඩ අනුව කොරෝනා පැතිර තිබීම ගැන හෝ වයස් කාන්ඩ අනුව මියයන සංඛ්‍යාවන් ගැන පැහැදිලි දත්ත වැදගත් දත්තයක් වන නමුත් මෙම වාර්තාව මගින් සොයාගන්නට අපහසුවීම ගැටලු කාරීය.
 වසංගත රෝග විද්‍යා අංශය දෛනික මරණ ප්‍රතිශත එකම අගයකින් මාස ගණනක් තිස්සේ වාර්තා කර තිබුනේ පහත ආකාරයටය.