dinithi-walgamage

●සම්පූර්ණ නම...?
         ''වල්ගමගේ දිනිති සෙව්වන්දි.....''
●උපන් ගම ....?
             ''ගාල්ල....''
●පාසල් ගියේ...?
        ''ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය...''
●පවුලේ විස්තර...?
        ''මම,අම්මා,තාත්තා,ලොකු අම්මා,අයියලා දෙන්නා.....''
●රැකියාව...?
        ''දැනට වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක්...''
●ව්‍යාපාර එහෙම තියෙනවාද...?
         ''ව්‍යාපාර නෑ.....''
●මේ වෙනකොට ටෙලි නිර්මාණ කීයකට විතර දායකත්වය ලබාදීලා තියෙනවාද....?
        ''අටක්....ප්‍රධාන චරිත...''
●මොකක්ද පළවෙනි නිර්මාණය...?
      ''හාරකෝටිය...''
●කවුද දිනිති වල්ගමගේ කියන්නේ....?
          ''දිනිති වල්ගමගේ කියන කෙනා තාම BUILDUP කරනගමන් ඉන්නේ....තවම මට හම්බවෙලා නෑ සම්පූර්ණ දිනිති වල්ගමගේ.... අඹනගමන් මට හම්බවෙච්ච දේවල් ටික මම කියන්නම් මම කියන්නේ කව්ද කියලා....තීරණ හරිම කෙලින් ගන්න කෙනෙක්, ඒකමතික තීරණ කිව්වොත් හරි...මම ගොඩාක් මගේ ජීවිතේ අරන් තියෙන්නේ ඒ වගේ තීරණ..හැබැයි මම ඒ ගත්ත එක තීරණයක් ගැනවත් regret කරන්නේ නෑ...පසුතැවෙන්නේ නෑ මොකද මම ඒ ගත්ත හැමතීරණයක් ගැනම මම responsibility එක ගන්නවා...වැරදුනත් ඒත් මට කමක් නෑ...අදාල නෑ...මම ප්‍රශ්ණ කවදාවත් ප්‍රශ්ණයක් කරගන්නේ නෑ...PAST IS PAST....මට කරන්න දෙයක් නෑ...I CANT CHANGE PAST...හැබැයි මට ඒ past එකේ තිබ්බ scars ඔක්කොම මතකයි..මම ඒක මගේ present එකට ගන්නවා present එක ඒ scars ඔක්කොම heal කරගෙන මම මගේ bright future එක හදාගන්නවා...එහෙම කෙනෙක් මම...මගේ ජීවිතේ ultimate goal එක වෙන්නේ happiness...එච්චරයි...මට අනිත් මුකුත් වැඩක් නෑ ඉතිං...සතුටින් ඉන්න තිබුනොත් එච්චරයි මගේ ජීවිතේ...සතුට තමයි ප්‍රධානම දේ...''


●මොකක්ද ඔයාට අනුව සතුට කියන්නේ...?
         ''මම ගොඩාක් ලද දෙයින් සතුටුවෙන කෙනෙක්..මට තාත්තා හැමවෙලේම කියන්නේ පොඩි ළමයෙක්ගේ මනස තියාගන්න කියලා...පොඩි ළමයි හරි ඉක්මනට සතුටු කරන්න පුළුවන්නේ...පොඩි ළමයෙක්ට pen එකක විසිල් එකක් දුන්නොත් අපට ඒක pen එකක විසිල් එකක් but එයාට ඒක rocket එකක්...එයා ඒකෙන් ගොඩාක් සතුටු වෙනවා...ඒ වගේම මට තාත්තා කියලා තියෙන්නේ ඔයාට ලද දෙයින් සතුටු වෙන්න කියලා...දේවල් තියෙන දෙයින් සතුටු උනහම අපට නැතිදේවල් ගැන අපට දුක නෑ...අපට දෙයක් තිබිලා නැති උනොත් තමා දුක...ඕනවට වඩා ඕනම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා තාත්තා කියලා තියෙනවා...මොකද බලාපොරොත්තු නැති උනාම තමයි දුක හිතෙන්නේ...එතනයි දුක...සතුට කියන්නේ මොකක්ද කියනවට වඩා මම කියන්නම් දුක කියන්නේ මොකක්ද කියලා..දුක හිතෙන්නේ නැති විදිහට ඉන්න එකතමයි මම හිතන්නේ සතුට කියලා...හරිම ලේසී..මට ලොකු ලොකු බලාපොරොත්තු නෑනේ..මට අවුරුදු 30 වෙනකොට මෙතනට යන්න ඕන 35 වෙනකොට මෙතනට යන්න ඕන,මට shop එකක් ගන්න ඕන,මට apartment එකක් ගන්න ඕන...මේ දේවල් මට නෑ...මම හරී  සතුටින් හරිම සැහැල්ලුවෙන් මට job එකක් තියෙනවා මට හම්බුවෙන ආදායම හොදටම ඇති මම ඒවයින හොදට enjoy කරලා ඉන්නවා මගේ ජීවිතේ...''
●එහෙම target එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද..?
            ''target කියන්නේ මට එහෙම long plan targets නෙවෙයිනේ...ඔයාගේ  target එක මොකක්ද ජීවිතේ...හරි...ඔයාට අවුරුදු 40 වෙනකොට යන්න ඕන මෙතනට ජීවිතේ එහෙම හිතමුකෝ අපි...මම මගේ ජීවිතේ මගේ වයසේ අයට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා...අපේ අම්මා දවසක් මගෙන් call කරලා මේ අවුරුද්දට wish කරනකොට අම්මා කියනවා දැන් පුතා හැමොම අහනවා marry කරන්නේ නැද්ද කියලා මම ඇහුවා අම්මගෙන් දුකයිද මං ගැන ඔව් පුතා මට ඒක විතරයි තියෙන එකම දුක මම කිව්වා අම්මා මම හිතවා මං ගැන අම්මා ආඩම්බරයි කියලා මොකද අම්මා කවදාවත් මං ගැන ඔහොම  කතා කරලා නෑනේ කියලා...මම marry කලානම් මෙතන ඉන්නේ නෑ...මට මේ නිදහස නෑ..එහෙම උනානම් අම්මා කොහොමද අඩම්බර වෙන්නේ මංගැන හරි පුතා මට තේරුනා මට තේරුනා මම අඩම්බරයි මට සතුටුයි ඔයා ඉන්න තැන ඔයා කැමති තීරණයක් ගන්න මට ප්‍රශ්ණයක් නෑ කිව්වා...මට අම්මලා උනත් බලපෑම් කරන්නේ නෑ කිසිම දේකට...මම හරිම සරලව හරිම නිදහසේ ජීවත් වෙනවා...''
●විවාහ උනානම් ඔබ අද ඉන්න තැන ඔබට ඉන්න වෙන්නෙ නෑ කියලා ඔබ විශ්වාස කරනවාද...?
              ''සමහර විට වෙන්න පුළුවන්...මොකද මම විවාහය ගැන හිතාගෙන ඉන්නේ මම දන්නේ නෑ ඒක මගේ අම්මා තාත්තාගේ විදිහනේ මම හිතන්නේ...මොකද මගේ අම්මා අයියා හම්බුනාම එයාගේ job එක නැවැත්තුවා,අම්මා ගුරුවරියක්,තාත්තා ගුරු උපදේශකයෙක්...හැබැයි අම්මා job එක නැවැත්තුවේ අම්මා තාත්තා ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසය තියලා..තාත්තා ඒ විශ්වාසය අද වෙනකොටත් රකිනවා...ඒ කියන්නේ අම්මට කිසිම අඩුවක් වෙන්න දෙන්නේ නෑ...හැබැයි මම දන්නේ නෑ මට එහෙම කෙනෙක් හම්බුවෙයිද කියලා...මගේ තාත්තා කෙනෙක් වගේ කෙනෙක් මම හිතන්නේ නෑ හම්බුවෙයි කියලා...අපට තියෙන්නේ පොඩි පොඩිlove story...ඒ වගේ story එකකින් මගේ තාත්තා මට හොයාගන්න බැරිවෙයි...මට විශ්වාස කරන්න බෑ මගේ තාත්තා වගේ කෙනෙක් හම්බුවෙයිකියලා ඒ නිසා මම දැනගන්න ඕන මම marry කරන්න කලින් මට පුළුවන් කාලේ මම වැඩ කරනවා... my work very hard....මට තියෙනවා සමහර දවස් වලට පැය 4 නිදාගන්නේ නැති දවස්...මගේ වයසේ අයත් එක්ක බැලුවහම මිනිස්සු පුදුම වෙනවා මම දවස් 12ක් එක දිගට වැඩ කරලා තියෙනවා නිදාගන්නේ නැතුව...job එකයි මගේ shooting නිසා...''
●දැන් වයස කීයද....?
            ''කීයක් විතර පේනවාද...මගේ generation එක කියමුකො....මගේ generation එකේ අයට වඩා මම ගොඩාක් වැඩ කරනවා...මොකද මම flight ගිහින් land කරලා එහෙන්මම shooting යනවා...මට නිදාගන්න වෙලා නෑ..එහෙම restless මම වැඩ කරලා තියෙනවා....මම කියන්නේ මට පුළුවන් කාලේ මම වැඩ කරනවා ඒ වැඩ කරලා මම සල්ලි හොයාගෙන මම save කරලා හෝ investment කරලා මම හදාගන්නවා marry කරන දවසකට මට free  එකේ ඉන්න පුළුවන් වෙන්න...මගේ foundation එක මම දාගන්නවා...නැත්තම් මට දෙයක් ගන්න ඕන උනොත් මගේ යාළුවෙක්ට දෙයක් කරන්න ඕන උනොත්,මගේ අම්මට තාත්තට දෙයක් කරන්න ඕන උනොත්,මට මනුස්සයගෙන් සල්ලි ඉල්ලන්න බෑ...මම එතනට වැටෙන්නේ නෑ...මම Depend වෙන්න කැමති නෑ කාගෙන්වත්....very independent and happy women....මම  Depend උනොත් එයා ඊට පස්සේ එයා මාව control කරන්න බලයි...මම එහෙම control වෙන්න කැමති නැති කෙනෙක්...මේ දවස් වල මම එක්කට කරන්නේ මගේ පසුබිම හදාගන්නවා....''
●ජීවිතේ අද්දැකීම් එක්කද ඔය කතා කරන්නේ.....?
        ''ඔව්...හරි....මගේ යාළුවෝ ගොඩාක් එහෙම ඉන්නවා...මට experience ගන්න මම marry කරලා නැනේ...''
●marry කරන්නම ඕන නෑනේ....නමුත් ආදර සම්බන්ධතා වලදී එහෙම ප්‍රශ්න වලට මුහුණපාලා තියෙනවද...?
                     ''මම ඕකට උදාහරණයක් කියන්නම් මගේ ජීවිතේ...මට මේ ළඟදී උන සිදුවීමක්...මට මේ දවස් වල ගෙදරින් proposal එහෙමත් එනවනේ...proposal එකක් ආවා...එයා මට කැමතිවෙලා තියෙන්නේ tv එකේ දැකලා,acting career එක ,මම ගුවන් සේවිකාවක් කියන මේ හැමදේම දැනගෙන කැමති වෙච්ච මනුස්සයාගෙ අම්මා ඇවිල්ලා කට්ටිය කතා කරනකොට කියනවා මෙහෙමයි අපි ඔයාව queen කෙනෙක් වගේ තියන්නම් කිසි ප්‍රශ්ණයක් නෑ පුතා ඔයාට කිසිම අඩුවක් වෙන්න තියන්නේ නෑ හැබැයි ඉතිං fly කරන එක කරදරයි නේද ඔයාට fly කරන එක නවත්තන්න වෙයි marry කරාට පස්සේ...එතකොටම මේ act කරන එකත් නවත්තන්න වෙයි...මම එකපාරට තාත්තා දිහා බැලුවා..මට ඒ වෙලේ මට හිතුනේ මට ඉන්න එකම දේ තාත්තා මොකක්ද මෙයා කියන්නේ මෙයා මොකක් කියයිද කියලා මට හිතුනේ...තාත්තා කිව්වා...අවුරුදු විසිගානක් මම මගේ දුවට එපා කියපු නැති දේ ඔයාට කිසිම අයිතියක් නැතුව ඔයා කොහොමද කියන්නේ එපා කියලා...

මට ඔය මගේ දුවව සතුටින් තියයි කියලා හිතන්න බෑ....මගේ දුව ඔයා ළඟට එවන්නේ නෑ මං...මගේ දුවකැමති උනත් මම මේ කසාදෙට කැමති නෑ...මට ඒ වෙලාවෙ මට හිතුනා  my god ශා...මරුනේ වගේ එකක් මගේ ජීවිතේ වීරයා මගේ තාත්තා...හැම ගෑණු ළමයෙක්ගෙම එහෙමනේ...මම අද මෙතන මෙහෙම ඉදගෙන කතා කරන්නේ,බය නැතුව කතා කරන්න මූලික උනේ තාත්තා...තාත්තා නාට්‍ය හා රංගකලා ගුරු උපදේශක...මම පළවෙනි පාර stage එකකට නගින්න ඇත්තේ අම්මගේ බඩේ ඉන්න කාලේ...ඒ කාලේ ඉදලම drama ගෙදරත්  drama stage එකෙත්   drama හැමතිස්සෙම  drama ගෙදර ඔක්කොම එහෙම තමයි...අපේ ගෙදර බහු ශිල්ප ආයතනයක් තිබ්බා තාත්තගේ work shop තිබ්බා...

තාත්තා මුලින්ම ඉගැන්නුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ...ඉතිං  drama crew එකම අපේ ගෙදර...අපේ ගෙදර රෑටවත් දොරවල් වහන්නේ නෑ හැමවෙලේම කවුරුහරි ඉන්නවා...බෙරගහනවා..ඒක අපේ වටේ මිනිස්සු දන්නවා...මේ ගෙදර සංගීත,නාට්‍ය පවුලක් කියලා...කලා පවුලක්...එහෙම හැදුන කෙනෙක් මම...එහෙම හැදිච්ච මිනිස්සු මාව එහෙම එක පාරටම හිර කරන්න හදන එක අසාධාරනයිනේ නේද...මම කැමැත්තෙන් නවතින එක වෙනම කතාවක්...මගේ අම්මවනේ මම දැකලා තියෙන්නේ මටත් ඕන කවදහරි මගේ අම්මා වගේ වෙන්න...මටත් ඕන ලස්සන පවුලක් තියාගෙන ලස්සනට ජීවත් වෙන්න මාත් ආසයි...හැබැයි මම හොයාගන්න කෙනා කවදහරි දවසක මට ආදරෙයිනම් එයා කවදාවත් මාව ඇතුලේ හිර කරගෙන තියන එකක් නෑ..

මම public figure එකක් මට talent එක තියනවා අපරාදේ...මැණික් තියෙන්නේ හංගගෙන සේප්පුවෙ දාගෙන තියන් ඉන්න නෙවෙයි..පේන්න අඳින්න...මං හිතන්නේ මට හරියන කෙනෙක් හම්බුනොත් එයා කවදාවත් මාව හංගගෙන ඉන්න එකක් නෑ...මට මගේ දේ කරන්න කියලා කියයි..''



●තරුණියක් හැටියට විවාහ වෙනවානම් කෙනෙක් එක්ක කාන්තාවක්,තරුණියක් කරන්න ඕන කැපකිරීම් විදිහට ඔයා මොනවාද දකින්නේ....?
            ''මේක පීතෘ මුලික සමාජයක්...පුර්ෂයා මූලික කරගෙනනේ ඉන්නේ කෙහොමත්...මම ඒක විශ්වාස කරනවා..මම ඒකට ඉඩ දෙනවා කිසිම ප්‍රශ්ණයක් නෑ....හැබැයි මෙහෙමයි පිරිමියා හදන්නේ ගොඩාක් වෙලාවට ගැහැනිය පහතට දාන්න මොකද එයා බයයි එයාට insecurity තියෙනවා ගැහැනියකගේ විභවය පිරිමියා දන්නවා...ගැහැනියකට කල නොහැක්කක් නොමැත...ලංකාවට දළඳා වහන්සේ වඩම්වන්නේ කාන්තාවක්...ශ්‍රී මහා බෝධිය වඩම්වන්නේ කාන්තාවක්...ඇයි මේ...කාන්තාවට කල නොහැක්කක් නොමැත...ඒක පිරිමියාගේ හිතේ තියෙනවා...ඕක Genes වල තියෙනවා අපේ...පිරිමියා දන්නවා මේ ගෑනි මෙහෙම මේච්චර උඩට ගියොත්,මට වඩා උඩට ගියොත්...අපේ තියෙනවනේ මැඩම් කියන්න ලැඡ්ඡයිනේ ලංකාවේ තමයි මේක තියෙන්නේ...වෙන රට වල ඕක නෑනේ...ලංකාවේ කෙනෙක් CO කෙනෙක් උනාම අපි දැන් එයාට මැඩම් කියන්න ඕනද එහේම පොඩි ප්‍රශ්ණ තියෙනවනේ...ඊට පස්සේ තමයි ගහන්න පටන් ගන්නේ....පිරිමියෙක් single farther,company co,merc එකක් drive කරනවා කියලා හිතමු මේ ටිකම කාන්තාවකට තිබ්බොත් මොකක්ද කියන්නේ ...පිරිමියාට කියනවා අනේ පව් බලන්න කොච්චර මහන්සි වෙනවද එයා හැබැයි කාන්තාවට මොකක්ද කියන්නේ ඔය කාගෙ හරි හොර catch එකක් වචනෙන්ම කිව්වොත් එහෙමනේ...අපේ ඒක දාලා තියෙන්නේ සමජයේ කාන්තාවට මුකුත් කරගන්න බෑ මොනහරි දෙයක් උනාම අඬයි...අඬන්නේ කවුද...අපියි ශක්තිමත්ම...අපි අඬන්නේ නෑ...අපි ඇඬුවත් අඬලා ඒක ඉවර කරනවා...අපිට පිරිමිට වගේ  depression හැදෙන්නේ නෑ....පිරිමියා කඳුලු හංගගෙන ඉදලා depression හැදෙනවා ඒ අයට..අපි ඒක express කරලා ඉවර කරනවා...අපි strong..පිරිමි කෙනෙක්ට පුළුවන්ද බබෙක්ව deliver කරන්න...

