covid19-home

කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීම රෝග ව්‍යාප්තියට අනුබල දීමක් යයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මගින් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය වෙත ලිපියක් යොමු කර ඇත.
එය පහතින්




සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා #කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය,
කොළඹ - 10.

ගරු රාජ්‍ය ඇමතිතුමියනි,

#කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තැබීම රෝග ව්‍යාප්තියට අනුබල දීමකි.

ඔබතුමිය විසින් #කොවිඩ් වසංගත තත්වයන් සම්බන්ධයෙන්  රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකදී (07/05/2021) මෙරට #කොවිඩ් ආසාදිත රෝගීන් 15,000 ක පමණ ප්‍රමාණයක් රෝහල් පද්ධතිය තුල ප්‍රතිකාර ලබන බවත් රටේ පවතින රෝහල් පද්ධතියේ ධාරිතාවය මේ වනවිට ඉක්මවා යමින් පවතින බවත් ඒ වෙනුවෙන් අතරමැදි රෝහල් පද්ධතියක් ගොඩනගා සෑම දිස්ත්‍රික්කයක් සඳහාම අවම වශයෙන් ඇඳන් 2000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කලේය. එමෙන්ම රෝගීන් සංඛ්‍යව වැඩි වෙන්නේ නම් ඔවුන් නිවෙස් තුල රඳවා තැබීමට සිදුවිය හැකි බවද ඒ සඳහ අවශ්‍ය වන උපදෙස් අමාත්‍යාංශය මගින් මේ වන විටත් සූදානම් කරමින් පවතින බවද සදහන් කලේය.

මෙ මගින් පෙනී යන්නේ #කොවිඩ් වෛරසයට අවශ්‍ය ලෙස අප පාලනය වන තත්වයක් අප විසින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන තත්වයක් නොවේ. දැනටමත් දිවයින පුරා 2000 කට ආසන්න #කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු කර ඇති රෝගීන් සංඛ්‍යාවක් රෝහල් පද්ධිය තුලට ඇතුළු කරගත කනොහැකිව නිවෙස් වලම රඳවා තිබේ. එයට අමතරව රෝග ලක්ෂණ සහිතව පී.සී.ආර්. ( #PCR ) පරීක්ෂණවලට ලක්කරන ලද එහෙත් ප්‍රතිඵල නිකුත් කරගත නොහැකිවූ විශාල ප්‍රමාණයක් නිවෙස්වල රැදී සිටී. ඔවුන් දෛනික අවශයතා වෙනුවෙන් සමාජය තුල ගැවසෙන බැවින් ඉතාමත්ම පහසුවෙන් සමාජය තුල රෝගය ව්‍යාප්ත වීමට හේතුවේ. එබැවින් රෝගීන් නිවෙස් තුලම රඳවා තැබීමේ ප්‍රතිපත්තිමය තීරණය රෝග ව්‍යාප්තිය කීපගුණයකින්ද වැඩි කිරීමට චේතනාන්විතව කරන අනුබල දීමකි.



අපට අවශ්‍ය වන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර අපගේ මාතෘභූමිය මෙම වසංගත තත්වයෙන් ආරක්ෂා කර ගැනීමට නම් කල යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භයේදීම පැහැදිලි කල පරිදි ආසාදිතයන් සමාජයෙන් කඩිනමින් වෙන්කර ප්‍රතිකාර මධ්‍යස්ථානවල තැබීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායන මධ්‍යථානවල තැබීමත්මය. ආණ්ඩුව විසින් නායකත්වය දිය යුත්තේ ඊට අවශය පහසුකම් ගොඩනැගීම වැනි දූරදර්ශී වැඩපිළිවෙලකට විනා රටේ සමස්ත ජනතාවම රෝගය බෝවීමේ අනතුරට ඇද දැමීම නොවේ. රෝගීන් නිවාස තුලම රඳවා තැබීම රටේ සියළුම ජනතාව ආසාදිතයන් බවට පත් කිරීමේ උපක්‍රමයක් පමණක් වන අතර එය මෙම ප්‍රතිපත්මතිය අනුගමනය කල ඇමරිකන් එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් විශාල ජීවිත සහ ආර්ථික විනාශයකට මුහුනදුනි.

මේ තත්වය දක්වා වශංගතය ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ අදූරදර්ශී පසුගාමී ප්‍රතිචාරය හේතුවෙනි. එමෙන්ම වසංගතයේ ස්වභාවය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය පිළිබඳව ආණ්ඩුවට කිසිඳු අවබෝධයක් නොතිබූ බව මෙයින් පැහැදිලි වේ. එම වරද දැන්වත් නිවැරදි කරනවා වෙනුවට වසංගතය තවතවත් ව්‍යාප්ත කිරීමට ප්‍රතිපත්මතිමය වශයෙන් අනුබල දීම අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.

එබැවින් කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින් නිවෙස් තුල රැඳී සිටින සියළුම ආසාදිතයන් කඩිනමින් මාජයෙන් වෙන්කර ඒවාට යොමු කිරීමට, ඔවුන්ගේ ආශ්‍රිතයන්ද සියළුම දෙනා වෙන්කර නිරෝධායනය කිරීමටත්, වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් දැඩි පියවර ගන්නා ලෙසත්, ඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.