covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පසුගියදා පාදුක්ක සති පොළ භූමියේ පුද්ගලයන් 312 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 30 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරී කාර්යාලය පවසයි. මෙම පිරිස මේ වන විට හුදකලා කර ඇති උග්ගල්ල ග්‍රාම නිලධාරි වසමේ සහ බල ප්‍රදේශයේ අනෙකුත් ග්‍රාමනිලධාරි වසම්වල බව සෞඛ්‍ය අංශ පවසයි.

වාද්දුව
වාද්දුව නගරයේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසල් දින දෙකක් වසා තබන ලෙස දැනුම් දුන් බව වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංග පෙරේරා මහතා පැවසීය.
කොවිඩ්19 අවදානම හේතුවෙන් පානදුර කෝවිඩ් මර්දන කමිටුව එළැඹි තීරණයකට අනුව එම දැනුම්දීම කළ බවත් ඖෂධ සහ ආහාරපාන අලෙවිසල් ආදී අත්‍යවශ්‍ය වෙළෙඳසල් වසා නොතබන බවත් වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.



ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (6) උදෑසන වනවිට ගතවූ පැය 24 දී හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
කොවිඩ් නව රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා (6) උදෑසන වන විට 22,295 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බවත් පැය 24ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගම්පහ කොට්ඨාසයෙන් 58ක්, මිනුවන්ගොඩ 47ක්, මීරිගම 37ක්, මහර 36ක්, වත්තල 31, ජා ඇල 30ක්, සීදුව 29ක්, මීගමුව 23ක්, කැලණිය සහ රාගම 21 බැගින්, අත්තනගල්ල 20ක්, කටාන 10ක් දිවුලපිටිය 18ක් සහ බියගම කොට්ඨාසයෙන් 16 දෙනකු වශයෙන් හමුවූ බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය. පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 399 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කළ පරික්ෂක්ෂාවන්හිදී
ක්ෂේත්‍රයෙන්ද, ආසාදිතයින් 16 දෙනෙකු රෝහල් මගින් සිදුකළ පරික්ෂාවන්හිදීත් හමුව ඇති බව සඳහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, ආසාදිතයිගේ පළමු පෙළ ආශ්‍රිතයින් 11,960 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව ද කීය.

කටාන
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් දෙමන් හන්දිය ප්‍රදේශයේ පිහිටි නිවාස ඉදිකිරීම්වලට අවශ්‍ය සෙවිලි තහඩු ඇතුළු භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකින් කොවිඩ් වෛරසය ආසාදිත වූ සේවකයින් 15 දෙනකු ඊයේ හමුවු බව දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. ඒ. යු. ටී. කුලතිලක මහතා පැවසීය.
මෙම ආයතනයේ සේවක සේස්විකාවන් මෙයට පෙර අවස්ථා දෙකකදී පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලට යොමුකළ බවත් එහිදී ආසාදිතයන් 24 දෙනකු හදුනාගෙන ඇති බවත් හෙතෙම පැවසීය. මෙම ආයතනයේ දෙසීය පනස්දෙනකු පමණ සේවය කරන බවත් ආසාදිතයන් ලෙස එයිත් 34 දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බව කී පරිපාලන මහජන සොබ පරික්ෂක කුලතිලක මහතා ඉතිරි අය කොටසක් ආශ්‍රිතයන් ලෙස නම් කර නිරෝධායනයට ලක් කර ඇති බවද පැවසීය. ගතවූ පැය 24 තුළදී කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසමයන් 41 දෙනකු හමු වූ බවත් ඔහු වැඩිදුරටත් කීය.

සීදුව
කටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසය තුළ ඊයේ (7) දින කොරෝනා ආසාදිතයන් 73 දෙනකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.
එසේම මීට දින දෙකකට පමණ පෙර සිදු කළ පී.සී.ආර්. පරික්ෂණේ 325කින් 52 දෙනකු කොරෝනා ආසාදිතයන්
ලෙස තහවුරු වී තිබේ. එම ආසාදිතයන් පිරිස ද 05/07 දිනයේ වාර්තතා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ඇතුළත් වී තිබේ. | එසේම මීට පෙර දිනවල ද වාර්තතා වී ඇති කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් ද මෙම කොට්ඨාසය තුළ සිටින අතර ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතය.

ගාල්ල

ගාල්ල. ගිංතොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතර වී සිටින ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට ඊයේ (07) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි. වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු ද අවුරුදු 5, 6, 9 යන
වයස්වල පසුවන දැරියන් තිදෙනකු ද මෙලෙස ආසාදිතයන් බවට පත්වී ඇති අතර ඔවුහු ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකරුවෝ වෙති. ඔවුනට කොරෝනා ආසාදිත බව ඉකුත් 5 වන දින සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇත.
ඔවුන් ඉකුත් අප්‍රේල් 30 වැනි දා මෙම හෝටලයට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.


වැලිගම

උණ සහ සෙම්ප්‍රතිශ්‍ය ව තිබූ වැලිගම, මලපලාව ප්‍රදේශයේ පුද්ගලයකුට මැයි 06 දින සවස හතරට පමණ හුස්ම ගැනීමට අපහසුතා ඇති වූ හෙයින් ඔහුගේ පවුලේ අය විසින් අදාළ පුද්ගලයා 1990 ගිලන් රථයක් ගෙන්වා ගන මාතර මගඅරගලට ප්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව හඳුනාගෙන ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බවයි. පසුව රෝගියාට ප්‍රතිකාර ලබා දීම සදහා හම්බන්තොට මහරෝහලට පිටත් කර යැවිමට සුදානම් කර ඇත. එහෙත් සවස හයයි තිහ වනවිට එම රෝගීව සිටි පුද්ගලයා මාතර මහරෝහල තුළදී මියගොස් තිබෙන අතර ඔහුගේ ආදාහන කටයුතු ඊයේ 07 මාතර ආදාහනාගාරයේ දී සිදු කෙරිණි. මියගිය පුද්ගලයා වරායේ රැකියාව කළ විශ්‍රාමික අයෙකි.


දඹුල්ල ගලේවෙල
ගලේවෙල දිග්ගල පැවති මංගල සාදයකට සහභාගිවූ පිරිසක් ඇතුළු පුද්ගලයන් තිස්දෙනෙකු (30) සම්බන්ධයෙන් ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකුමරුන් විසින් සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂාවේදී ඔවුන් සියලුදෙනාම ආසාදිතයන් බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
සෙඛ්‍යා නිලධාරින්ගේ අවසරයක් නොමැතිව මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මෙසේ හමුවූ කොරෝනා වෙරසය ආසාදිතයින් ගෙන් බහුතරය මෙම මංගල සාදයට සහභාගිවුවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් භාවිතයද ඉතා තදින් දක්නට ඇති බැවින් මෙම වෛරසය පැතිරයෑමට එම තත්ත්වයද බෙහෙවින් බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙති. ආසාදිතයන් සියලුදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවන තෙක් ඔවුන්ගේ නිවෙස්වලම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත රඳවා ඇතැයිද ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පැවසීය.


කිළිනොච්චිය
කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 20 දෙනකු 7 දා හමු වී ඇති අතර ඉන් 24 දෙනකුම පොලිස් නිලධාරීන් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළේය. මෙම පොලිස් නිලධාරින් 21 දෙනා කිළිනොච්චිය හා කිළිනොච්චියේ අක්කරායන්කුලම පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ අය වෙති. කොරෝනා රෝගය වැළදුණු පොලිස් නිලධාරින් සමග ඇසුරු කළ හා එකට රාජකාරි කළ සියලුම පොලිස් නිලධාරින් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

