
කොරෝනා වයිරසය ආසාදිත වූ ගර්භණී කාන්තාවක් අද (05) රාගම රෝහලේදී මිය ගියාය.ඇය, සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිට ඇති බවද වාර්තා විය.
ඇය, මෙරටින් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ගැබිණී කාන්තාව බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඞ් ආසාදිතව රෝහල් ගත කර සිටි රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණී කාන්තාවක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම ගර්භණී කාන්තාව අද අලූයම මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට අයිඩීඑච් දැඩි සත්කාර ඒකකයේ තවත් ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු දැඩි ආසාදිත තත්වයේ පසුවන බවද වාර්තාවී ඇති අතර සමස්ත ආසාදිතයින් අතර ගැබිණි කාන්තාවන් 70 ක් වාර්තාවී තිබෙන බවද පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval