
කොවිඩ් 19 වයිරසය පැතිරීයාමත් සමඟම බොහෝ දෙනා මේ දවස් වල එන්නත්කරණයට වැඩි උනන්දුවක් දක්වනවා....ඉතිං අපට කොවිඩ් වලින් ආරක්ෂා වීමට අපට කරන්න පුළුවන් දේ තමයි සෞඛ්‍ය පුරුදු වලට අනුගත වීම අනිත් ප්‍රධානම දේ එන්නත්කරණය...
මේ වනවිට ලංකිවේ අපට චීනයෙන් ලැබුනු සයිනොෆාම් එන්නත ලබා දෙනවා,ඒ වගේම ස්පුට්නික් ෆයිව් එන්නත ලබා දීම සිදු කරනවා....හිතවතුන් බොහොදෙනෙක් අහනවා මේ එන්නත ගත්තට කමක් නැද්ද කියලා ඒ නිසාම ඔබට තියෙන සැක දුරු කරන්න සහ කිසියම් සරල අවබෝධයක් ලබාදෙන්න අප සිතුවා....කොවිඩ් 19 වයිරසය මර්දනය සදහ අනුමැතිය ලබා ඇති සයිනොෆාම්,ස්පුට්නික්,ෆයිසර් එන්නත් පිළිබඳව සංසන්ධනාත්මකව බලමු...මුලින්ම අප බලමු මේ එන්නත් හරහා අපට ලබාදෙන්නේ මොනවාද කියලා සහ මේ එන්නත් නිපදවන්න භාවිතා කරලා තියෙන්නේ මොනවාද කියලා...කොරෝනා වයිරසයේ පින්තූර ඔබ දැක තිබෙනවා මේක හරියට රඹුටන් ගෙඩියක් වගේ දිස්වෙන්නේ මෙහි තියෙනවා වටේට ප්‍රෝටීන කෙඳි බොහො එන්නත් නිෂ්පාදනය සඳහා ඉලක්කය බවට පත්වෙන්නේ මේ ප්‍රෝටීන කෙඳි...●සයිනොෆාම් එන්නත
සයිනොෆාම් එන්නත ගැන කතා කලොත් මෙතනදි පාවිච්චි කරලා තියෙන්නේ අක්‍රීය කරන ලද කොවිඩ් වයිරසය තමයි මෙහිදි පාවිච්චි කරලා තියෙන්නේ..එතකොට මේක කිසිම ලෙසකින් අපේ ශරීරයට ඇතුල් කලාට පස්සේ ශරීරය ඇතුලේ බෙදීමකට ලක් වෙන්න හැකියාවක් නෑ...එතකොට සයිනොෆාම් එන්නත ලබාගත්තට පස්සේ කොරෝන එන්නත ආසාදනය වීමක් වෙන්නේ නෑ මේක අක්‍රීය කරන ලද වයිරසයක්...ඒ වගේම ඔබ දන්නවා මීට කලින් පෝලියෝ එන්නත රේබීස් එන්නත මේ වගේ එන්නත් සදහා පවා භාවිතා කරලා තියෙන්නේ අක්‍රීය කරන ලද වයිරස....
●ස්පුට්නික් ෆයිව් එන්නත
ස්පුට්නික් ෆයිව් ඒන්නත ගැන කතා කලොත් මෙතනදි adenovirus කියන වෙනත් වයිරසයක් භාවිතා කරලා කොරෝනා වයිරසයේ තියෙන ප්‍රෝටීන සෑදීම සදහා භාවිතා වන ඒ ජානමය කොටස් මේ adenovirus එක ඇතුලට ඇතුල් කරලා එය තමයි එන්නතවිදිහට භාවිතා කරලා මිනිසුන්ගේ ශරීරයට ඇතුළු කරන්නේ...ස්පුට්නික් ෆයිව් එන්නත ගත්තොත් මෙතනදි DNA කොටසක් adenovirus එකක් ඇතුලට ඇතුල් කරලා එය භාවිතා කරනවා එන්නත වශයෙන්...
●සයිනොෆාම් එන්නත ලබාගන්න පුළුවන් කාටද...?
