හලාවත ප්‍රදේශයේ ලැගුම් හලක හිමිකරුවකු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනා ගැනීම නිසා එහි නවාතැන් ගෙන සිටි ටෙලිනාට්‍යයක කාර්මික ශිල්පීන් පිරිසක් සහ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. හලාවත ප්‍රදේශයේ දී රූගත කිරීම් සිදුකරන ටෙලි නාට්‍යයක රූගත කිරීම් කටයුතුවලට එක්වීම පිණිස කාර්මික ශිල්පීන් 14 දෙනෙකු පැමිණ හලාවත බණ්ඩාරවත්තේ පවත්වා ගෙන යන පෞද්ගලික ලැගුම් හලට පැමිණ ගත වූ සති දෙකක පමණ කාලයක සිට නවාතැන් ගෙන සිටි බවත් කියයි.
ඒ අතර ලැගුම්හලේ හිමිකරු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනාගත් බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වහාම පෙරේදා (1 වැනිදා) හලාවත පොලිසිය සමග එම ලැගුම්හලට ගොස් එම ලැගුම්හලෙහි ඒ වන විට ලැගුම් ගෙන සිටි පිරිස නිරෝධායනයට ලක් කිරීමට නියම කර ඇති බවත් කියයි. මේ අනුව එම ටෙලිනාට්‍ය කාර්මික ශිල්පීන් පිරිස ද එම ලැගුම්හලේම නිරෝධායනයට යොමුකර ඇති බවත් කියයි.හලාවත පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයකු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඔහුට ප්‍රතිකාර ලබා දීම පිණිස නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයකට යොමු කිරීමෙන් පසු එම ඒකකයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ද මෙසේ නිරෝධායනයට යොමු කළ බවත් කීය.
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
0 Comments