මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
රත්මලාන
රත්මලාන පිහිටි රාජ්‍ය බැංකුවක කළමනාකාරිණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට 18 වන දින සනාථ වීම නිසා එදින සිට දින දෙකක් බැංකුව වසා දමා කාර්ය මණ්ඩලය 14ක් නිවාස නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු පැවසිය. මේ අනුව කළමනාකාරිණීය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමට ද ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලය 14ක් නිවාස නිරෝධායනට 18 වන දින සිටම යොමු කරනු ලැබිණැයිද දින දෙකකින් පසු බැකු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණය කර නව කාර්ය මණ්ඩලයක් යොදවා රාජකාරි කටයුතු සිදුකරගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික රෝහල
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අගයේ විකිරණවේදීන් 13 දෙනකුට තොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි. සහ සීටී ස්කැන් අංග වසා දමනු ලැබ ඇත. දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනකු කොවිඩ් 19 වයිරසයට ගොදුරුවී ඇතැයි ද එයින් 13 දෙනකුම ජාතික රෝහලේ විකිරණවේදීන් බවද විකිරණ විද්‍යා තාක්ෂණන්වේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිති ඈපා මහතා පැවැසීය.
ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව සිටින්නේ යැයි කී ඈපා මහතා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල්වල සිටින්නේ සියයට පනහක පිරිසක් යැයි ද කීවේය. පවතින තත්වය තම සේවාව දැඩි අර්බුදයකට යොමු කරමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය. රජයේ සේවයේ ගැබිනි මවුවරුන් සේවයට නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව තිබිය දී පොළොන්නරුව රෝහලේ සේවය කරන ගැබිනි විකිරණ තාක්ෂණවේදීනියකට සේවයට එන ලෙස රෝහල් අධ්යක්ෂවරයා බල කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
කුරණ
මිගමුව වැඩිම කොවිඩ් රෝගීහු කුරණීන් යන සිරස්තලය යටතේ ලංකාදීප පත්‍රයේ ඊයේ (16) පළවූ පුවත ගැන කරුණු පැහැදිලි කරන මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක (පරිපාලන) වසන්ත සෝලංගආරච්චි මහතා ඉකුත් ඔක්තෝබර් සිට මෙම මස දක්වා කාලයේ කුරණ මහජන සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 46 දෙනකු හඳුනාගත් බව පවසයි. කෙසේ වුවද කුරණීන් කෝවිඩ් ආසාදිතයන් 1250 ක් හමු වූ බව සඳහන් වූවේ ප්‍රමාද දෝෂයකිනි.
කළුබෝවිල රෝහල
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල රෝහල) වෛද්‍යවරුන් දෙදෙනකු කොවිඩ් 19' ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව එම රෝහලේ වැඩබලන අධ්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසීය. එම වෛද්‍යවරුන් දෙදෙනා තුන සහ හතර වාට්ටුවල සේය කරන බවත් ඔවුන්ගේ ආසාදිතයන් නිරෝධානය කරන ලෙස උපදෙස් දී ඇති බවත් විජේසිංහ මහතා පැවසීය.
ආසාදිතයගේ ආශ්‍රිතයන් නිරෝධානය කරනවාද? නැද්ද? යන තීරණය ක්ෂුද්‍ර ජීවි විශේෂඥයකු ඇතුළු වෛද්‍යවරුන් ගන්නා තීරණයක් බවත් එම වෛද්‍යවරුන් සමඟ සේවය කළ සෙසු පිරිස සමීප ආශ්‍රිතයන් නොවේ නම් සේවා අවශ්‍යතාව මත සේවයට කැඳවිය හැකි බවත් විජේසිංහ මහතා කීය.
අත්තනගල්ල
අත්තනගල්ල එල්ලක්කල කටුලන්දවත් පුද්ගලයන් දාහත් දෙනකුට අලුතින්කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. පසුගියදා සිදුකොට ඇති පී.සී.ආර්. පරික්ෂණ දෙසිය විස්සක් අතරින් එන්සේ දාහත් දෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) වාර්තා වූ බව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සපත් දිසානායක මහතා පැවසීය.
ඉදුරුව
බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ගතවූ දින දෙකක දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 40 දෙනතු වාර්තා වී ඇතැයි බෙතොට ඉඳුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිහාල් රණසුරිය මහතා පෙරේදා (17)පස්වරුවේ පැවසීය. බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බෙන්තොට, කර්මාන්තශාල දෙකකින් කොරෝනා ආසාදිත කාන්තාවන් 4 දෙනෙක් ඇතුළු රතොටුවිල, පහුරුමුල්ල, ආරච්චි මුල්ල ගලබඩ, අතුරුවැල්ල, සිංහරූප ගම, බෝපේ, කයිකාවල, හෙට්ටිගොඩ, ඔලගන්දුව යන ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 40 දෙනෙකු හමුවී ඇතැයි බෙන්තොට පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බියගම
බියගම නිදහස් වෙළඳ කලාපයේ ආයතනවල සේවය කරන තවත් සේවකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බියගම පොලිසිය ඊයේ (18) පෙරවරුවේ පැවසීය. මේ අනුව මේ වනවිට බියගම පොලිස් බලප්‍රදේශයේ තුන්වැනි කොරෝනා රැල්ලේ කොරෝනා ආසාදිතයන් ගණන 96 දක්වා ඉහළ නැග තිබෙන අතර ඉන් 21 දෙනකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිය නිවෙස් වෙත පැමිණ තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි. මේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 269 දෙනකු මේ වනවිට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බවත් පොලිසිය කියයි.මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී 52 හැවිරිදි දෙදරු පියකු මියගොස් සිටින බව ද පොලිසිය කීය.
පිටිපන
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණෙන් මිගමුව පිටිපන ප්‍රධාන මාළු වෙන්දේසිපොළ (පිටිපන ලෙල්ලම) වසාදමා ඇති බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එකේ.යූ.කේ. ගුණරත්න මහතා 18දා පැවසීය. මෙම මත්ස්‍ය වෙළඳපොළන් කොවිඩ් ආසාදිතයන් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඊට අමතර පිට පළාත්වලින් මසුන් මිලදී ගැනීමට වෙළඳුන් මෙන්ම සමාජ ජනතාව විශාල වශයෙන් පැමිණේ. මෙම තත්වය සැලකිල්ලට ගෙන කොවිඩ් උවදුර පැතිර යාම වැළැක්වීම සඳහා මීගමුව ප්‍රධාන මත්ස්යය වෙළඳපොළ තාවකාලිකව වසා ඇතැයි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. කේ.යූ.කේ. ගුණරත්න මහතා පැවසීය.
නිට්ටඹුව
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම නිසා නිට්ටඹුව නගරයේ අගහරුවාදා සති පොළ දෙවෙනි වතාවටද ඊයේ(18) ඉබිඅගුල් යොදා මුළුමනින්ම වසා දමා තිබුණි. වෙළෙඳුන් කිහිපදෙනකු සතිපොළේ ප්‍රධාන දොරටුවෙන් පිටත වෙළඳාම් කිරිම සඳහා පැමිණි බව ද එම පිරිස ආපසු හරවා යැවූ බව ද සතිපොළ අසල එළවළු වෙළෙඳසල් ව්‍යාපාරිකයෙක් අප හා පැවසීය.
ගම්පහ
ගම්පහ දිස්ත්‍රිකයෙන් කොරෝනා ආසාදිතයින් 404 දෙනකු ඊයේ (is)උදෑසන වනවිට ගත වූ පැය 24ක කාලය තුළ හමුව ඇති බවත් මින් 80 දෙනකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් සිදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 202ක් රෝහල් ගතව ඇති බව සඳහන් කළ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා, ආසාදිතයින් 302 දෙනකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්ෂේත්රයෙන් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින් ද 192 දෙනකු රෝහල් මගින් සිදු කළ පරික්ෂාවන් හිදී ද හමුව ඇති බවත් පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 15 අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් - 73 ක්, වත්තල - 51ක්, මහර - 50 ක්, අත්තනගල්ල සහ බියගම කොට්ඨාසයගෙන් 34 බැගින් ද, මීරිගම - 30 ක්, දොම්පෙ සහ ජාඇල - 25 ක් බැගින් ද, කටාන - 22ක්, දිවුලපිටිය සහ ගම්පහ - 15 බැගින් ද, මීගමුව - 14ක් සහ රාගම කොට්ඨාසයෙන් 5 දෙනකු වශයෙන් හමුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. පුද්ගලයින් 262,617 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයකට භාජනය කොට ඇති අතර 'සයිනොෆාම්' එන්නත දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 162,682 දෙනකු සඳහා ලබාදීමට පියවර ගෙන ඇත.
කටාන
කටාන සෞඛ්‍ය කොට්ඨාසයෙන් ඊයේ (18)සවස කොරෝනා ආසාදිත රෝගීන් 173 දෙනකු වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පවසයි. වාර්තා වූ ආසාදිතයන් 173 දෙනා මීට පෙර කටාන ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයගේ පළමු ආශ්‍රිතයන් බවත් ඔවුන් පිරිස නිරෝධායනයට ලක්කරමින් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් මෙම තහවුරු කරගැනීම කරගත් බව ද කුලතිලක මහතා කීය.
ගම්පොළ
ගම්පොළ මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ද කොරෝනා වයිරසයට ගොදුරුව සිටින අතර ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශ මගින් ඔවුන් 14 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයකදී ඉන්පස් දෙනෙකුම ආසාදනයට ලක්ව ඇති බව හෙළි වී ඇත.
මෙම පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මුලින්ම රෝගීව හමුවී ඇති අතර ඒ අනුව මෙම 14 දෙනා අතර පොලිස් කාන්තාවන් තිදෙනෙකු හා නිලධාරීන් දෙදෙනෙකු ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඉතිරි නිලධාරීන්ටද ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි.
කළුතර
කළුතර බන්ධනාගාරයෙන් නව කොරෝනා ආසාදිතයන් 05 දෙනකු පෙරේදා (17 වැනිදා) හඳුනාගෙන තිබේ.