තිරප්පනේ
කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයේ ආසාදිතයන් ගණන 103 දක්වා ඉහළ ගොස් ඇතැයි කැකිරාව සෞඛ්‍ය  නිලධාරී කාර්යාලය පවසයි. ප්‍රාදේශීයේ සෞඛය සේවා බල ප්‍රදේශය තුළ කළ පරික්ෂණ අනුව නව කොවිච් රෝගීන් පදෙනකු හඳුනාගෙන ඇත. මොවුන් මුරුගාහිටිකන්ද, ඔළුම්කරඥ, මෙගොඩවැව යන ප්‍රදේශවලවල පදිංචිකරුවෝ වෙති.
මේ අනුව 07 දා උදෑසන වනවිට කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද නිලධාරී කොට්ඨාස අළුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 48 දෙනා සමග ආසාදිතයින් ගණන 103 දක්වා ඉහළ ගොස් තිබේ. ඉකුත් 06දා පී.සී.ආර්. පරිකෂණ 37 ක් සිදුකර ඇත. ඒවායේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී. මේ අතර රෝහල ඉඩ නොමැතිකමින් ආසාධිතයන් 20 දෙනෙකු නිවෙස්වල රදවාගෙන ඇත. පවුල් 98 ක පුද්ගලයන් 114 දෙනෙකු නිරෝධායනය කර සිටී.


දෙබරවැව
හම්බන්තොට මහ රෝහලේ සේවය කරන තිස්සමහරාම වීරවිල, කුඩාගම්මාන එකොළහ ප්‍රදේශයෙහි පදිංචි හෙද නිලධාරිනියක ඇතුළු තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අලුතින් හදුනා ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාරයාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර විජේමුණි මහතා ඊයේ (07 දා) පැවසීය.
සෙසු පුද්ගලයන් දෙදෙනා පවුලේ අඹුසැමි යුවළක් වන අතර ඔවුන් තිස්සමහරාම, දෙබරවැව ජිනරතන මාවතේ පදිංචිකරුවන් වේ.  තිස්සමහරාම ජුල්පල්ලම ග්‍රාම නිලධාරි වසමෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ග්‍රාම නිලධාරි වසම් 17 ක් පුරා පැතිරයෑම හේතුවෙන් මේ වනවිට තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් අවුරුදු කොරෝනා පොකුරේ අසාදිතයන්ගේ‍ෛ31 දක්වා ඉහළ ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකු අනුර විජයමුණි මහතා පැවසීය. මෙසේ අලුතින් හඳුනා ගන්නා ලද කොරෝනා 71 දෙනාගේ පළමු ආශ්‍රිතයන් වන පවුල් 238 කට අයත් පුද්ගලයන් 408 දෙනකු ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්කර තිබෙන බවද ඔහු කීවේය. ආසාදිත පිරිස් මේ වනවිට හම්බන්තොට හා අගුණුකොළපැලැස්ස කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබති.




ගල්ගමුව

 ගල්ගමුව මූලික රෝහලට අනුයුක්ත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනකුට හා මාතෘ වාට්ටුවේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනකුට කොවිඩ්19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු මාතෘ වාට්ටුව පෙරේදා (06) පස්වරුවේ තාවකාලිකව වසා දැමූ බව රෝහල් බලධාරිහු කියති.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා තඹුත්තේගම මූලික රෝහලේ සේවය කරන
වෛද්‍යවරයකු බවත් ගල්ගමුව මූලික රෝහල කළ ඉල්ලීමක් මත ඔහු සතියකට දිනක් ගල්ගමුව
රෝහලට පැමිණ සේවය සපයන වෙද්‍යවරයකු බවත් රෝහල් බලධාරිහු කියති.
මේ සම්බන්ධයෙන් ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අසේල ද සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.
මාතෘ වාට්ටුවේ බබාලා ලැබී සිටි මව්වරුන් ඒ අයගේ නිවාසවලට යවා ස්වයං නිරෝධායනයට යොමු කළා. ඒ අයගේ පී.සී.ආර්. පරීක්ෂණ තව දින හතකින් කරනවා. බබාලා ලැබෙන්න සිටිම මවුවරුන් වෙනත් රෝහල්වලට මාරු කර යැවීමට කටයුතු කළා යැයි ඔහු කීවේය.

පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වීමෙන් කොවිඩි 19 වයිරසය ව්‍යාප්ත වීම ශීඝ්‍ර කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති. ගල්ගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලය මගින් පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 101 න් 97 වාර්තා ඊයේ (07) පෙරවරුව වන විටත් ලැබී නොතිබූ බව සෞඛ්‍ය බලධාරීහු කියති. මීට අමතරව මැයි මස 04 වැනි දින කළ පී.සී.ආර්. පරික්ෂණ 59 ක ප්‍රතිඵල ද මෙතෙක් ලැබී නැති බව ගල්ගමුව සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලය කියයි.


පදියතලාව

පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉකුත් දෙදින තුළ අහඹු ලෙස සිදුකළ පී. සී. ආර්. පරික්ෂණවලදී කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් හත් දෙනකු හඳුනාගෙන ඇතැයි පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. පදියතලාව නගරයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු, කෙහෙල්ලෙල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු, කිරවාන ප්‍රදේශයේ පදිංචි ටිපර් රථ රියදුරකු ඇතුළු පුද්ගලයින් හදෙනකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. ආර්. එල්. පී. කුමාර මහතා පැවැසීය.

කරුවලගස්වැව
මාස තුනක බිලිඳකු කොරෝනා ආසාදිත වී ඇති බව කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.
මෙසේ කොරෝනා ආසාදිතව ඇත්තේ කරුවලගස්වැව, 9 කණුව ප්‍රදේශයේ බිලිඳෙකි.
බිලිඳාගේ මව පියා හා මෙම බිලිඳාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මූලික රෝහලෙන් ලබාගෙන ඇති අතර | එහි වාරිතාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. එම වාර්තතා අනුව මෙම පිරිසෙන් කොරෝනා ආසාදිත වී ඇත්තේ මෙම බිලිඳා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.

හලාවත

ආරච්චිකට්ටුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 09 දෙනකු 06දා වාර්තාවි ඇති බව සෞඛ්‍ය බලධාරිහු පවසති. ඒ අනුව හලාවත පොලීසියේ නිලධාරියෙකුට මීට දින කීපයකට ඉහත දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී තිබූ අතර පසුව ඔහුගේ බිරිඳ වන හලාවත දිස්ත්‍රික් රෝහලේ
සේවයේ නියුතු හෙදියටත් ඔවුන්ගේ දරු දෙදෙනාටත් , සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයක දී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ අතර වවිනියාව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආරච්චිකට්ටුව පදිංචි ශිෂ්‍යයෙකු සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර්. පරික්ෂණයක දී ඔහුට ද කොවිච් 19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

අනුරාධපුර
අනුරාධපුර, ඇලයාපත්තුව, කොක්කිච්චිය ගත වූ තෙදින තුළ දී කොරෝනා රෝගීන් දහදෙනකු හමුවී තිබේ. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චමින්ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉකුත් 05 වැනිදා කොරෝනා වෙරසය ආසාදනය වූ කාන්තාවක් මුලින්ම හමු වූ බවයි. මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂක්ෂාවකින් කොරෝනා ආසාදිත මේ කාන්තාව හඳුනා ගැනීමෙන් පසු පෙරේදා (06) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු නිලධාරින් එම ගමේ පවුල් දෙකක සාමාජිකයින් අට දෙනෙකු සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දී ඉන් පස් දෙනෙකුට කොරෝනා  වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වී තිබිණි.
 අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 530 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මේ බව පැවැසූ ඒ මහතා වාර්තා වූ මේ රෝගීන් ගෙන් වැඩි දෙනෙක් අලුත් අවුරුදු සමයේ කොළඹ, ගම්පහ, කළුතර, කතරගම සහ නුවරඑළියේ නෑ හිතවතුන් හමුවීමට හෝ වන්දනා සහ විනෝද චාරිකාවල යෙදුණු අය බව ඔවුන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරිකවරු සිදු කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි කීය.

හම්බන්තොට
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැඩිවීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාහන ගමනා ගමනය අඩුවී ඇති බවත්, ජනතාව නගර කරා පැමිණීම අඩුවී ඇති බවත්, ගොවි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ. | දිස්ත්‍රික්කයේ මාර්ගවල ධාවනය කෙරෙන්නේ ලංගම බස් රථ පමණක් බවත් පෞද්ගලික බස් රථ ධාවනය 50% කටත් | වඩා අඩු වී ඇති බවත් ජනතාව පවසති. අතුරු මාර්ගගවල බස් රථ ධාවනය නතර වී ඇත. ගම්බද ජනතාව නගරවලට පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇත. නගරවල කඩ සාප්පු සහ හෝටල් විශාල ලෙස වසා දමා ඇත.
සති වෙළඳපොළවල් නොපැවැත්වේ. පොදු වෙළපොළවල් පමණක් විවෘතව පවතී.
සති වෙළපොළවල් නොපැවැත්වීමෙන් ගම්බද ජනතාවට තම එළවලු විකුණාගත නොහැකිව එළවලු තොග විනාශ වීමට පටන් ගෙන ඇත. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටී ඇත. මැයි 20 වන දින දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සති
වෙළඳපොළවල් වසා දැමීම නිසා ගොවියන් හා එළවලු පාරිභෝගිකයෝද දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිති.

ආරච්චිකට්ටුව
 සෑම සතියකම සතිඅන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවත්වන ආරච්චිකට්ටුව පොදු වෙළෙඳපොළ මෙවර සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නීතිරීතිවලට අනුකූලව පැවැත්වෙන බව ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාව පවසයි. | මෙම පොදු වෙළඳපොළ සෙනසුරාදා දිනයන්හිදී තොග වශයෙන් අලෙවිකරන භාණ්ඩ සඳහාත් ඉරිදා දිනයන්හිදී සිල්ලර අලවිකරන භාණ්ඩ සඳහාත් වෙන්කර ඇත. දිවයිනේ නන්දසින් වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් මෙම දින දෙක තුළ තිස් දහසකට අධික පිරිසක් ආරච්චිකටුව ප්‍රදේශයට පැමිණෙති. ඒ අනුව මෙම පොදු වෙළඳපොළට සම්බන්ධ වෙන සියලු වෙළඳුන්ට සහ පාරිභෝගිකයන්ට ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පිළිපැදිය යුතු නීතිරීති මාලාවක් ප්‍රදේශය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කිරිමටත් එම නිවේදනය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරිමටත් ප්‍රාදේශීය සභාවට උපදෙස් දී ඇත.

යාපනය
යාපනය, ඉලවාලි ප්‍රදේශයේ පුද්ගලයකු කොටිඩ - 19 ආසාදනය වී මියයෑමත් සමග ඔහුගේ ඥාතීන් හා ආශ්‍රිතයින්ට අයත් පවුල් 38ක් පමණ නිරෝධායනයට ලක් කළ බව යාපනය
සෞඛ්‍ය අංශ කියයි. පසුගිය 04 වැනිදා අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු පෙරේදා (06) මියගොස් ඇති අතර ඔහුගෙන් ලබාගත් පී.සී.ආර්.
ජෛව සාම්පල අනුව එම රෝගියාට කොවිච් 19 වෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබිණ.
අදාළ පුද්ගලයා මියයෑමෙන් අනතුරුව පී.සී.ආර්. පරික්ෂණයට ලක්කළ අතර එම පරික්ෂණ ප්‍රතිඵල පැමිණීමට
පෙර සිරුර ඥාතීන් වෙත භාර දී තිබූ බව මියගිය පුද්ගලයාගේ ඥාතීහු පවසති.

මාතලේ
 මාතලේ වරකාමුර පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයගෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලදී සේවකයන් 30ට වැඩි පිරිසකට කොටිඩ් ආසාදනය වී ඇති
හෙයින් එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි..
කර්මාන්ත ශාලාවේ නියුතු අනෙකුත් සේවකයන් සියලුම දෙනා සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය බලධාරීහු කියති.
පවතින තත්වය හමුවේ මෙම පිරිස් සමග සබඳතා පැවැත්වූ අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර නිරෝධායන ක්‍රියාවලියට යොමුවන ලෙසද සෞඛ්‍ය නිලධාරිහු අදාළ පිරිස් වෙතින් ඉල්ලා සිටිති.

බද්දේගම
බද්දේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු කොවිච් 19 වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බදේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොහොඹලාදෙනිය ග්‍රාම නිලධාරි වසමේ නාකුඩුම්බියවත්ත ප්‍රදේශයේ පදිංචි 82. | හැවිරිදි පුද්ගලයකු හා කොකාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි මෙම පුද්ගලයින් දෙදෙනාම තම නිවෙස්වලදී ජීවිතක්ෂයට පත්වී ඇති අතර පසුව දේහයන් කරාපිටිය රෝහලට
ගෙනයාමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂාවේදී ඔවුන්ට මකොවිච් 19 වයිරසය ආසාදනය වී තිබූ බව තහවුරු වී ඇතැයි බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.



 අහංගම
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අහංගම ප්‍රදේශයේ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි දෙදරු පියෙකි. මෙම පුද්ගලයාට කොරෝනා
වෛරසය ආසාදනය වීමෙන් පසුව රෝහල්ගත කර ඇත. අසාධ්‍ය වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කළ පසු පෙරේදා (6) මියගොස් ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම ආසාදිතයාගේ දරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද වාර්තතාවේ. මේ අතර අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී මීට සතියකට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේදී මරුමුවට පත්විය.

අත්තනගල්ල
අත්තනගල්ල කොටිඨාසයේ දින ගණනාවක් නිවාසවලම සිටි කොවිඩ් 19 ආසාදිතයත් තිස්හය දෙනෙකු පෙරේදා (06 රාත්‍රී බස් රථයකින් කෝපායි කොණ්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව අත්තනගල්ල සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. දින ගණනාවක් නිවාසවල සිටි එම රෝගීන් පිරිස මහජන සෞඛ්‍යවරු්නගේ මැදිහත්වීමෙන් මෙලෙස පිටත් කරන ලදි.ගිලන් රථ මගින් නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයට රැගෙන විත්  බස් රථයකින් කෝපායි  ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇත.

ද සොයිසා කාන්තා රෝහල

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී කොවිච් - 19 ආසාදිත බිලිඳුන් 70 දෙනකු පමණ උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිත මවුවරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැළඳීමේ ප්‍රවනතාව මතුව ඇත.


කතානායක කාර්යාලය
කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමු කර ඇතැයි  නිලධාරිහු පවසති. ආරක්ෂක පියවරක් ලෙස කතා නායකවරයා එහි පැමිණීම ද වළක්වා ඇත.
කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
 මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් කොරෝනා පරික්ෂණෙවලට යොමු කර ඇති බවත් එම පරික්ෂණවල වාර්තා අද හෙටම ලැබීමට නියමිත බවත් වේත්‍රධාරිවර නරේන්ද්‍ර ප්‍රනාන්දු කීය. පාර්ලිමේන්තු සංකීර්ණයේ සෞඛ්‍යාරක්ෂාවේ ලොකු ගැටලුවක් නැතැයි කී ඔහු එහි එම ආරක්ෂාව තහවුරු කිරිමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද සඳහන් කළේය. මෙම මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සේවකයෝ සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු පිරිසක් කොවිච් රෝගයට මෙයට පෙර ගොදුරු වූහ.


වැලිසර ආර්ථික මධ්‍යස්ථානය
 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඊයේ සිට (07 )දා සිට දින 14 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව වත්තල සෞඛ්‍ය යෙද නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පිරිත වරුණ අමරසේකර මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛය අධ්‍යක්ෂක කාර්යාලයෙන් ලද නියෝග යක් මත මෙසේ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. ඉකුත් දින වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් පවත්වා ගත යුත්තන් අහඹු පීසීආර් පරික්ෂණ සදහා යොමු කිරිමෙන් අනතුරුව ආර්ථික මධඑස්ථානයේ පවත්වා ගෙන යන වෙළෙඳ සැල් අතරින් වෙළෙඳ සැල් 25 ක වෙළදුන් 38 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ බවද ඒ මහතා පැවසීය.

මීගොඩ ආයුර්වේද රෝහල

 මීගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවකයකුට කොවිඩි 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය තාවකාලිකව වසා ඇති බවත් එහි සේවකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වෛරසය ආසාදනය වූ සේවකයා මීට දින කිහිපයකට පෙර මංගල සාදයකට සහභාගී වී ඇති අතර එම මංගල සාදයට සහභාගී වූ සියලුම දෙනා ස්වයං නීරෝධායනයට ලක්කිරිමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර ඇත.
ඒ අනුව ස්වයං නීරෝධායනයට ලක්කළ එම රෝහලේ සියලු සේවක සේවිකාවගේ පී.සී.ආර්. පරික්ෂණය අද දින (8දා) සිදුකරන බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.