
මේ වනවිට බස්නාහිර පළාතට පමණක් සීමා වී කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන බ්‍රහස්පතින්දා 27 දිනයේ සිට ගාල්ල, මාතර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙයි.
අද ලංකාවට ගොඩබාන ලද චීන සිනොෆාම් එන්නත ලබාදීම වසංගත රෝග විද්‍යා ඒකකයේ නිර්දේශ මත මෙම තීරණයට එළඹ තිබේ.
ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට තීරණය කර තිබේ.
කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) හවසම සිදුකෙරුණි.
ඉදිරියේදී කළුතර හා ගම්පහටද සිනොෆාම් එන්නත් ලබාදීම සිදුවන අතර
රුසියාවේ ස්පුට්නික් එන්නත් තොග පැමිණි පසු මෙම කටයුත්ත මහනුවරදීත් අරඹන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval