කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවක් අද (09) සවස මියගිය බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.
ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවන ගැබිණි කාන්තාව වෙයි.
ඇය මුලින් ප්‍රතිකාර ලබමින් සිටියේ මුල්ලේරියාව රෝහලේය. ඇයට එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ප්‍රතිකාර කිරිමට අවශයතාවක් පැනනැගුණ නිසා ලංකාවේ පිහිටා ඇති එකම එක්මෝ යන්ත්‍රය පිහිටි කරාපිටිය රෝහල වෙත ඇයව මාරු කර තිබුණි. මුල්ලේරියාවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කර තිබු නමුත් සිහි මුර්ජා තත්ත්වයෙන් ම ඇය මීට දින කිහිපයකට පෙර මළ දරු උපතක් සිදුකර තිබූ අතර මරණය සිදුවූයේ අද (9) දිනයි.
0 Comments