ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ  ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.


මේ වෙනකොට රටේ අධ්‍යාපනය කොයි වගේ තැනකද තියෙන්නේ...?
                 ''මේක ලෝක අර්බුදයක්...මේක ශ්‍රී ලාංකීය අර්බුදයක්ම නෙවෙයි...ඒ අර්බුදය මත සාර්ථකත්වයේ රටවල් අතර ලංකාව ඉන්නවා... ශ්‍රී ලාංකාව මේ කොරෝන තත්වය තුල අපි ඉන්නේ 89,90 වගේ පහළ මට්ටමක ඉන්නේ උවදුරු පැත්තේන් තියෙන ලෝක වෙබ් අඩවියේ.. නමුත් මේ ඔක්කොම තියෙද්දි අපි දන්න දෙයක් අපේ ළමයි ඔක්කොම ගෙදර...

පාසල් ගිය,විශ්ව විද්‍යාල ගිය සේරම ළමයි ගෙදර...මේක මේ වෙනකොට බිලියන 1.8 ක් ලෝක ජනගහනයේ ළමයි..ඒ සියලු දෙනාම ගෙදර...අධ්‍යාපනය අලුත් විදිහකට හිතන්න වෙනවා...ලෝක අධ්‍යාපනය අපට ගොඩාක්ම කතා කරන්නේ යුනෙස්කෝ ආයතනය...ඒ අයත් දැන් කියනවා වෙන විදිහකට හිතන්න කියලා....ඒ කියන්නේ මේ ගිය ගමන යන්න බැරි තත්වයක් දැන් අපට තියෙනවා...අප මෙතෙක් කල් ගිය විදිමත් පාසල කියන අයතනය මේ පිළිබඳ අපහසුව අප කාටත් තියෙනවා.....උදාහරණයක් විදිහට ගත්තොත් 247000 ගුරුවරු වැඩකරනවා අධ්‍යාපනය අමාත්‍යංශයේ ඒ ගුරුවරු සේරම අද ගෙදර....

පාසල් නඩත්තු කිරීමේ පිරිස,ගුරුවරු නොවන සේවක පිරිස විශාල සංඛ්‍යාවක් පඩි ලබමින් අද ගෙදර ඉන්නේ...එදා කරපු දේම රජයෙන් අද කරනවා නමුත් මුඛ්‍ය පරමාර්ථය වෙන දරුවන්ට උගන්නනවා කියන එක බරපතල ප්‍රශ්ණයකට අපසියලු දෙනාම පත්වෙලා ඉන්නවා...මේ තත්වය උඩ පහුගිය කාලේ අපි පාසල් පැවැත්වුවා...දවස් 10ක් 12 කට වඩා ඒක කරගන්න හම්බුනේ නෑ...

ගිය අවුරුද්දටම ළමයෙක් ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍යයේන ළමයෙක් පාසල් යන්න ඕන දවස් 210 ක්..ගිය අවුරුද්දේ වැඩිම දින 62 ක් වගේ තමයි ළමයෙක් පාසල් ගිහින් තියෙන්නේ...මේ තත්වය උඩ අපි නිකං ඉදලා නෑ....අමාත්‍යංශයක් විදිහට අධ්‍යාපන අමාත්‍යංශයේ සියලුදෙනාම එකතුවෙලා විශාල වෑයමක් දරලා තියෙනවා ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න...පළවෙන් රැල්ල ආපු වෙලාවේ නොයෙකුත් දේවල් කලා...ඒ කාලේ තුලදී අප නෙයෙකුත් දේවල් කලා මේ දේ පිළිබඳ අප නොදැන හිටියා...

දෙවනි රැල්ලක් අපු වෙලාවේ අප එන්නත් කලියෙන් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා සුසිල් ප්‍රේම ජයන්ත ඇමතිතුමාට එතුම මාත් එකක් කතා කරලා කිව්වා අපි මේ ගැන වහාම කටයුතු කරමු කියලා මාධ්‍ය අමාත්‍යංශයේ ලේඛම් විජේවීර මහත්මය එක්ක කතා කරලා සියලුම මාධ්‍ය වල මාධ්‍ය සාකච්ඡාවක් කැදෙව්වා...එක්ක නෙවෙයි වට දෙක තුනක් සාකච්ඡා කරලා කොහොමද අධ්‍යාපන මාධ්‍ය මගින් ළමයින්ට දෙන්නේ කියන තැනට අපි ආවා...ඒ ආපු එකේ ප්‍රතිඵලයක් තමයි අද පවතින ගුරුගෙදර වැඩ සටහන රෑපවාහිනියේ අයි චැනල් සහ නේත්‍රා චැනල් වලින් දවසකට පැය 16ක් අදත් මේ වැඩසටහන යනවා...

අනිත් දේ තමයි මේ හැමොම කියනවා වගේ අන්තර්ජාලය මගින් උගන්වන්න පුළුවන් කියන එක....ඇත්ත...නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ අන්තර්ජාලය පිළිබඳ වැඩ කරන්න ගෙදර ඒ පහසුකම් තියෙන්න ඕනනේ...ලංකාවේ ජනගහනයෙන් 40%කට පමණයි මේ පහසුකම තියෙන්නේ...ඉගෙනිම කාර්ය කරන්න ඕනනම් උපකරණයක් තියෙන්න නම් LAP TOP,COMPUTER,TAB මේ දේවල් වලින් එකක්වත් නැත්තම් අඩු තරමින් SMART PHONE එකක් තියෙන්නම ඕන මේ දේවල් කරන්න...මේ පහසුකම් වැඩිපුරම තියෙන්නේ නාගරික පරිසර වල මිසක් ග්‍රාමිය ප්‍රදේශ වලට යන්න යන්න අන්තර්ජාල පහසුකමත් අඩුවෙනවා..



රූපවාහිනියෙන් දකිනවා ළමයි ගස් වල නගිනවා,වහලවල් උඩ නගිනවා මේ වගේ දේවල්...මේ සදහා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය මේ සදහා විශාල වෙහෙසක් දරලා තියෙනවා..

ශ්‍රී ලංකා ටෙලිකොමිනිකේෂන් ආයතනයත් එක්ක සාකච්ඡා කරලා කැබිනට් පත්‍රයක් සකස් කරලා ඉවරයි සියලුම පාසල් වලට පාසල් 10165 කට අන්තරජාල පහසුකම් ලබා දෙන්න...නමුත් දැන් ප්‍රශනේ මේකයි පාසල අරින්නේ නැතිනම් අන්තරජාල පහසුකම් පාසලේ තියලා වැඩක් නෑනේ...හැබැයි පාසලට  optic fiber cable එක දෙන එක්කම ඒ පළාතටම
optic fiber cable එක ගන්න අවස්ථාව ලැබෙනවා...ඒ ගෙනියන වයර් වලින් ඕනම නිවසකට ගන්න පුළුන් අවකාශය තියෙනවා...මේ තියෙන 40% ප්‍රතිශතය70% වගේ වැඩි වෙන්නත් පුළුවන් මේ ගන්න ප්‍රයත්නය නිසා...අපට අද වෙනකොට ළමයින්ට උගන්නන්න අන්තර්ජාලයට යන්න අපට තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ E තක්සලාව කියන ඉගෙනුම් වේදිකාව...මේක පුලුල් වශයෙන් දැනට පාවිච්චි වෙනවා....නමුත් පාවිච්චි කරන්නේ අර 40% තමයි...

දවසකට මිලියන ගානක් මේ පාඩම් වපට ඇතුළු වෙනවා...නමුත් ඇතුල්වෙන්නේ එක්තරා විදිහක සමාජ පන්තියක්...මේ තත්වය උඩ අපට යන්න පුළුවන් තවත් තත්වයක් තමයි මේ රූපවාහිනිය කියන එක...මේක 95%කට විතර බලන්න පුළුවන්...ඒත් 5%ක් ඉන්නවා මොකක්වත් නැති...ඒ නිසා තමයි අපි ගුවන් විදුලියත් එක්ක කතා කලා විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලියත් එක්ක කතා කලාම එක පැය භායගක්වත් වෙලාව ගන්න බෑ මොකද මුළු අවුරුද්දේම වෙලාව වෙන් කරලා ඉවරයි එයාලගේ වැඩසටහන් වලට...අපට ඉඩක් ගන්නම නැහැ....පස්සේ අපි ප්‍රාදේශීය ගුවන් සේවාවන් තියෙන්නේ රජරට සේවය,රුහුණු සේවය,කඳුරට සේවය තියෙනවා ඒ වගේ ඒ ඒ සේවාවන් එක්ක මේ වෙනකොට ඒ සේවාවන් හැම එකකම පැය හතරක් පහක් අධ්‍යාපනයට වැඩ සටහන් මේ වෙනකොටත් කරගෙන යනවා...

මේ සියලු දේ කලත් මේ කාර්යේ විශාල පරතරයක් තියෙනවා...පාසල් වැහිලා තියෙන බව ඇත්ත....ලෝකයේ ඉස්සර ඉදලාම තියෙන ප්‍රබල තත්වයක් පොසත් මිනිස්සු දුප්පත් මිනිස්සු කියලා පංතිබේදය මේකට තව දෙයක් DIGITAL ලොකයෙන් තියෙන අය සහ නැති අය කියලා...දිලිදු කොටස තමයි අර නැති අය වෙලා තියෙන්නේ...මේ උපකරණ තියෙන ගෙවල් වල SMART PHONE දෙක තුන තියෙනවා,TAB තියෙනවා, LAP TOPතියෙනවා COMPUTER තියෙනවා මේ වගේ සේරම තියෙනවා.....

සමහර වෙලාවට දුප්පත් ගෙදර ඒ පහසුකම් කිසිවක් නෑ...රජයක් විදිහට අපි මේ වෙලාවේ හිතන්නේ පහලම ඉන්න තලය අධ්‍යාපනය දීලා කොහොමද අපි රැකගන්න ඕන කියන එක ගැන...''


*අපි දැන් බලාපොරොත්තු උනේ නෑ මේ දේ හෙට ඉවර වෙයි අද ඉවර වෙයි කියලා මේ වෙනකොට...අපි කතා කරපු දේවල් එක්ක ගිය වසර ගත්තොත් ළදරු පාසල් වලට එහෙමත් නැත්තම් එක දෙක වසර වලට අතුලත් උන දරුවන්ට ලොකු අසාදාරණයක් උනා කියලා හිතෙනවා මේ තත්වය එක්ක...ඒ අයට මඟහැරෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්....යම්තාක් දුරට අධ්‍යාපනය ලැබු අයයි මේ අයයි තුල තියෙන්නේ ලොකු වෙනසක් ඉදිරියට කොයි වගේ ද ඒ අය වෙනුවෙන් කාලය..?

            ''ඔයගැන කතා කරන්නේ මමයි සුසිල් ප්‍රේමජයන්ත ඇමති තුමයි තමයි අධ්‍යාපන අමාත්‍යංශයේවත් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ...හැමෝම කතා කරන්නේ පහේ ශිෂ්‍යත්වෙ ගැනයි,සාමාන්‍ය පෙළයි උසස් පෙළයි ගැන....මේවා ලොකු ප්‍රශ්ණ නෙවෙයි...ශිෂ්‍යත්වෙ ලියන්න පුළුවන් වෙන්නේ එක වසරේ ඉදලා ළමයි  ගෙනාපු හින්දා...අපට බලාගන්න පුළුවන්  වෙයි ශිෂ්‍යත්වෙට තව අවුරුදු දෙක තුනකින් අකුරුබැරි ළමුන් කොටසක් ඉදිරිපත් වෙයි....මේ රටේ විතරක් නෙවෙයි මුළු ලොකෙම ඒ දේ වෙයි....මේකට කිසිම ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා මදි...අපේ අවදානය ඒ තලවල නෑ...අපි කොහොමද පෙරපාසල් දරුවාට ලන්වෙන්නේ,එක වසර දෙක වසර දරුවන්ට කොහොමද ලංවෙන්නේ කියන එක..යම් යම් මට්ටම් තියෙනවා ඒ මට්ටම් වලට කොහොමද මේ දරුවා යන්නේ..ඩලස් අලහප්පෙරුම මහත්මයා අධ්‍යාපන ඇමතිවෙලා ඉද්දි UNICEF ආයතනයත් එක්ක කතා කරලා පළමු ‍ශ්‍රේණිය දෙවන ශ්‍රේණිය වගේ දරුවන්ට අප පොත් නිර්මාණය කරලා ගෙවල් වලට යැව්වා පාසල් මගින්..නමුත් මෑත මුකුත්ම කරලා නෑ...මේ පිළිබඳ මුකුත් නොදන්න නිසා තමයි මුකුත් කරන්න යන්නේ නැත්තේ...මේ ටික කරගත්තේ නැත්තම් අපි ආපහු ශාක්ෂරතාව නැති ජනගහනය වැඩි රටක් බවට පත්වීමේ අනතුර ප්‍රබලව මේ කොවිඩ් අනතුර එකක් තියෙනවා...මොකද ලංකාව 94.5% ශාක්ෂරතාවක් වාරතා කරන්න ඉහල මට්ටමේ ඉන්නවා..ඒක රැකගන්න අපි ක්‍රමවේදයක් ගත්තේ නැත්තම් ඉහල තලයේ ඉන්න විශ්වවිද්‍යාල ලමයි,සාමාන්‍ය පෙළ ළමයින්ට උසස්  පෙළ ළමයින්ට උගන්නන්නේ කොහොමද කියන එක නෙවෙයි අපේ ප්‍රධාන කාර්ය...ඒ ළමයි කොහොම හරි මොනාහරි කරගනී ඒ අයට ශාක්ෂරතාව තියෙනවා....අපි එයාලව ඒ මට්ටමට ගෙනල්ලා තියෙනවා...පහල ඉන්න දරුවෝ ටික ඉහල මට්ටමට ගෙනාවේ නැත්තම් අපට ඉස්සරහට තියෙන්නේ ශාක්ෂරතාවයක් නැති දරු පරපුරක් බිහිවීම වෙනවා..අපගේ අමාත්‍යංශය මේ ගැන තමයි වැඩියෙන්ම අවදානය දෙන්නේ...''

*අපේ තිබුන තියෙන අධ්‍යාපන රටාව එක්ක ලෝකයේ තියෙන සාර්ථක රටවල් වල සාර්ථක විශය නිර්දේශ තියෙන රටවල් එක්ක බලපුවාම මොනවගේ ක්‍රමද තියෙන්නේ මේ තත්වය මඟහරගන්න....?

           ''විශය මාලාව නෙවෙයි දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ..ලංකාවෙත් ප්‍රාථමික අධ්‍යාපනයෙත් ඉතා හොද විශය මාලාවක් තියෙනවා...ඒක වෙනස් කරලා තව හොද කරන්න අපි උත්සහ ගන්නවා..මේ වෙලාවේ තියෙන තත්වය තමයි ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදය තමයි මේ වෙලාවේ තියෙන ගැටළුව..දියුණු රටවල් වල මේක කරගෙන යනවා මොකද අන්තර්ජාලය හැමගෙදරම තියෙනවා....ඒ ළමුන් පංතියේ නැති එක විතරයි හැම දරුවෙක්ම ඉන්නවා පේනවා පංතියේ ඒදේවල් ඒ විදිහට වෙනවා...ඒ ගුරුවරු ඒකට අවශ්‍ය කරන පත පොත ගෙවල් වලට එවනවා...ඒ එවලා තියෙන පොත් වල තමයි ඒ අය වැඩ කරන්නේ...ඒතකොට ඒ ගුරුවරයා දුර ඉදගෙන ළමයින්ට ඒ ක්‍රියාකරකම් කරනවා...

මේ දේවල් කරගන්න බැරි හේතුව මේ තාක්ෂණය නොමැතිකම...මේ අර්බුදයට හේතුවත් මේකයි..මේකට වැක්සීන් එකක් හොයාගන්නවද,බේත්වලින් හොයාගන්නවද කියන දේ තියෙන්නෙත් මේ තාක්ෂණය මත...මේ දරුවන්ට උගන්වන එකත් මේ වගේම තමයි..රජය බලන්න ඕන මේ තාක්ෂණය නොමැත් ගෙවල් වලට මේ දේ දෙන්නේ කොහොමද කියන දේ...අපි මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙනවා සමෘර්ධි අමාත්‍යංශයත් එක්ක මේ දේ කතා කරලා තියනවා මේ දුප්පත් මිනිස්සුන්ට කොහොමද මේ දේ ලබා දෙන්නේ කොහොමද කියනදේ.....මිනිසෙක්ගේ දිළිඳු බවින් කෙනෙක් ගලවගන්න තියෙන එකම දේ අධ්‍යාපනය ඒක තමයි මේ ගිලිහෙන්න යන්නේ...ඒ දේ ගිලිහුනොත් දිළිඳුකම අයින් කරන්න බෑ...තිරසාර සංවර්ධනයේ ඉලක්ක තියෙනවා 17ක් ඒකෙන් 4 වෙනි එක තමයි අධ්‍යාපනය...දිළිඳුකම නැති කරන්න,හොඳ සෞඛ්‍ය පවත්වා ගැනීම,සංවර්ධනයට අවශ්‍ය  කුසලතා පවත්වාගැනීම සදහා මේ සියල්ලේම පාදකය තමයි  අධ්‍යාපනය...මේක ගරා වැටුනොත් අනිත් හැමෙදේම ගරා වැටෙනවා...ඒ නිසා මේ දේ ගැන හිතන්න අවශ්‍ය කාලයක් තමයි මේක...''




*විශයය නිර්දේශයේ යම් වෙනසක් සිදු වෙනවාද ඉදිරියේදී....?
              ''අපි  අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරගෙන යනවා....මේ පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනය තමයි කේන්ද්‍ර වෙන්නේ...මේ වෙලාවෙත් ඒකේ වැඩ බලන අධ්‍යක්ෂ මමයි...මේ වෙනකොට පහුගිය අවුරුදු එකහමාර තුල අප විශාල වෑයමක් දරලා මේ විශය මාලාවක් වෙනස් කරනවා කියන දේ පහසු වැඩක් නෙවෙයි...අපි මේ කියන්න යන වෙනස බරපතල වැඩක්.. අධ්‍යාපනයේ විශාල වෙනසක් කරන්න තමයි ජනාධිපතිතුමාට උවමනවා තියෙන්නේ....මම ඉස්සෙල්ලා මේ කාර්යට අතගහනකොට මේ වයිරසය ඇවිත් තිබුනේ නෑ...නමුත් මම ජාතික අධ්‍යාපන ආයතනයට කිව්වේ අපි හැමවෙලේම ස්වයං ඉගෙනීමට පුළුවන් වෙන විදිහට අධ්‍යාපනය සකස් කරන්න,ගුරුවරයා උගන්වන අධ්‍යාපනයකට නෙවෙයි දරුවා ඉගෙනගන්න අධ්‍යාපනයකට තමයි යන්න ඕන තියන දේ...ඒකට තමයි අප Self-learning නැත්නම් ස්වයං අධ්‍යාපනය කියනදේ කියන්නේ....

ඒ නිසා අප හදන  අධ්‍යාපනය මේ දරුවා ගුරුවරයෙක් නැතුව උනත් දරුවට ඉගෙනගන්න පුළුවන් විදිහට තමයි මෙවර විශය නිර්දේශය නිර්මාණය වන්නේ...අපට වාසි දෙකක් තියෙනවා අපේ තිබුණු  අධ්‍යාපන ක්‍රමය තුල 1960 ඉදලා  කන්නන්ගර මහතා 1940 ගත්ත නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලක් විදිහට 1961 දි බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අධ්‍යාපනට කරපු විශිෂ්ඨ සේවය නිසා මේ රටේ ශාක්ෂරතාවය ඉහලට ගියේ ඒනිසයි...මේ කාලේ මේ දරුවන් පාසලට එවන අම්මලා තාත්තලා අතර 80% එහා සාමාන්‍ය පෙළ කරපු අම්මලා තාත්තලා ඉන්නේ...ඒක අපේ පසුගිය දශක වලා සංඛ්‍යාලේඛන විශ්ලේෂණ කලොත් ඕනම කෙනෙක්ට පේනවා මේ ජනගහනයෙන් 80%ක්ම ඉන්නවා මෙහෙම ජනගහනයක් ලෝකයේ දියුණු රටවල ඇරුනම වෙනත් රට වල නෑ....ඉන්දියාවට බංගලාදේශ වලට පකිස්ථානයට නේපාලයට මේ දේ හිතන්නවත් බෑ...ලංකාව ඉන්නේ ඉහළම තලයේ මොකද අපිට ඉන්නේ උගත් දෙමව්පියන් පිරිසක්....ඒ පිරිස තමයි මෙ වෙලාවේ තියෙන ශක්තිය කියලා තමයි අපට හිතෙන්නේ...මොකද ගෙදර උනත් යමක් උගන්වන්න පුළුවන් අම්මලා තාත්තලා තමයි ගෙදර ඉන්නේ...අම්මල තාත්තලා එක්ක ළමයින්ට යන්න පුළුවන් ගමනක් තමයි අප නිර්මාණය කරන්න හදන්නේ...ස්වයං අධ්‍යනය කියන්නේ ඒකයි....ළමයා දන්න දේ මුල් කරගෙන නොදන්න දේකට තමයි යන්නේ...මේ දේ 2023 ජනවාරි වල තමයි මේ විශය නිර්දේශය පාසල් වලට එන්නේ....මේකේ යම් යම් වෙනස්කම් ටිකක් පාසල් වල කරනවා....නමුත් 2022 දී ගුරුවරු සහ පංතිකාමර ඒකට පොඩ්ඩක් හැඩගැසීම සදහා උත්සහයක් දරණවා....මේ තත්වේ මේ විදිහට යනවානම් අපිටහිතන්න වෙනවා මේ විශය නිර්දේශය කොයි විදිහට නිවස් වලට දෙන්නේ කියන දේ....අපට සිදුවෙලා තියෙන තත්වය මගේ කල්පනාව හැටියට home based education නැතිනම් නිවස පාදක කරගෙන අධ්‍යාපනය දීම කියන එක....එතනට අපට එන්න වෙයි මේ කොවිඩ් අපට අතහැර ගියේ නැතිනම්.....අළුතින් හිතන්න අළුත් ගමනකට යන්න අපට සිදු වෙනවා....''

*මේ දේවල් කතා කරද්දී ජාත්‍යන්තර පසල් වලට මේ ක්‍රමය බලපානවද .....?

                    ''ඒ වෙනස් කම් ජාත්‍යන්තර පසල් වලට ලබා ගැනීම එයාලගේ වැඩක්...ජාත්‍යන්තර පසල් වලට විරුද්ධව කතා කරනවා නෙවෙයි...නමුත් ඒවා බොහෝමයක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි නෑ...ලියාපදිංචි කරගැනීමට අපහසුතාවයකුත් තියෙනවා....කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් 1961 පාසල් පවරා ගැනීමේ පනත තුලත් අළුත් අධ්‍යාපන ආයතන පෞද්ගලික අංශ වලට පටන් ගන්න බෑ....නමුත් මේ අය පටන්ගෙන තියෙන්නේ වෙන වෙන විදිහට අප ඒකට විරුද්ධ නෑ...හොද ජාත්‍යන්තර පසල් හැම එකකම අන්තර්ජාලය දුරස්ථ අධ්‍යාපනය ඉතාම හොදින් භාවිතා කරනවා කියලා මම ඇස්දෙකටම දැකලා තියෙනවා....මේ ජාත්‍යන්තර පසල් වලට යන්නේ යම් සමාජ මට්ටම් වල ඉන්න අයගේ දරුවන්....ඒ අයට නිවස් වල අනිවාර්යෙන් LAP TOP තියනවා....නමත් අප බලන්න ඕන සාමාන්‍ය පුරවැසියාගේ දරුවා කොහොමද රැකගන්න ඕන කියලා...''

*අපට පුළුවන් උනා පසුගිය වසරේ යම්තාක් දුරට මේ අධ්‍යාපන ක්‍රමය යම් තරමකට පියව ගන්න...කඩයිම් විභාග අප පැවැත්වුවා....එහෙම ගත්තාම මේ සාර්ථකත්වයෙ ප්‍රතිඵල කොයි තරම් දුරට තියෙනවාද...?

                 ''අප ගත්ත සියලුම පියවරවල් හදිස්සි අවස්ථාවක ගත්ත දේවල් තමයි....පහේ ශිෂ්‍යත්වය පවත්වාගන්නේ කොහොමද කියන දේ තදබලව තිබුනා...සාමාන්‍ය පෙළ,උසස් පෙළ කරගන්න පුළුවන් වෙයිද කියලා බයෙන් හිටියා....නමුත් ඒවා නොයෙකුත් ප්‍රශ්ණ මැද කරලා දුන්නා...මේ දේවල් නිසා අපට පෙරහුරුවක් තියෙනවා මේක කරගන්නේ කොහොමද කියනදේ පිළිබඳව......ඒවා මේ අවස්ථාවේ වෙච්ච දුෂ්කරම අද්දැකීම්...ඒවගේම තමයි අපේ හැම ගුරුවරයෙක්ම යම් යම් උත්සහ දරලා තියෙනවා ළමුන්ට අධ්‍යාපනය දෙන්න...සමහර පාසල් වල විදුහල්පතිවරු දෙමව්පියන් කීපදෙනෙක් ගෙන්වාලා  ඒ පැවරුම් දීලා තියෙනවා...මම මේ වෙලාවේ කියන්න කැමති ගුරුවරුන් හට අපට ඔබගේ කැපවීම අවශ්‍යයි...මේක පිංකමක් මේ වෙලාවේ...මේ ගෙවල් වල තනිවෙලා ඉන්න දරුවන්ට ඔබට කියන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න මේ වෙලාවේ....මේ ආයාචනයක් මම මේ කරන්නේ...සමහර විදුහල්පතිවරුමේක ඉතාම හොදට ගුරුවරු එක්ක කරනවා...අනිත් එක ගුරුගෙදර පාඩම් ටික බලන්න අම්මලා හැමතිස්සේම දරුවාව යොමු කරන්න...සමහර වෙලාවට රූපවාහානි අතර තියෙන්නෙත් තරඟයක්නේ...එකක ටෙලිනාට්‍යක් යනවා අම්මට ඒක බලන්නත් ඕන ඒ වෙලාවේම දරුවාගේ පාඩම් වැඩ සටහන යනව වෙන එකක අම්මා ඒ වෙලාවේ පරිත්‍යාගයක් කරලා දරුවාට ඒ පාඩම කරන්න හරිගස්සලා දෙන්න...අම්මලා තාත්තලාගේ කැමවීම මේ වෙලාවේ 100%ක්ම ඕන...පුංචිම ළමයි ඉන්න දෙමව්පියන්ට මම මේ කියන්නේ මේ දෙමව්පියන් සේරටම අකුරු ලියන්න පුළුවන්...ඒ නිසා ඔබේ දරුවන්ට අකුරු කියලා දෙන එක ඔබට කරන්න පුළුවන්....මේ සමාජ ව්‍යායාමය තමයි අප ඇතිකරගත යුත්තේ...මේ පසුගිය අවුරුද්දේ මේ දේ උනා මම දන්න ගුරුවරු WHATSUP GROUP  හරි ගස්සගෙන පුළුවන් විදිහට යවනවා ළමයින්ට පණිවිඩ   මේ දේවල් කරන්න කරලා ආපහු එවන්න කියලා..මේ දේවල් කරන ගුරුවරු අතර මුකුතු නොකර ඉන්න ගුරුවරු පිරිසකුත් ඉන්නවා...එහෙම වෙන්න එපා කියන එකයි මගේ ආයාචනය...අපි සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියනදේ තියෙන්නේ අපගේ කැපවීම මත...මේ අධ්‍යාපනය කරගන්න බැරි උනොත් ඊළඟ පරම්පරාවට වෙනමම ලොකයක් තමයි ආපහු හැදෙන්නේ...ඒ ලෝකේ හරිම බයානක එකක් වෙන්න පුළුවන්...කොවිඩ් රෝගය හැදිලා මියයාමේ අනතුර එකක්...එහෙම නොවී අප ජීවත් උනොත් සාක්ෂරතාවය නොමැතිව ඔබේ දරුවා හැදුනොත් ඊට වඩා බයානක ලෝකෙකට තමයි ඒ දරුවා නැවත් පා තබන්නේ...මේ දෙකම එකයි...සෞඛ්‍ය හා අධ්‍යාපනය කියන්නේ එක කාසියෙ දෙපැත්තක්...අධ්‍යාපනය තියෙන මිනිස්සු දන්නවා සෞඛ්‍ය රැකගන්න ඕන කියන එක...පාසලක් වහලා නිරෝධයන මධ්‍යස්ථානයක් කරනවා කිව්වාම පුදුම වෙන්නේ නෑ මමනම්  මොකද සෞඛ්‍ය රැකුනොත් තමයි අධ්‍යාපනය රැකෙන්නේ...''

