ඇතැම් දුම්රිය වෘත්තීය සංගම් සීමාව ඉක්මවමින් විහිළුසහගත ලෙස වර්ජනවලට යොමුව ඇති බවත්, ඒ අනුව ජනාධිපතිවරයාද දැනුවත් කරමින් දුම්රිය අතවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට තමන් කටයුතු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ ලංගම සේවකයන් සියලු අවදානම් තත්ත්ව මත ජනතාව සහ රෝගීන් ප්‍රවාහනය කිරීම සිදු කරමින් තිබියදී පීලි මත දුවන අයට පමණක් වෙනම නීතියක් තිබිය නොහැකි බවයි. කෙසේවුවද රට තුළ උද්ගතව ඇති තත්ත්වය මත ඉතා අපහසු වාතාවරණයක් යටතේදී අදාළ දුම්රිය සේවකයන්ට කෝවිඩ්-19 මර්දන එන්නත ලබාදීමට කටයුතු යෙදූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, එහෙත් එය ලබාගැනීමේ ස්ථානය සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කර, 'විහිළුසහගත' වර්ජනය දියත් කිරීමට සැලසුම් කිරීම තමන් දැඩිව හෙළා දකින බවද ප්‍රකාශ කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ. කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,
"කවුරු තරහ වුණත් මේ දේ කියන්න වෙනවා. පසුගිය 16වැනිදා රාත්‍රිය වනවිට දුම්රිය ධාවනය කරවීමට අපි සියලු සැලසුම් සකස් කර තිබුණා. නමුත් දුම්රිය වෘත්තීය සමිති O2ක් අපට නොදන්වා හොර රහසේ 17වැනිදා උදෑසන වර්ජනයකට සැලසුම් කර තිබුණා. දැන් අලුත් ක්‍රමයකට පුරුදු වෙලා තියෙනවා, කලින් කියන්නේ නැතිව මිනිස්සු මහපාරට ආවම අනාථ කරන උත්සාහ කරන එක. එවැනි දෙයක් සිදු කරන්නයි උත්සාහය තිබුණේ.ඒ අනුව 16වැනිදා රාත්‍රියේ මම මාධ්‍ය හරහා මේ සැලසුම පිළිබඳ ජනතාව දැනුවත් කළා. ඒ වගේම ලංගම බස් රථ වැඩි ප්රමාණයක්යෙදවූවා. එසේ බස් රථ ලබා දුන්නාට පසු දුම්රිය කිහිපයක් 17වැනිදා ධාවනය කරවන්නට වෘත්තීය සමිති කටයුතු කළා. වර්ජනයක් නැහැයි කියා රටට පෙන්වන්න.
මෙය ඉතා කනගාටුදායක තත්වයක්. මෙහෙම දිගටම කරන අවස්ථාව දෙන බැහැ. කෝවිඩ්-19 එන්නත ලබාදීමේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගෙන තමයි මෙය දියත් වුණේ. ඉතාම අපහසු තත්වයක් යටතේ තමයි අපි ඒ අයට එන්නත ලබන අවස්ථාව ලබා දුන්නේ. නමුත් එය අදාළ ස්ථානයට ගොස් ලබා ගන්න අකමැතියි, තමන්ගේ ස්ථානයේදී ලබාදෙන්න ඕනෑ යැයි පවසමින්,තර්ක ඉදිරිපත් කරමින් හොර රහසේ වර්ජන කරන්න සැලසුම් කළා. කොහොම වුණත්, පළාත් අතර සීමා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන මගීන්ට යම් බස් රථ ප්‍රමාණයක් අපි ධාවනයේ යොදවා තිබෙනවා.
ඉතා පැහැදිලිව අපී නියෝග කර තිබෙනවා සෑම පළාතකින්ම එක දුම්රියක් හෝ කාර්යාල වේලාවට උදෑසනකොළඹට පැමිණිය යුතුයි, නැවත සවස පිටත් විය යුතුයි. අපි මතක තියාගන්න ඕනෑ සීසන් ටිකට් පතින් ගමන් කරන විශාල සේවකයන් පිරිසක් මේ රටේ සිටිනවා. මට මේ විහිළු කාරණාවලට ඉතා පැහැදිලිව ඉදිරියේදී විසඳුමක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම මම ප්‍රවාහන අමාත්‍යතුමා සහ ජනාධිපතිතුමා දැනුවත් කර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා. අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කළාම නීතිය එකක්, නැති වුණාම තව එකක්.ඒ නිසා ඒක කළාට පසු ඉතිරි දේවල් බලා ගන්න පුළුවන්. ගම්පහ කොන්දොස්තර මහතෙක් කෝවිඩ් නිසා මියගියා.
ලංගම සේවකයෙකුගේ වැටුප උපරීම රුපියල් 30,000ක් 40,000ක් පමණ වනවා. නමුත් දුම්රිය රියදුරන්, අන්නෙකුත් අය රුපියල් ලක්ෂයකට එහා වැටුප් ලබනවා. දුම්රිය එන්ජින්වලට අපි කවුරුත් මහජනතාව නගින්නේ නෑ. නියාමකවරු ඉන්නේ ඒ අයගේ පෙට්ටියේ. ඒ අයට එන්නත දෙන්න ඕනෑ, ඒක වෙනම කතාවක්. නමුත් ඒ අයට වැඩි අවදානමක් මෙතනදි නෑ. සියලු අවදානම් ත්ත්වයන් තියෙන්නේ ජනතාව සහ රෝගීන් ප්‍රවාහනය කරන්න මහපාරේ දුවන අංශයට. ඒ වගේන්ම 'පීලි' උඩ දුවන අයට විතරක් වෙනම නීතියක් තියෙන්න බැහැ” යැයිද අවධාරණය කළේය.
(නිදර්ශණි වික්‍රමසිංහ)
0 Comments