දියතලාව කහගොල්ල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිනි මවක් දරු ප්‍රසූතිය සඳහා ඊයේ (19 වැනිදා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිලිඳා මියගොස් ඇතැයි දියතලාව මූලික රෝහල් ආරංචි මර්ග පවසයි.
කොවිඩ් ආසාදිත වී ගැබිනි මව ප්‍රතිකාර සඳහා මීට දින කිහිපයකට පෙර කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් දරුවාගේ මරණයට හේතුව අඩු මාසයකින් උපත සිදුවීම බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සති 21 දී බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
0 Comments