*දෙමව්පියන් සහ දරුවන් මූලික වන තැනක් තමයි දැන් තියෙන්නේ...කොහොමද මේ දෙමව්පියන් හා දරුවන් අතර සම්බන්ධය තව දුරටත් ඇතිවෙන්න ඕන මේ ක්‍රමය සාර්ථක කරගන්න...?

              ''මේක දුෂ්කර කලයක්...අම්මලා තාත්තලත් ගෙදර...ඒ නිසා ගෙදර ආතතිය වැඩි මොකද ඔක්කොම එකට ඉන්නකොටයි ආතතිය ගොඩ නැගෙන්නේ...කාර්යාලයේ වැඩ කොටසත් නිවසේ කරන අම්මෙක්ට ළමයි තමා වටේ කැරකෙනකොට ඒ වැඩේ කරගන්න අපහසු වෙනවා....ඉතිං ගෙවල් වලටත් අළුත් කළමණාකරනයක් එන්න කාලේ...සමහර අම්මලා ඉතාම සාර්ථකව මේ වැඩේ කරනවා...මම දන්න අම්මලා ඉන්නවා හරියටම අටට වාඩි කරවනවා මේසේ පාසලේ වගේ...එයා ඉස්කෝලේ ගෙනියනවා ගෙදර...INTERVAL එකක් දෙනවා,සෙල්ලම් කරන්න වෙලාවක් දෙනවා...මේ වගේ ඉතාම හොදින් කළමණාකරනය කරගෙන වැඩ කරන අම්මලා ඉන්නවා...අපි දරුවාට උගන්නන් ඕන එහෙම නැති උනොත් හරි අමාරුවක වැටෙන්නේ කියලා දන්න දෙමව්පියන් මේ දේට සාර්ථකව කරගන් පුළුවන් අය ඉන්නවා...අන්න එතනට යන්න ක්‍රමවේදයක් හිතන්න..අපි ඔක්කොම අළුතින් හිතන්න ඕන කාලයක් මේක...මොකද  මේ ලෝකයේ පැවැත්ම සම්බන්ධව තියෙන්නේ ලොකු තර්ජනයක් නේ මේ තියෙන්නේ...අපි බුද්ධ ධර්මයේ අහලා තියෙන දෙයක් තමයි අනිච්ඡාවත සංඛාරා කියන දේ හැමදාම අහනවා.....මේ ගැන බුද්ධිමත්ව කටයුතු කරොත් ඒ බුද්ධිමත් ජීවියෙක්ට තමයි පැවැත්ම තියෙන්නේ....ඒක ස්වභාවික නීතියක්...පරිණාමවාදයේ අපි කියන දෙයක් තමයි මිනිස්සු අතර බේරෙන්නේ ඒ අවස්ථාවට උචිතව ගැලවෙන්න පුළුවන් කෙනා තමයි බේරෙන්නේ...මේක අලුත් දෙයක් නෙවෙයි...වඩාත්ම සුදුසු පුද්ගලයා තමයි බේරෙන්නේ අනෙක් මිනිස්සුන්ට ජීවිතේ පවත්වගෙන යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ....මේ කොවිඩ් අර්බුදයත් ඒ වගේ එකක්...අප ප්‍රවේශම් උනොත් අපට තියෙන දේවල් කලමණාකරණය කරගත්තොත් අපි බේරෙනවා...මේක ලේසිය ගත්තොත් ඒ අය විනාශ වෙනවා....මේ ප්‍රශ්නේ දෙස අවදානයෙන් බලන්න ගෙවල් වලට පුරුදු කරන්න ඕන,දරුවන්ට පුරුදු කරන්න ඕන...පුංචි දරුවන්ට MASK එක දාලා තියෙනවා දැන්....මට හම්බුනා මේ ළගදි පොඩි දරුවෙක්  ඒ අම්මාගෙන් මම ඇහුවා මේක ගලවන්නේ නැද්ද කියලා මුලදිනම් ටිකක් අමාරු උනා කිව්වා දැන් පුරුදුයි කිව්වා...ඒ වගේ තමයි මේ දේවල් අම්ම තාත්තා කරද්දා දරුවොත් නිකන්ම පුරුදුවෙනවා...මේ පුරුදු ටික හරියට ගොඩනගා ගත්තොත් අපට මීටවඩා ඉදිරියට අධ්‍යාපනයෙන් යන්න පුළුවන්...ඉස්කෝලයක් උනත් ඇරලා තියන්න පුළුවන් හැම ළමයාම MASK දාලා එනවනම්,හැම ළමයෙක්ම දුරස්ථභාවය පිළිබඳව සැලකිලිමත්නම් ඒ විදිහට ඉන්න පුළුවන්නම් අපට පාසල් උනත් වෙන මෝස්තරයකට පටන් ගන්න පුළුවන්...මේවා තමයි හොද පාඩම් අපි මේ කාලේ ඉගෙනගෙන තියෙන....රජය සියලු ආකාරයෙන් ක්‍රියා කරනවා මේ හැම දරුවෙක්ටම අන්තර්ජාල පහසුකම් දෙන්න ....මේවා ඔක්කොම POSITIVE මේ සේරම ධනාත්මක සිතුවිලි...රූපවාහිනියේ මේ දවස්වල යනවා අපට අවස්ථාව ලැබුනොත් හැම  ශ්‍රේණියකටම එක චැනල් එක ගානේ තියෙනවානම් අපට දෙමාපියන්ට විශාල සහනයක් වෙයි ගෙදර පැය පහමාරක් මම කිව්ව විදිහට ගෙදර පුටුව දීලා දරුවාගේ activity පොත් ටික ගෙදරට ගෙනල්ලා අර රූපවාහිනි කියන ගුරුවරයා එක්ක පෙරපාසලේ ළමයා අර පොතත් අරගෙන දෙමාපියන්ගේ මැදිහත්වීම තුල ඒ පාඩම් ගෙදර ඉදලා කරගන්නවා...ආර්ථික අපහසුකම් තියෙන රටක් අපි පොහොසත් රටක් නෙවෙයි වෙන රට වල ගොඩාක් දේවල් දෙන්න පුළුවන් නොමිලේ ඒ විදිහට දේවල් දෙන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ නෑ අපි අමාරුවෙන් ඉහලට නගින්න උත්සහ කරන ජනකොටසක්...ඉතිං අපට පහළට වැටෙන එක නවත්තගන්න එක තමයි තියෙන ලොකුම අභියෝගය...''

*අපේ පුංචිකාලේ ඔබතුමාගේ පුංචි කාලේ ඊටත් වැඩිය සුන්දර ඇති පරිසරයත් එක්ක මේක මේ දැන් ඉන්න පුංචි දරුවන්ට අහිමිවන දෙයක් අද ඉපදෙන දරුවා ඇවිදින්නේ අවුරුදු දෙක තුන සම්පූර්ණ කරන්නේ නිවස තුලමයි මේ කොරෝනා තත්වයත් එක්කම.....ඒක මේ වෙනකොට ලොකෙම මූණදීලා තියෙන ප්‍රශ්ණයක්...ඔබගේ තියෙන අද්දැකීම් පොත පතේ දැනුමත් එක්ක මේ වගේ තත්ව මීට කලින් මේ ලොකයේ තිබිලා තියෙනවාද...කොයි වගේ දෙයක් ඉදිරියට සිද්ධ වෙයිද ?

                  ''මම මේ ගැන විශේෂඥයෙක් නෙවෙයි නමුත් මේ ගැන බොහොමයක් කියවලා තියෙන මනුස්සයෙක්...මම පොත පත ලියන කෙනෙක් ලේඛකයෙක්...මගේ පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා ඇමරිකාවෙ විශ්ව විද්‍යාල වල test book තියෙනවා මම ලියපු..මම විද්‍යාඥයෙක් නොවුනට මම දේවල් කියවන කෙනෙක්...නාසා ආයතනයේ wed side වලට ගිහින් බැලුවම පේන දෙයක් තමයි ලෝකයේ මේ අපි කතා කරන දැනුවත් ඉතිහාසය කොච්චරද අපි මානව ඉතිහාසයේ මේ ඉන්න යුගයේ මානව ඉතිහාසය අවුරුදු 6000ක් මේ ලියවිලා තියෙන ඉතිහාසය අපි දන්නේ වසර 6000යි...මිලියන ගානක්ම ලෝකයේ පැවතිලා තියෙනවනේ  එතකොට 6000ක විතරද මිනිස්සු හිටියේ...නැහැ...‍මේ වගේ දේවල් ලෝකයේ වෙලා තියෙනවා මීට පෙර...නාසා අයතනයේ web side වල පෙන්නුම් කරලා තියෙන දෙයක් තමයි අවුරුදු 27000කට සැරයක් උත්තරද්‍රවය දක්ශිණද්‍රවය මාරුවීමක් සිදුවෙනවා...පොඩි භූකම්පනයක් උනත් දරුණුවටම දැනෙනවා...මේ කියන ගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් එක්ක අයිස්කඳු කඩා වැටීම එක්කම තමයි අයිස්කඳු වල ඉන්න බැක්ටීරියා වර්ග ලෝකයට වැඩියෙන් එනවා...

ඒ බැක්ටීරියා වර්ග මේ ලෝකයේ තියෙන බැක්ටීරියා වර්ග වලට වඩා ප්‍රබලයි....ඇමරිකාවේ සොයාගෙන තියෙන එන්නත ෆයිසර් එන්නත ඒ එන්නත තියාගන්න අධිශීත ශීතකරණයක් ඕන ඒ එන්නත ගෙනියන්න...මට ඒ කියන හැම වෙලාවෙම හිතෙන්නේ මේ බැක්ටීරියා වල තියෙන ශක්තිය...ලෝකයේ අයිස්තල අවුරුදු දාස් ගණන් පැරණි ග්ලැසියර තමයි මේ ගලවගෙන එන්නේ ඒවා අඩියේ බැක්ටීරියා ඉන්නවා...ඒ එන බැක්ටීරියා බොහොම ප්‍රබලයි...අළුත් කෘමින් අළුත් බැක්ටීරියාවන් ලෝකයේ ඉදිරියටත් සිද්ධ වෙනවා...මේ දේ ස්වභාවයෙන්ම සිදුවෙන දෙයක්...නාසා අයතනය කියන විදිහට අවුරුදු 27000ක් පැනලා අපි ඉන්නනේ....ඒ විදිහට ලෝකයේ විශාල වෙනසක් වෙනවානම් අපි සමහර වෙලාවට මේ සංක්‍රාන්ත යුගය අහුවෙලා ඉන්නේ කියලා තමයි මට හිතෙන්නේ...මේක ඇත්ත නෙවෙයි මේක මේ මම හිතන දෙයක්...ගන්නගන්නවත් ඒපා මම මේක කිව්වාට.....

මම අවුරුදු කීපයකට කලින් මම ඇමරිකාවේදි බැලුවා children of men කියලා චිත්‍රපටයක් බැලුවා...ඒ චිත්‍රපටයේ මේ කතාව තියෙනවා මේ වගේම දෙයක්... ගෝලීයඋෂණත්වය පිළිබඳ තියෙන චිත්‍රපට බැලුවහම ලෝකෙ දිහා බලලා තියන කොට්ඨාසයක් ඉදලා තියෙනවා...ලෝකයේ කොටසක් ඉතුරුවෙන කොටසක් විනාශ වෙන යුගයක් එයි කියන යුගයක් එයි කියලා හිතෙනවා...ඉතුරුවෙන කොටස තමයි නැවත ඉතිහාසයක් ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ...මේ ලෝකය පවත්වාගෙන යාමේ තර්ජනය විදිහට මානවයෙක් විදිහට අපි සූදානම් වෙන්න ඕන ...ඒ ඉතුරුවෙන කොටසේ ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත්ව ජීවත් උනොත් විතරයි..සෞඛ්‍ය උපදෙස් සැහැල්ලු කොට සලකන්න එපා...බොහොම ඉක්මනට අප විනාශ වෙන්න ඉඩ තියෙනවා...අපට පවතින්න පුළුවන් වෙන්නේ අපේම ශක්තිය උඩ විතරයි...ඒ ශක්තිය තියෙන්නේ අපේ උගත්කම උඩ,තාක්ෂණික හැකියාව,අපේ තියෙන adaptability එක...



බුද්ධිය කියන්නේ ඒකනේ ...පියාජේ කියන මනොවිද්‍යඥයා විස්තර කරලා තියෙනව බුද්ධිය කියන එක අපේ තුල තියෙන ශක්තින් පාවිච්චි කරලා තැනකට ගැලපෙන්න පුළුවන්කම තමයි බුද්ධිය කියන්නේ...ගැලපෙන්න බැරිනම් ඒ ව්‍යසනකාරී තත්වයක අපට ඒකට ගැලපෙන්න බැරිනම් අපි විනාශ වෙනවා...මේ තියෙන්නේ ඒවගේ තත්වයක්...මේ ව්‍යසනකයෙන් බේරෙන්නේ කොහොමද කියන ආයුධ ටික ඒ මෙවලම් ටිකෙන් අප ශක්තිමත් උනේ නැතිනම් අපි විනාශවෙනවා...එහෙම තමයි බුද්ධිය කියන එක නිර්වචන වෙන්නේ....අපි ළඟ කුසලතා තියෙන්න ඕන,හැකියාව තියෙන්න ඕන,අපි ධනාත්මක වෙන්න ඕන  ධනාත්මක දේවල් කරන්න ඕන...mask එක දාන එක කරදරයක් වෙන්න පුළුවන් mask  එකක් වෙනුවට දෙකක් දාන්න කියනවා,දුරස්ථභාවය තියාගන්න ඕන කියලා කියනවා...අත සොදන්න කියනවා,මේ දේවල් පුරුදු කරගත්තොත් ඒ දේවල් හරියට පිවිච්චි කරනකෙනා මේ ව්‍යසනයෙන් බේරෙනවා...මේවා අපි අතහැරියොත් අපට පේනාවා අපි විහින්ම අපි අමාරුවේ වැටෙනවා...මොල්තස් කියලා ජනගහන විද්‍යඥයෙක් හිටියා මොහු කිව්ව එක යුගයකදි වැඩිවෙන ආකාරය ගුණාන්තරව වැඩිවෙනවා..

ඒක පේනවානේ මගේ පරම්පරාව ගත්තාම මම හතලිස් ගණන් වලනේ ඉපදිලා තියෙන්නේ විශේෂයෙන් තිස් හතලිස් ගණන්වල ඉපදිච්ච පවුල් වල ගත්තොත් ළමයි 10,9,8 යි...ඒ අම්මලා තාත්තලා ඒ ළමයි හොදින් හැදුවා...එහෙම තිබුන ජනගහනය මේ ඊට පස්සේ ආව යුගය ළමයි 4 වගේ අඩුඋනා...දැන් ළමයි දෙකට එකට අඩුවෙලා...නමුත් ලෝක ජනගහනය බිලියන  7ත් පැන්නා...ලෝකෙට දරන්න පුළුවන් ජනගහනයක් තියෙනවා...මොල්තස්ගේ න්‍යායෙන් කියන්නේ ලොකෙට දරන්න බැරි ජනගහනයක් ආවම ස්වභාව ධර්මයා විසින් ඒ ජනගහනය විනාශ කරනවා කියන එක...එදා මොල්තස්ගේ න්‍යාය කියද්දි අපි හිනා උනා...නමුත් මේ මෙහොතේ මොල්තස්ගේ ක්‍රියාවලිය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා මට හිතෙනවා...පරිසරය අපි විනාශ කලානේ මිනිස්සු ගෙවල් හදන්නේ වගාකරන්න පුළුවන් ගෙවල් වල...එතකොට කන්න බොන්න දෙන්න මිනිස්සු මොකද කලේ රසායනික පොහොර ද කාබනික පොහොර පාවිච්චි කරලා අස්වැන්න වැඩිකරගන්න...මේ හැම එකක්ම මිනිස් පැවැත්මට පටහැනිව සිදුවෙච්ච දේවල්...

ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ගෝලීය උෂ්ණත්වය වැඩි වීම...මේ ඔක්කොම වෙලා ඉවරයි...අපි ඒක අනිත්පැත්තට හරවන්න හදනවා වගේම,ස්වභාවධර්මයාත් මේක  අනිත්පැත්තට හරවන්න උත්සහ කරනවා වගේ තමයි මට හිතෙන්නේ...නිතර විචාරශීලීව හිතන කෙනෙක් විදිහට තමයි මේ දේවල් මම කිව්වේ...ලෝකයේ පැවැත්ම පිළිබඳ එහෙම දෙයක් තියෙනවා...මානව ඉතිහාසය අවුරුදු 6000යි ඒ අවුරුදු 6000 නෙවෙයි මිනිස්සු හිටියේ...ඊයේ පෙරේද දකින්න ඇති අඟහරු ලොකයේ විනාශවෙලා තියෙන්නේ න්‍යශ්ඨික යුද්ධෙක ප්‍රථිඵයක් විදිහට වෙන්න පුළුවන් කියලා එක විද්‍යඥයෙක් කියලා තියෙනවා...ඒ කියන්නේ  අඟහරු ලොකයේත් මිනිස්සු කලින් ඉන්න ඇති දැන් මෙ ගැන හොයන්නේ...මේ හැම දෙයක් ගැනම අපි හිතන්න ඕන...ඒවා හිතන්නත් අපට අධ්‍යාපනය ඕන....