කළුතර බන්ධනාගාරයට අලුතෙන් ඇතුළු කරන සියලු රැඳවියන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කෙරෙන අතර ඒවායේ ප්‍රතිඵල ලැබෙනතුරු වෙනම රඳවා තැබීමට පියවර ගෙන ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 179 දෙනකු පෙරේදා (17 වැනිදා) හඳුනාගෙන ඇත. පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයන් වාර්තා වූයේ මෙසේ ය.
ඒ වරකාගොඩින් 22, දොඩම්ගොඩ 04 ක්, පයාගල 17ක්, දකුණු කළුතර 14, උතුර කළුතර 40 ක්, අලුත්ගම 09 ක්, මීගහතැන්න 16ක්, අගලවත්ත 06 ක්, මතුගම 10 ක්, ඉත්තපාන 01 ක්, බුලත්සිංහල 04 ක්, පානදුර දකුණ 15 ක්, පානදුර උතුර 07 ක්, වාද්දුව 07 ක්, මොරොන්තුඩුව 03 ක් හා මිල්ලනිය 02 ක් වශයෙනි.
පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 20 දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවූ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (18 වැනිදා) දින පැවසීය. මාදුලාව ප්‍රදේශයෙන් 14 දෙනෙක්ද, පාදුක්ක ප්‍රදේශයෙන් 06 දෙනෙක්ද වශයෙන් මෙලෙස හඳුනාගෙන ඇත.
සියඹලාණ්ඩුව
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව 17 දින රෝගීන් 14 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
කොටාගොඩ ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවැති නිවසක හතර (4) ක්ද සියඹලාණ්ඩුව රෝහල පිටුපස මංගල්‍යයක් පැවැති නිවසක තිදෙනකු ද ඇතිමලේ හා හිරිපිටිය ප්‍රදේශයෙන් ඉතිරි අයද හමු වූ බව ඔවුන් කියයි. කෙසේ වුවද, මැයි මස 09 දින සිදු කරන ලද පී.සී.ආර්. ප්‍රතිඵලවලින් මෙම රෝගීන් හමු වූ අතර ඊට පසුව කරන ලද පරීක්ෂණ ප්‍රතිපල ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ ය.
කෑගල්ල
මෙරට කොරෝනා අලුත් අවුරුදු පොකුරත් සමග කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 6041 දක්වා වැඩි වී ඇති අතර කොරෝනා ආසාදනයෙන් පුද්ගලයින් 52 දෙදෙනකු මේවන විට මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ සඳහන් කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සමස්ත ආසාදිතයින් 6041 අතරින් ආසාදිතයන් 4911 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 1007 කී. අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් පහත පරිදි ආසාදිතයින් වාර්තා වේ. කෑගල්ලෙන් ආසාදිතයින් 878 ක්ද, වරකාපොළින් ආසාදිතයින් 792 ක්ද, රඹුක්කනින් 494 දෙනකුද, මාවනැල්ලෙන් 483 දෙනෙකුද වාර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කර සිටී.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 6 ක් ලෙස ක්‍රියාත්මක වන අකර පින්නවල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පුද්ගලයන් 321 දෙනෙකු ද, රඹුක්කන රෝහලේ කොරෝනා රෝගීන් 59 දෙනෙකුද, උදුගොඩ රෝහලේ 117 දෙනෙකුද, වරකාපොළ රෝහලේ ආසාදිතයින් 191 දෙනෙකුද, බෙලිගල 46 දෙනෙකු හා කිතුල්ගල 52 වශයෙන් 17 දින සවස් වරුව වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 52 දක්වා වැඩි ඇති අතර මේ දිනවලදී සංචරණය හැකිතාක් සීමා කර අත්‍යවශ්‍යම කාරණයකට හැර නගරවලට පැමිණීමෙන් වළකින ලෙස අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.
මාරවිල
මාරවිල - තල්විල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල්තෙල් කර්මාන්ත ශලාවක සේවකයින් 42 කුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
එම පොල්තෙල් කර්මාන්ත ශාලාවේ සේවය කරන වැඩ පරිපාලකයින් සහ සුළු සේවකයින් එම ආසාදිතයන් අතර වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. හඳුනා ගෙන ඇති ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරමින් සිටී.
රත්නපුර
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24 තුළ දී පමණක් නව කොවිඩ් ආසාදිතයින් 205 දෙනෙකු හමු වී ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය. ඒ සමග ආසාදිතයන් ගණනද 6409ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වෛද්‍යවරයා පැවැසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා, මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ සංඛ්‍යාවද 36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර එම ගණන 1095ක් වනවා. ඉන් 630 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඊළඟට ආසාදිතයින් වාර්ථා වී ඇත්තේ කුරුවිට කොට්ඨාසයෙන් වන අතර එම ගනන 893ක් වනවා. රත්නපුර නගර කොට්ඨාසයෙන්ද ආසාදිතයින් 555 දෙනෙකු වාර්ථා වී ඇති බවද වෛද්‍යවරයා පැවසීය.
0 Comments