දිවයිනේ සෑම ප්‍රාදේශීය රෝහලකම සාමාන්‍ය වාට්ටුවලට අමතරව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වෙනම වාට්ටු පිහිටුවන්නයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණර්ධන මහතා දිවයිනේ සියලුම පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන්ට උපදෙස් දී ඇත.සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහසක් බැගින් සූදානම් කරන්නැයි ද ඔහු දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේ උපදෙස් දී ඇත්තේ දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් කඩිනමින් සැපයීමේ අරමුණෙනි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (01) පෙරවරුවේ පැවැත්වුණු අතර ඔහු මෙම උපදෙස් දී ඇත්තේ එම රැස්වීමේ දීය. "සුම්'' තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇත. මේ අතර යුද හමුදාවේ ගොඩනැගිලි සහ සංචාරක හෝටල් ද කොවිච් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඉදිරියේ දී යොදා ගැනීමට රජය තීරණය කර ඇත. මෙම කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක් කොඩි ප්‍රතිකාර සඳහා දැනටමත් යොදාගෙන ඇතැයි යුද හමුදාව පවසයි.
(සුජිත් හේවාජූලිගේ)
0 Comments