''සයිනොෆාම් එන්නත ලබාගන්න පුළුවන් වයස අවුරුදු 18ට වැඩි අයට සයිනොෆාම් එන්නත ලබාගන්න පුළුවන්.....ඒ වගේම කිරි දෙන මව්වරුන්ට පළවෙනි මාස 6 නෙවෙයිනම් ගෙවෙන්නේ දරුවාට මාස 6 සම්පූර්ණනම් එවැනි කාන්තාවන්ටත් සයිනොෆාම් එන්නත ලබාගන්න පුළුවන්.....ගර්භණීකාන්තාවන් සඳහා තියෙන ප්‍රශ්නෙතමයි සායනික පරීක්ෂා මේ වෙනුවෙන් කෙරිලා නෑ....ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ ඒ ගර්භණීකාන්තාවට වැඩි අවදානම තිබෙන්නේ වයිරසය ඇතිවීමෙන් ඒ ඇතිවන සංකූලතා මගින්ද එහෙමත් නැතිනම් එන්නත ලබාගැනීම සම්බන්ධයෙන්ද කියන කාරණා දෙක හොදට මැනලා බලලා එන්නත ලබාගැනීමෙන් තියෙන වාසිය වැඩිනම් එවැනි කාන්තාවකට එන්නත ලබාගන්න පුළුවන්...නමුත් ලංකාවෙ දැනට ගර්භණීකාන්තාවන්ට ලබාදීම සිදුවෙන්නේ නෑ...ඒවගේම බොහො අයඅහනවා තමන් ගර්භණීයත්වයට පත්වෙන්න PLAN කරනවා ඒ නිසා මේ එන්නත ගන්න එක පරක්කු කරන්න ඕනද කියලා...නැහැ එහෙම අවශ්‍යතාවයක් නෑ...ඔබ එන්නත ලබාගත්ත කියලා ගර්භණීයත්වයට පත්වීම පරක්කු කිරීමේ අවශ්‍යතාවයක් නෑ...ඒ වගෙම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එන්නත ලබාගන්න කලින් pregnancy test එකක් කරන්න අවශ්‍ය නෑ....තවත් සමහර අය අහනවා මේ එන්නත ගත්තට පස්සේ වඳභාවයට පත්වෙනවද කියලා....ඒ සම්බන්ධව එහිත් සත්‍යතාවයක් නෑ...සයිනොෆාම් එන්නත ලබාගත්තට පස්සේ මදසරුභාවයට පත්වෙනවා කියලාකිසිදු දත්තයක් වාර්තා වන්නේ නෑ....
●සයිනොෆාම් එන්නත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාගන්න පුළුවන්ද?
මේ එන්නත අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට දීම සම්බන්ධව කරලා තියෙන සායනික පර්යේෂණ තියෙන්නෙ සීමිත ප්‍රමාණයක්...එවැනි පුද්ගලයෙක් එන්නත ගත්තම මොනවගේ දේයක් ඇතිවෙයිද කියල කියන්න දත්ත ප්‍රමාණවත්නෑ....
●මොනවගේ අයටද මේ එන්නත ගන්න බැරි....
ඔබට උණ තියෙනවනම් මේ එන්නත ඒ අවස්ථාවේදි ලබාගන් හැකියාවක් නෑ...ඒ වගේම දරුණු ආසාද්මිකතා තියෙනවනම් anafilaksis වගේ කියලා ඒ වගේ පුද්ගලයෙක්ටත් මේ එන්නත ලබාගැනීමේ ගැටළුවක් තියෙනවා...කොවිඩ් 19 හැදිලා හොද වෙලා සති දෙකක් ගියාට පස්සෙ මේ එන්නත ලබාගැනීමේ හැකියාව තියෙනවා....
● ස්පුට්නික් එන්නත ලබාගන්න පුළුවන් කාටද...?
වයස අවුරුදු 18ට වැඩි අයට මේ එන්නත ලබාගන්න පුළුවන්..... දරුණු ආසාද්මිකතා තියෙනවනම් anafilaksis වගේ මේ එන්නත ලබාගන්න බෑ...ස්පුට්නික් එන්නත ගර්භණීකාන්තාවන්ට ලබාදීම සිදුවෙන්නේ නෑ...දරුවාට කිරි දෙන පළමු මාස 6 ඇතුලත මේ එන්නත ලබාගන්න බෑ නමුත් මාස 6න් පස්සේ එන්නත ලබාගැනීමේ හැකියාව තියෙනවා...අක්මාවේ රෝග,වකුගඩු වල රෝග,ස්නායු රෝග,වලිප්පුව වගේ රෝග තියෙන අයට මේ එන්නත ගන්නබෑ....
●ෆයිසර් එන්නත
ෆයිසර් එන්නත වයස අවුරුදු 16ට වැඩි අයට මේ එන්නත ලබාගන්න පුළුවන්.....නමුත දැඩි ආසාද්මිකතා ඇතිවෙනවනම් මේ එන්නත ලබාගැනීමේ හැකියාව නෑ...මේ කොයි එන්නතත් කොවිඩ් 19 රෝග ලක්ෂන තියෙනවනම් උණ,කැස්ස,ඇඟපත වේදනාව වැනි ලක්ෂන තියෙනවනම් මේ කිසිදු එන්නතක් ඒ අවස්ථාවේ ගන්න බෑ....මේ එන්නත් තුනේම මාත්‍රා තුනක් ලබාගන්න ඕන...මෙය මාංශපේෂියට තමයි ලබා දෙන්නේ...එතකොට පළමු මාත්‍රාව ලබාගෙන සති තුනක් සති හතරක් වැනි කාලෙකට පස්සේ දෙවන මාත්‍රාව ලබාදීම සිදු වෙනවා..මේ එන්නත් වල සාර්ථකභාවය කොයිවගේද.......
●සයිනොෆාම් එන්නත
මේ රෝගයෙන් අපව ආරක්ෂා කිරීමේ 70%-80% අතර ප්‍රමාණයේ සාර්ථකභාවයක් මේ එන්නතට තියෙනවා....
●ස්පුට්නික් ෆයිව් එන්නත
මේ එන්නතින් 92%ක සාර්ථකභාවය තියෙනවා....
●ෆයිසර් එන්නත
මේ එන්නතේ 95%ක සාර්ථකභාවය තියෙනවා...
මේ එන්නත් තුනේම තියන විශේෂත්වයෙන් කොවිඩ් 19 වැළඳිලා අමාරුවීමේ සහ ඉන් මියයාමේ හැකියාව මේ එන්නත් ලබාගැනීම මගින් අඩු කරනවා...
●මේ එන්නත් ලබාගැනීමෙන් අතුරුආබාධ ඇතිවෙන්න පුළුවන්ද...
ඔව්...අතුරුආබාධ ඇතිවෙන්න පුළුවන්....මේ එන්නත් ලබාගත්තට පස්සෙ එන්නත ලබාදුන් ස්ථානයේ හා ඒ අවට රතුවීම් වෙන්න පුළුවන් ඒ වගේම සමහර අයට උණ ඇඟපත වේදනාව වගේ දේවල් වෙන්න පුළුවන්...එක් එක් පුද්ගලයාට මේ ලක්ෂණ අඩුවැඩි වීමක් වෙන්න පුළුවන්...ඒ වගේම එක් එක එන්නතට ආවේනික උන ඉතාම කලාතුරකින් ඇතිවන්නට පුළුවන් අතුරුආබාධ ඇතිවෙන්න පුළුවන්....බොහො දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ එන්නත් ලබාගෙන කාලයක් ගියාට පස්සේ මොනාහරි ප්‍රශ්නයක් වෙනවද කියල අහනවා..කොවිඩ් 19 වයිරසය කියන්නේ ඉතාම කෙටි ආයු කාලයක් තියෙන රෝගයක්...අවුරුද්දක් වගේතමයි ඉක්ම ගිහින් තියෙන්නේ මේ රෝගය හදුනාගෙන...ඒ නිසා මේ එන්නත් එන්නත ලබා ගත්තට පස්සේ ඇතිවෙන ප්‍රතිඵල සම්බන්ධව තාම පර්යේෂණ දත්ත ප්‍රමාණවත් නෑ...ඒ නිසා අපට කාලයක් ගියාම තමයි දැනගන්නට පුළුවන් වෙන්නේ මේ රෝගයේ ඉදිරිකාලීන ප්‍රතිඵල මොනවද කියලා.....දැනට තියෙන දත්ත අනුව කාලයක් ඉදිරියට අනාවැකි පලකරන් අමාරුයි....
මේ අවස්ථාවේ අපට කියන්න තියෙන්නේ කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වනවා...කොවිඩ් නිව්මෝනියා තත්වයේ රෝගීන් වර්ධනය වීමක් වාර්තා වෙනවා....ඒ නිසා මේ රෝගයෙන් ආරක්ෂා වීම සදහා මියයාමෙ හැකියාව අවම කරගැනීම සදහා කිසියම් ආකාරයක ප්‍රතිශක්තියක් අපට අවශ්‍යයි එහෙමනම් එන්නත්කරණය් ඉතාමත්ම වැදගත්....ඔබට හැකියාව තියෙනවනම් මේ වෙනුවෙන් එන්නතක් ලබාගන්න ඒක මඟහරින්න එපා මේ එන්නත ලබාගැනීමට යොමු වෙන්න කියලා කියන පණිවිඩේ තමයි දෙන්න තියෙන්නේ....
ඒ වගේම අපේ රටේ ඉන්නව ඇස්ට්‍රෙසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත්ත පිරිසක් එතකොට මේ පිරිසට ඇස්ට්‍රෙසෙනිකා දෙවන මාත්‍රාව අපට පේන්නේ නෑ ලැබෙයි කියලා...එතකොට මේ අයට වෙන්තඑන්නතකින් දෙවනි මාත්‍රාව ලබාගන්න පුළුවන්ද කියලා තවම පරීක්ෂණ මට්ටමේ තමයි තියෙන්නේ...තවම ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙන්නේ නෑ...ඒ නිසා අප බලාපොරොත්තු වෙනව පළමු මාත්‍රාව ලබාගත්ත අයට කිසියම් පිළිතුරක් ලැබේවි කියලා ඒ අයට මොනවගේ දෙයක්ද කරන් පුළුවන් කියලා තමන්ගේ ප්‍රතිශක්තිය සම්පූර්ණ කරගන්න....මේ කිසිදු එන්නතකින් ලැබෙන ප්‍රතිශක්තිය කොයි තරම් කාලයකට වලංගුද කියන දේ අපට තවම කියන්න බෑ...එන්නත ඔබ ලබාගත්තත් අනිවාර්යෙන් ඔබ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත විය යුතුමයි...මොකද 100%ක කිසිදු ආරක්ෂාවක් මේ කිසිදු එන්නතකින් ලැබෙන්නේ නැති නිසා...එන්නත්කරණය හා නිසි සෞඛ්‍ය පුරුදු මගින් අපි කොවිඩ් 19 මැඩලන්නට දායක වෙමු..
Comments
Post a Comment
Your comment will be visible after approval