covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 

ගාල්ල හබරාදුව

කොරෝනා ආසාදිතයකු වාර්තතාවීම නිසා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊයේ (30) සිට තාවකාලික වසා දැමූ බව ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.එම්. ශරිෆාස් මහතා පැවැසීය.. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරියකුට කොවින් ආසාදනයවීම නිසා එහි විසි දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගත් අතර ආයතන අංශයේ නිලධාරියකුද පෙරේදා ආසාදිත බවට තහවුරුවීම නිසා කාර්යාලය මෙසේ වසා දැමීමට පියවර ගත් බවද සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

 ගාල්ල උණවටුණ

 ගාල්ල උණවටුණේ මෑතකදී විවෘත කරන ලද තරු පන්තියේ සංචාරක හෝටලයක සේකයන් දොළොස් දෙනකු කොරෝනා ආසාදිතයන් බව ඊයේ (30) තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. මෙම පිරිසගේ පී.සී.ආර්. පරික්ෂණ ඊයේ (29) සිදුකොට තිබිණි. මොවුන් ප්‍රතිකාර සඳහා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් කීය.




මහව
 මහව-උදාගම ඇඟලුම් කමිහලක සේවිකාවන් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණ 13කින් කොරෝනා ආසාදිතයින් 47 දෙනකු හඳුනාගෙන ඇතැයි අඹන්පොල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වාර්තා කරයි.
අඹන්පොල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි 14 දෙනකු එම කොරෝනා ආසාදිතයෝ අතර වෙති.

 කිළිනොච්චිය
මේ දක්වාම කිළිනොච්චිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවූවද, ඉකුත් 29 දා දිනය තුළ කිළිනොච්චියෙන් කොරෝනා රෝගීන් 03 දෙනකු වාර්තා වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය..
මේ සමගම කිළිනොච්චියේ වැසියන්ට කොරෝනා රෝගය සම්බන්ධයෙන් මූලික දැනුවත් කිරිම් සිදු කිරිමේ. කටයුතු වඩාත් පුළුල් කළ බවත්, අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීතිරිති ගැන දැනුවත් කිරීම් සිදු කරන බවත්
උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය.
කිළිනොච්චියෙන් රෝගීන් හමු වූ ප්‍රදේශ පුරා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ කටයුතු ඊයේ (30 දා) සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව සඳහන් කළ එම කාර්යාලයේ නිලධාරින්, 29 දා දිනය තුළ කිළිනොච්චියෙන් හමුවූ රෝගීන් 03 දෙනාද ඇතුළුව උතුරු පළාතෙන් රෝගීන් 21 ක් හමු වී ඇති බවද සඳහන් කළේය.
එම 21 දෙනා හමු වී ඇත්තේ යාපනයෙන් රෝගීන් 14 ක්, වවුනියාවෙන් 3 ක්, කිළිනොච්චියෙන් 3 ක් හා මුලතිව්වලින් 91 ක් වශයෙනි.

හැටන් කොටගල
හැටන් කොටගල ලංකා බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරයාට  වෛරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිසා එම බැංකු ශාඛාව විසබීජහරණය කර බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ඉකුත් 30 දා පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය. එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරවරයාගේ බිරිඳට
කොවිච් වෛරසය ආසාදනය වී ඇති නිසා කළමනාකාරවරයා මීට ප්‍රථම ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණ.
සහකාර කළමනාකාරවරයා ඉකුත් 29 දා දික්කය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ සිදුකළ ඇන්ටිජන් පරික්ෂණය අනුව ඔහුට කොවිච් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.


පානදුර
 පානදුර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොවිච් ආසාදිත පුද්ගලයන් 100 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. මෙම අය පානදුර, වෑකඩ, හොරේතුඩුව, මාලමුල්ල, කෙසෙල්වත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පානදුර සෞඛ්‍ය බල ප්‍රදේශයේ පළමු පෙළ ආශ්‍රිතයන් 600 කට වැඩි පිරිසකට පී.සී.ආර්. පරික්‍ෂණ සිදුකළ බවද හෙතෙම වැඩිදුරටත් කීය.
පානදුර වෙරළ තීරයට පැමිණීමෙන් වළකින්නැයි පානදුර නගර සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් පානදුර නගර සභාවේ නන්දන ගුණතිලක මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවෙි ඒ මහතා සඳහන් කළේ වසංගත තත්ත්වය ඉහළ යමින් පවතින නිසා නැවත දැනුම් දෙන තුරු පානදුර වෙරළ තීරයට පැමිණීමෙන් වළකින ලෙසය.

ඇටම්පිටිය
ඇටම්පිටිය පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු කොවිඩ් ආසාදිතයකු ලෙස ඊයේ (30 දා) හඳුනාගෙන ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.  බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිචි ඇටම්පිටිය පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරයකු මෙසේ කොවිච් ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත. මෙම පොලිස් සැරයන්වරයා පෙරේදා (29 දා) රාත්‍රියේ සේවය නිමකර යතුරුපැදියෙන් සිය නිවසට යමින් සිටියදී ඇටම්පිටිය, ඇලෙවෙල ප්‍රදේශයේදී යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් තුවාල
ලබා ඇටම්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු බදුල්ල මහ රෝහලේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී මෙම නිලධාරියා කොවිච් 19 ආසාදිතයකු බවට හඳුනා ගෙන ඇත. මෙම පොලිස් නිලධාරියාට සාත්තු කිරීම සඳහා ඔහු ළග නතරවී සිටි ඔහුගේ පුත්‍රයාද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔහුද මේ වනවිට ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ. මෙම | මේ අනුව ඇටම්පිටිය පොලිසියේ ආසාදිත සැරයන්වරයාගේ ආශිතයන් අටදෙනකු පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කිරීමට නියමිතව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.


ගිරිබාව
ගිරිබාව රජයේ රෝහලේ සන්වාසිකව ප්‍රතිකාර ලබමින් සිට වෙනත් රෝහලකට මාරුකර යැවීමෙන් පසුව මියගිය  කාන්තාවකගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම බව තහවුරු වීම නිසා ගිරිබාව රෝහල පෙරේදා (29) සිට තාවකාලිකව වසා දැමූ බව රෝහල් බලධාරීහු පවසති.
මේ නිසා රෝහලට ගෙන්වාසික රෝගීන් ඇතුළත් කර ගැනීම හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදීම තාවකාලිකව නතර කළ බව රෝහල් බලධාරීහු කියති.
කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මියගොස් ඇත්තේ ගිරිබාව වරාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව පරික්ෂණවලදී අනාවරණය වූ බව ගිරිබාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රණවීර මහතා කියයි.
මේ කාන්තාව ගිරිබාව රජයේ රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට රෝගී තත්වය අසාධ්‍ය වූයෙන් ඇය තඹුත්තේගම මූලික රෝහලට මාරුකර යවා ඇති බව සෞඛ්‍ය බලධාරිහු කියති. එහිදී රෝගී කාන්තාව මියගොස් ඇති බවත් පසුව ඒ සම්බන්ධයෙන් කළ පරික්ෂණවලදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු කියති.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලාල් මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ ගිරිබාව රජයේ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනා අධි අවදානම් තත්ත්වයක සිටින නිසා රෝහල තාවකාලිකව වසා දැමු බවයි.

 බුත්තල
 බුත්තල නගරය ආශ්‍රිතව හා අවට ගම්මානවල පවතින කොවිඩි අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළඳසල් ඊයේ (30) සිට දින තුනක් වසා දැමෙනු ඇත. බුත්තල එක්සත් වෙළඳ සංගමයේ තීරණයකට අනුව මෙම වෙළඳසල් වසා දමා ඇති අතර ඊට සහාය පළ කරමින් යුදගනාව, උණවටුන, බුරුතහංදිය, පැල්වත්ත යන ස්ථාන ආශ්‍රිතව පිහිටි සියලු වෙළඳසල් වසා තැබීමට ව්‍යාපාරිකයෝ කටයුතු කළහ.
මේ අතර බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ පෙරේදා (29) දිනයේදී කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයින් නව දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී හඳුනාගත් බවය. පසුගිය දිනවල කළ පී.සී.ආර්. පරික්ෂණ 250ක ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බව ඔහු සඳහන් කළේය.


කළුතර
උතුරු කළුතර පොලිස් බල ප්‍රදේශයේ නිවසක මියගිය අයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ කලක් ඔත්පළව සිටි 78 හැවිරිදි අයෙකි. ඉකුත් 28 වැනිදා මොහු මියගොස් ඇති අතර සිදු කළ පී සී ආර් පරික්‍ෂණයේදී මොහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.

වීරකැටිය, වලස්මුල්ල

වීරකැටිය, වලස්මුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලදී හෙද නිලධාරිනියක්, ගුරුවරියක්, නාවික හමුදා නිලධාරියෙක්, ඇගලුම් කම්හල් සේකාවක්, ධීවරයෙක්, පාසල් සිසුවෙක් ඇතුලු කොරෝනා ආසාදිතයින් නම දෙනකු පෙරේදා (29 දා) හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කටුවන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් ප්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය රෝහලට ගිය අවස්ථාවේ කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත.
හොලවේල පදිචි ටෙලිකොම් ආයතනයේ සේවය කරන පුද්ගලයකුට කොළඹ පුද්ගලික රෝහලකදී සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදීඳ, වළස්මුල්ල රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් වූ ඔහුගේ බිරිඳට රෝහලේදී
සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇත.
වළස්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදීද වළස්මුල්ල පුද්ගලික දුරකතන සමාගමක සේවය කරන අය 25 හැවිරිදි තරුණයකුටද, ඉන්ධන පිරවුම්හලේ සේවය කරන පොම්ප ක්‍රියාකරුවකුටද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.
හක්මන මීඇල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් ප්‍රතිකාර ගැනීම සඳහා වළස්මුල්ල රෝහලට ගිය අවස්ථාවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී ද, තෝරකොලයාය ඇඟලුම් කම්හලේ සේවකයන්ට සිදු කරන ලඳ රැපිඩ්. ඇන්ටිජන් පරික්ෂණයේදී එහි සේකාවකටද, වීරකැටිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී ධීවරයකුටද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

 හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් විශේෂිත ප්‍රතිකාර ඒකකය සහ දන්ත ගල්‍යගාරය තාවකාලිකව වසා තැබීම සිදුකළ බව වලස්මුල්ල මූලික රෝහල පවසයි.

රත්ගම
දැනට හුදකලාකොට ඇති රත්ගම සෞඛ්‍යය වේද නිලධාරි කොට්ඨාසයට අයත් කටුදමිපේ හා ඉඹුලගොඩ යන ග්‍රාම නිලධාරි වසම්වල .සී.ආර්. පරිෂණවලට ලක්කළ පුද්ගලයන් 403 දෙනා ගෙන් 07 දෙනකුට කොරෝනාවෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙකී ගම්මානවල පදිංචි දැනට නිවෙස්වල නිරෝධායනය නොවන ප්‍රජාව පී.සී.ආර්. පරික්ෂණේවලට ලක්කළ බවද
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. පසුගිය 27 දා දිනය පුරා කටුදමීපේ, මොරටියාවත්ත, ඉඹුලගොඩ යන ප්‍රදේශවල ස්ථාන තුනකදී මෙකී ප්‍රජාව පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කරනු ලැබීය. මේ අතර කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් මෙකී ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 06 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු සිදුකළ පී.සී.ආර්. වලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ද රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

බණ්ඩාරගම
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ආයුර්වේද මධ්‍යස්ථානයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමත් සමග ඉකුත් 20 වැනිදා සිට එම මධ්‍යස්ථානය වසා දමා ඇත.  ඒ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අයකු කළුබෝවිල රෝහලේදී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.

කළුතර
කළුතර පොලිස් අධිකාරී කොට්ඨාසයෙන් පෙරේදා (29 දා) නව කොරෝනා ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන තිබේ.
ඒ උතුරු කළුතර 14 ක්, දකුණු කළුතර 11 ක්, අලුත් ම 03 ක්, දොඩම්ගොඩ 03 ක්, බේරුවල 02 ක්, පයාගල 02 ක්, බුලත්සිංහල 02 ක්, බදුරලිය 28 ක්, මීගහතැන්න 35 ක් හා අගලවත්ත 08 ක් වශයෙනි.

අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල නගරයේ සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු වාර්ත වීමත් සමග අවිස්සාවේල්ල නගරයේ රාජ්‍ය හා පෞද්ගලික වෙළෙඳසල් රැසක් තාවකාලිකව වසා දමා
ඇතැයි අවිස්සාවේල්ල සිතාවකපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. ආර්. වික්‍රමසිංහ මහතා පැවසීය.
අවිස්සාවේල්ල නගරයේ සිදුකළ පී. සී. ආර්. පරිණ 189 කින් 19 දෙනකු වාර්තා වූ බවත් අහඹු පී. සී. ආර්.
පරීක්ෂණ පෙරේදා (29 දා) අවිස්සාවේල්ල නගරයේ | සිදුකළ බවත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් නගරයට
පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.




වාරියපොළ
 වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඊයේ (30) උදැසන විට නව කොරෝනා ආසාදිතයින් 55 දෙනකු හමුවී ඇතැයි එම කාර්යාලය කියයි. හබරව ග්‍රාම නිලධාරි වසමෙන් ආසාදිතයින් 19 දෙනකු, මගුලාගම ග්‍රාම නිලධාරි වසමෙන් 06 දෙනකු සහ වේරපොල වසමෙන් 07 දෙනකු වශයෙන්ද ආසාදිතයින් හමුවී ඇති අතර තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසකින් ආසාදිතයන් වාර්තා වී ඇත.
මගුලාගම ප්‍රදේශයේ 150 ක පමණ පිරිසක් සහභාගි වූ විවාහ මංගල උත්සවයක 06 දෙනකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවත් තවත් පිරිසකට රෝග ලක්ෂණ ඇති බවත් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකෙ ගයාන් බණ්ඩාර මහතා පැවසීය. එම පිරිස් සඳහා ඉදිරි දිනකදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
තෙවෙනි රැල්ල ආශ්‍රිතව වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 90 කි.

හලාවත
වෛද්‍යවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු 17 දෙනකු ඊයේ (30 දා) පෙරවරු වන විට කොරෝනා වසංගතයට ගොදුරුවූවත් වශයෙන් හඳුනාගත හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර ඇති බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි.
මෙම වෛද්‍යවරයා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන හලාවත මයික්කුලමේ පදිංචිකරුවකු වන අතර ඔහු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හලාවත රෝහල් ශාඛාවේ නිලධාරියකු බවත් කියයි. පොලිස් කොස්තාපල්වරයා හලාවත මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු වන අතර බිංගිරිය ප්‍රසන්නගම පදිංචිකරුවකු බවත් කියයි.
සෙසු රෝගීන් හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන්හි පදිංචිකරුවෝ වෙති. මෙම රෝගීන් කොවිච් 19 වෙද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බවත් කියයි.

දංකොටුව
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ බිරියක් කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස තහවුරු වීම නිසා එම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 15 කගේ පමණ පී.ඩී.ආර්. පරීක්ෂණ ඉකුත් 28 වන දින සිදුකළ බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. සිංහල හින්දු අලුත් අවුරුදු නිමාවෙන් පසු දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුළ මේ වනවිට කොරෝනා වෙරසය ආසාදනය වූ රෝගීන් 135 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද එම කාර්යාලය පවසයි.

නිකවැරටිය
නිකවැරටිය නගරාසන්නයේ පිහිටි නරතන ශාලාවක හිමිකරුට සහ කළමනාකරුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සේවක පවුල් අටක්ද ඇතුලුව පුද්ගලයන් 25 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.  මේ වන විට එම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

බද්දේගම
 බද්දේගම සෞඛ්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ අලුත් අවුරුද්දෙන් පසු මේ වන විට කොරෝනා රෝගීන් 29 දෙනකු වාරිතා වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 466 දෙනකුගේ පිසිලාර් පරික්ෂණ යොමුකොට ඇත.
ඉකුත් දින කිහිපය තුළ ලබාගත් අදාළ පිසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල තවමත් නොලැබීමෙන් කොරෝනා රෝගීන් නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකි වීම නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
කොරෝනා රෝගීන් තිදෙනෙකු පෙරේදා (29) වැනිදා වාර්තා වී ඇති අතර බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යවක, වදුරඹ පන්විල ප්‍රදේශයේ පදිංචි යාපනය ගුවන් හමුදා කඳවුරක සේවය කරන නිලධාරියෙකු ද වල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවකු ද වේ . කොරෝනා ආසාදනය වූ ගුවන් භටයා නිවාඩු පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වෙන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරිහු නිගමනය කරති.

රත්ගම
 දැනට හුදකලාකොට ඇති රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් කටුදමපේ හා ඉඹුලගොඩ යන ග්‍රාම නිලධාරි වසම්වල පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කළ පුද්ගලයින් 403දෙනා ගෙන් 07දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලය පවසයි. මෙම ගම්මානවල පදිංචි දැනට නිවෙස්වල නිරෝධායනය නොවන ප්‍රජාව පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ බවද සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. පසුගිය (27) දිනය පුරා කටුදම්පේ, මොරෝවියාවත්ත, ඉඹුලගොඩ යන ප්‍රදේශවල ස්ථාන තුනකදී මෙකී ප්‍රජාව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරනු ලැබීය.

තිහගොඩ

 තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉකුත් විසිහත් වැනි දින අහඹු ලෙස සිදු කළ පී.ඩී.ආර්. පරීක්ෂණෙවලදී කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් හතර දෙනකු හඳුනාගෙන ඇතැයි තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි. අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ තුන්සිය අනූපහක් අතුරින් නාරිල්ලුව, වැල්ලතොට, සේන්දුගොඩ හා නරවැල්පිට යන ප්‍රදේශවල පුද්ගලයින් හතර දෙනකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. අසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකළ අතර ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසති.


අහංගම
 කොරෝනා වසංගත තත්ත්වය නිසා අහංගම නගරයේ වෙළඳ ආයතන තුනක් තාවකාලිකව වසා දැමූ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලය පවසයි.
මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය අහංගම ප්‍රදේශයේ පුද්ගලයකු සේවය කළ එළවළු වෙළඳසැලක්, එම ආසාදිතයා තේ පානය කළ තේ කඩයක්ද, පාවහන්
වෙළඳසැලක් අයිතිකරුගේ 11 හැවිරිදි පුතාට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම වෙළඳ සැලඳ අහංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.පී. ගයාන් අසංක මහතා විසින් වසා දමා ඇත.

බේරුවල
බේරුවල, සාවියා පාර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් කළමනාකරුවෙකු කොවිඩ් 19 ආසාදනය වී වෑත්තෑව ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බව බේරුවල පොලිස් ස්ථානයේ කොටිඩ් 19 පැතිර යාම වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කේ.ඒ.එස්.කේ. වික්‍රමආරච්චි මහතා ඊයේ (30) පැවැසීය. එම ආසාදිත පුද්ගලයා කැස්බෑව බොරලැස්ගමුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදිත වී බේරුවල නිවසේ සිට ප්‍රතිකාර මධ්‍යස්ථානයට බේරුවල පොලිසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත්ව යොමුකර තිබේ.

ආරච්චිකට්ටුව
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තරුපහේ හෝටලයක විදුලි ඉංජිනේරුවරයාට සහ එහි ප්‍රධාන පෙළේ ස්විකාවකට සිඳුකළ පී.සී. ආර් පරික්ෂණයකදී කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඒ අනුව එම අසාදිතයින් ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාරක මධ්‍යස්ථාන වෙතට යොමුකර ඇති අතර සෙසු සියලු සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවත් එම සේකයින් සේවයෙන් තාවකාලිකව ඉවත්කර නව සේවකයින් යටතේ හෝටලයේ කටයුතු සිදුකරගෙන යන ලෙසටත් හෝටල් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

කඹුරුපිටිය
 කඹුරුපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ නැවතුම්පොළේ ත්‍රිරෝද රථ රියැදුරකු, මාළු වෙළඳ සැලේ
සේවකයකු, මාපලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ කොළඹ පිහිටි පුවත්පත් ආයතනයක සේවය කරන්නකු ඇතුළු සිව් දෙනකු කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොවිඩ් 19 අසාදිතයින් ලෙස හඳුනාගෙන සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා අසාදනය වී ඇති බව හඳුනාගත් උල්ලල, මාස්මුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරා කොළඹ රැකියාවක නිරත වන අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණීමෙන් පසු ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් යාමට කටයුතු කර තිබෙන බව කියති.
මෙම කොරෝනා රෝගීන් හඳුනාගැනීමෙන් පසු රජයේ ආයතන, පුද්ගලික අංශයේ කර්මාන්තශාලා, වෙළඳසැල් සේකයින්, ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු තෝරාගත් පුද්ගලයින් 184 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.


සියඹලාණ්ඩුව‍
බණ්ඩාරවෙල සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් කොරෝනා වැළඳුණ ආසාදිතයින් 15 දෙනකු (29) දින හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. සියඹලාණ්ඩුව නගරයෙන් තිදෙනකු බුදම ප්‍රදේශයෙන් තිදෙනකු හිරිපිටිය හන්දියෙන් පාසල් දරුවකු හා පොලිසියේ 06ක් මේ අතර වන බව ඔවුහු පැවැසූහ.
 සියඹලාණ්ඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හෙළමුල්ල හා ගල් අමුණ ග්‍රාම නිලධාරි වසම් (30) දින සිට හුදෙකලා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එම ග්‍රාම නිලධාරි වසම්වලින් මේ වන විට කොවිච් වැළඳුණු පුද්ගලයින් 22ක් හමුවී ඇති අතර සිදුකළ පරීක්ෂණවල තවත් ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් ඔවුහු සඳහන් කරති.

අලුත්ගම
අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ ප්‍රදේශයේ එකම නිවසේ මව පියා සහ දියණියන් දෙදෙනාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයකින් කොවිච් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොරෝනා පැතිර යාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරියෙක් පැවසීය. මෙලෙස ආසාදිත නිවසේ මවුපියන් වයස අවුරුදු 42, 38 සහ දරුවන් අවුරුදු 10, 07 වයස්වල පසුවන්නන් බවත් දරුවන් අලුත්ගම නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය හදාරන බවත් එම නිලධාරියා පැවැසීය.

පාදුක්ක
 පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පුද්ගලයින් 56 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරිෂ්ණවලින් ලද වාරතා අනුව  30 දෙනෙකුට කොටිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පාදුක්ක පරිපාලන මහජන සෞඛ්‍ය පරීක ගයාන් මඩමවත්ත මහතා පවසයි. | මෙම 30 දෙනාගෙන් 25 දෙනෙකු පාදුක්ක සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිරෝධායන කාල සීමාව පසුකර සිටි පිරිසක් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් බවත් වාර්තාවේ.


යටලමත්ත
 මංගල උත්සවයක නව දෙනකු හැඩකිරීමට පෙරේදා (29) වැනිදා උදැසන සම්බන්ධ වූ යටලමත්ත ප්‍රදේශයේ රුපලාවන්‍යාගාර සේවිකාවක ඇතුළුව ඇයගේ පවුලේ පදෙනකුට හැන්ද වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

අම්බලන්ගොඩ

මේ වන විට සිය බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් හතළිහක් වාරතා වී ඇති බව අම්බලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා එම නගර සභාවේ ලේකම්, රියදුරන් දෙදෙනකු ඇතුළු හතර දෙනෙකු මේ අතර සිටින බව ද එම කාර්යාලය සඳහන් කරයි. සිය බල ප්‍රදේශයේ ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙන් බවත් ඒ සංඛ්‍යාව පහළවක් බවත් අම්බලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.ආර්. පාලිත මහතා කීව්වේය.


අනුරාධපුර
 අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් තුනකින් පෙරේදා (29) දහවල් 12.00 සිට ඊයේ (30) දහවල් 12.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා රෝගීන් තුන් දෙනෙකුගේ මරණ වාර්තාවී තිබුණි.
අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සෝමතිලක මහතා සඳහන් කළේ පෙරේදා පස්වරුවේ තඹුත්තේගම මූලික රෝහලෙන් එක් මරණයක් වාර්තතා වූ බවයි. අනෙක් මරණ දෙකෙන් එකක් ඊයේ උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙක්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර ඒකකයෙන් ද අනෙක් මරණය ඊයේ පෙරවරුවේ කැබිතිගොල්ලෑව මූලික රෝහලෙන් ද වාර්තා වූ බව ඒ මහතා පැවැසීය.

හික්කඩුව
හික්කඩුව දිසා රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන පෙරේදා (29) වන විට දෙසිය පනස් දෙක දක්වා ඉහළ ගොස් ඇති අතර එහි තිබෙන ඇඳන් සියල්ලම පිරි ගොස් ඇතැයි එම රෝගල් ආරංචිමාර්ගයෙන් දැනගන්නට ලැබුණි.


පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය

පාර්ලිමේන්තුවේ ඉංජිනේරු සේවා හා භාෂා පරිවර්තක  අංශවලින් කොවිඩ් යයි සැක සේවයන් දෙදෙනකු හමුවීම නිසා එම අංශවල ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ දස දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ද ඔහු කීය.
කොවිච් සැක දෙදෙනා හමුවීමෙන් පසුව එම අංශ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කර ඇතැයි එහි ආරංචිමාර්ග සඳහන් කරයි.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තර පිරිස් පැමිණීම ද නතර කළ බව එහි නිලධාරියෙක් පැවැසීය.

ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය
රජයට අයත් ස්වාධීන රූපවාහිනී කාර්ය මන්ඩලයේ 50 දෙනෙකු පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති අතර ඒ අය අතර ප්‍රකට රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ද සිටින බව දැනගන්නට ලැබේ. පීසීආර් පරීක්ෂණ වලදී දිනපතා රෝගීන් වාර්තාවීම සුලබ කරුණක්වී ඇත. සේවිකාවකගේ පවුලේ ස්වාමි පුරුෂයාට කොරෝනා ආසාදනය උත්සන්නවීම නිසා මරණයට පත්වීමේ සිදුවීමක්ද කොහුවල ප්‍රදේශයෙන් වාර්තාවී ඇත.
මේ අතර සේවකයින් අවම ප්‍රමාණයක් පවත්වායාමට රජයෙන් උපදෙස් දී ඇති නමුත් පාලනාධිකාරිය කොරෝනා වාර්තාවීම් සැලකිල්ලක් නොදක්වා පුරුදු පරිදි සේවකයින්ට සේවය සදහා වාර්තාකරන්නට උපදෙස් දී ඇති බවද දැනගන්නට ලැබේ.