අපේ රටේ අද වෙද්දි කොරොනා වයිරසය ආසාදිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුණ රෝහල ධාරිතාව ඉක්මවා රෝගීහු වාර්තා වෙති. ඒ අතර ඇතැම් රෝගීන්ට රෝහලක් ලැබෙන තුරු නිවසේ රැදී සිටිමට සිදුවේ.රෝහලකට ඇතුළු කරන තුරු කොරොනා රෝගීන් නිවසේදී රැක බලා ගැනීමට අනවශ්‍ය බියක් ඇති කරනොගත යුතු අතර ඊට අනුකූලව කටයුතු කිරීම වැදගත් වේ.
උණ, හෙම්බිරිස්සාව, බඩේ අමාරුව, උගුරේ අමාරුව, කැස්ස, තත්වය දිනෙන් දින වැඩිනම් එය කොරෝනා රෝගයේ රතු එළියක් විය හැකියි. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔබ පවුලේ සාමාජිකයන්ගේ ඇසුරින් වෙනම කාමරයකට යා යුතුය. රෝගියා රැදවුම් කාමරය හොඳින් වාතාශ්‍රය ළඟාවන තැනක් විය යුතුය. පවුලේ සාමාජිකයන් කාමරයට යාමත්, කාමරයෙන් පිටතට නිතර දෙවේලේ රෝගියා පැමිණීමත් සිදුනොවිය යුතුයි. පවුලේ සාමාජිකයන් සමග නිතර කතා බහ, වටපිටාවේ ඇවිදීම, නිවසේ බඩු ස්පර්ශ කිරීම්, තැන තැන කෙළ ගැසීම නොකළ යුතු බව හොඳින් මතක තබා ගත යුතුය.
කොරෝනා රෝගයේ ලක්ෂණ පිටතට පැමිණීමට දින දෙකකට පෙර සිට සහ රෝග ලක්ෂණ පහළවී දින දෙකක් ගත වීමේන් පසුත් රෝගය අන් අයට සප්‍රේශනය විය හැකියි. තමන්ගේ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත තොරතුරු දන්ව පී.සීආර්. පරීක්ෂනයක් හෝ රැපිඩ් ඇපේජපක්ෂියක් ඔබ සිදු කරගත යුතුයි. පී.සී. ආර්.පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඔබ පොදු ප්‍රවාහනයේ ගමනාගමනය රාජකාරියට වාර්තා කිරිම, ප්‍රදේශයේ ඇවිදීම නොකළ යුතුය. තම කාමරයේම රැදී සිටිමින් ස්වයං නිරෝධායනයට යොමු විය යුතුය.
ඔබ පෞද්ගලික රෝලකින් පිසී.ආර්. පරීක්ෂණය සිදු කර ගත්තේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට ඒ බව දැන්විය යුතුයි. එසේම රෝග ලක්ෂණ ඇති වීම කෙරෙහි ඔබේ නිරන්තර අවධානය යොමු කරමින් ඔවුන්ගේ උපදෙස් මත ඔබ නිරෝධායනය වීම අතවශ්‍යය. පවුලේ සාමාජිකයන් සහ රෝගියා අතර ඔබ අවම වශයෙන් මීටරයක දුරක්වත් රැකිය යුතුයි.
රෝගියාට ආවතේව කිරීම සඳහා නිවසේ සිටින නිදන්ගත ලෙඩ රෝග නැති, එක් පුද්ගලයකු සුදුසු වේ. රෝගියා භාවිත කරන පිඟන්. කෝප්ප, ඇඳ ඇතිරිල්ලී. තුවාය සෙසු අයගේ භාවිතයන් ඉවත් කර රෝගියාටම ඒවා වෙන් කර තබන්න. ආවත්ව සපයන පුද්ගලයා රෝගියා හමුවට යාමේදී දෙදෙනා මුඛ ආවරණ නිසිලෙස පැළදීම අත්‍යවශය වේ. රෝගියාගේ කාමරය, නාන කාමරය.වැසිකිළිය ඔහු භාවිත කළාට පසු විෂබීජ නාශක දියර යොදා හොඳින් පිරිසුදු කරන්න. රෝගියා මේ නිවසේ ආනකුත් අයත් මුඛ ආවරණ නිවැරැදිව පැළැදීමට අමතක නොකරන්න. මුඛ ආවරණ රෝගියා ඉවතලන තන තැන නොදමා ක්‍රමානුකුලව බැහැර කරන්න.මෙම රෝගියා හා සම්බන්ධ වන පුද්ගලයා එම වැඩ කටයුතුවලින් අනතුරුව තම දෑත් සබන් හා හොඳින් පිරිසුදු කර ගන්න. නිවසේ අන් වැඩවලට යොමු විය යුත්තේ තමන්ද මනාව පිරිසුදුවීමෙන් අනතුරුව බව මතක තබා ගන්නේ. මේ කාලයේදී රෝගියාට පෝෂදායී ආහාර, ජලය, නින්දා අතවශයයි. එය ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට හොඳින් ක්‍රියා කිරීමට උදව් කිරීම හරහා රෝගයට එරෙහිව සටන් කිරීමට උදව් ලබා රෝගියාට ආහාර ලබා දීමේදී හොඳින් රත්කොට ආහාර ලබාදිය යුතු වේ.
දිනපතාම හුමාලය ඇල්ලීම විජලනයට පත්නොවීමට දියර ජාති උණසුම්ව පානය කළ යුතුයි. රෝගියා රෝහලකට ඇතුළු කරන තෙක් ඔහුගේ රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින. විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ අතර හුස්ම ගැනීමේ අපහසුව, ආයාසයෙන් හුම් ගැනීම. කරන ගතිය, හිසේ කරකිල්ල. පපුවේ වේදනාව, විජලන ලක්ෂණ ඇත්නම් සැලකිලීමත් වන්න. රෝගියා කුඩා දරුවකු නම් ආහාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම්, වෙනදා දක්වන හැසිරීමට වඩා වෙනස් වීම් විජලන ලක්ෂණ ගැන උනන්දු වෙන්න. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ වෛද්‍යවරයකුටද ඒ උපදෙස් මත කටයුතු කරන්න.
රෝගියාට ස්වසන අපහසුතාවක් නැතීබව දක්වන ප්‍රධාන ඉගිය වන්නේ මුඛ ආවරණය බොහෝ වේලාවක් කිසි අපහසුවකින් තොරව පැළඳසිටීමට ඇති හැකියාවය. එසිය හැකි නම් ඔහුට උග්‍ර ස්වසන අපහසුතාවක් නොමැති බව අනුමානයයි. එහෙත් හය අති පුද්ගලයකු මුඛ ආවරණ දමාගෙන වැර විය යොදමින් කතා කිරීමට උත්සාහ දරයි නම් ඔහුට සන අපහසුතාවක් ඇති බව නිගමනයයි. එවන් අවස්ථාවකදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට මේ බව දැන්වීමට නිවැසියන් කටයුතු කළ යුතුය.
අනෙකුත් වැදගත් කාරණය තමයි රෝගියා මොනයම් ලෙඩකට දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගන්නවා නම් ඒ බෙහෙත් නොකඩවාම ලබා ගත යුතුවීම. ඒඅනුව දියවැඩියාව, අධිරුධිර පීඩනය සේම හෘදයාබාධ රෝගීන් වෙත්නම් මෙම කාලයේදී සායන වලින් හෝ වෛද්‍ය උපදෙස් මත තමාට ලබා දී ඇති බෙහෙත් නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීමට අමතක නොකරන්න. රෝගියා නිවසේ සිටින කාලය ඇතුළත පිටස්තර පුද්ගලයන් නිවසට නොපැමිණිය යුතුය. නිවසේ සෙසු පුද්ගලයන්ද පළපු පෙළ ආශ්‍රිතයන් වන බැවින් ඔවුන්ද නිවස තුළම රැඳී සිටිමින් නිරෝධායනය විය යුතුය.
(මාධවී ධර්මරත්න)
0 Comments