එච්චර හයියක් තියෙනවද...අපි එච්චර හයියයි...ඒ උනාට දැන් මේ සමාජයේ වෙලා තියෙන්නේ කාන්තාවන්ම තමයි කාන්තාවම පල්ලෙහාට දාන්නේ...අර කියන්නේ මහන්සි වෙන්න ඕන නෑ හාන්සි උනානම් ලේසි කියලා...අන්න ඒ තැන ගෙනත් තියන්නේ ඇයි..අපේ ගොඩාක් අයට වෙලා තියෙන්නේ තමන් විසින්ම නැති කරගත්ත දෙයක්නේ මේක...මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ හාරකෝටියෙන්...මගේ තාත්තා මේ නාට්‍ය හා රංගකලාව කරලා තිබුනට මම ඕපපාතික චරිතයක් උනා මේ industry එකට...මම ආවම කවුරුත් මාව අඳුරන්නේ නෑ...මම තනියම මේ ගමන ආවේ...අද වෙනකල් මේ industry එකේ කිසිම කෙනෙක්ගෙන් අයුතු යෝජනාවක් ඇවිල්ලා නෑ...අද වෙනකල්ම මම හිතන්නේ මම වැඩ කරන විදිහ හෝ මං වැඩ කරන පිරිස හෝ ඒ  මොකක් හරි නිසා වෙන්නැති අද වෙනකල් මට එහෙම කිසිම දෙයක් වෙලා නෑ...හැබැයි මට එහෙම කියලා ඕන කමක් වෙලත් නෑ...මට කෙනෙක්ට කතා කරලා අනේ මට drama  එකක් දෙන්න එහෙමවත් මම ජීවිතේට කියලා නෑ...මට සමහර වෙලාවට ලැඡ්ඡයි මගේ යාලුවෝ අහනවා ආනේ drama එකක් පොඩි කෑල්ලක් දෙන්න පුළුවන්ද කියලා මගේන් අහනවා director ඔයා මෙයාව අඳුරනවද ඔයාගේ යාළුවෙක් කියලා...මට එතකොට feel වෙන දේ හිතන්න...මම මෙච්චර මම දිනිති වල්ගමගේ කියලා කෙනෙක් මේ විදිහට හදාගෙන ඉන්නවා මෙහෙමයි අපි ගෑනු අපි මෙහෙම ඉන්න ඕන...

පිරිමිට ඕනනම් ළඟට ඇවිල්ලා අනේ මේක කරන්න කියන තැනට ගෙනල්ලා තියෙද්දි අනේ මට මෙහෙම කරන්න කෑල්ලක් දෙන්න drama එකක කියලා ඉල්ලනකොට කොච්චර කැතද....අපිම තමයි අපිව නැති කරගෙන තියෙන්නේ.... පිතෘ මූලික විදිහට තිබුනනම් හොදයි...අපි හිතමුකො marry කරලා Divorce උනා කියලා...ගෑනුකෙනා තමයි වැරදි...පිරිමිකෙනා කොච්චර වැරදි කලත් ඒක ප්‍රශ්ණයක් නෑ ඒ අයට...ඒක සමාජයේ දකින විදිහ මම කියන්නේ තමන් හරියට හිටියොත් තමන්ට සතුටින් ඉන්න බැරිනම් එතනින් අයින් උනාට කමක් නෑ...ඉන්න ඕන නෑ...විවාහකදි උනත්...අනිවාර්යෙන් ඉන්න ඕන නෑ..මොකටද ඉන්නේ...අප මේ හැමදේම කරන්නේ සතුටටනම් සතුට නැත්තම් ඇයි එතන ඉන්නේ...මිනිස්සු ගහයි ඇතිවෙන්න...මිනිස්සු බලන් ඉන්නේ ගහන්න ඔව් මටත් එහෙම කාලයක් තිබ්බා..මම relationship ගැන හිතුවම ගැඹුරටම යනවා මේක මෙහෙමයි මිනිස්සු මේ දේ දන්නවා,මිනිස්සු මොනවා හිතයිද කියලා ගොඩාක් හිතලා හිතලා relationship එකක කොටුවෙලා හිටපු කෙනෙක්...එහෙම ඉදල මම ඒ relationship එකෙන් අයින් උනේ ඒක වදයක්...වදයක් කියන්නේ මනසට වදයක්...cheat කරන එක ඒක කමක් නෑ, ඒක කමක් නෑ කියන්නේ ඒකට Reasons එකක් තියෙන්න පුළුවන්...සමාව දෙන්න පුළුවන්...පළවෙනි පාර සමාවදෙන්න පුළුවන්,ආදරේ කියන දේ අනිත් හැමදේටම වඩා උඩගියොත් දෙවනි වතාවටත් සමාවදෙන්න පුළුවන්,තුත්වනි පාරට ඒ මනුස්සයි ඒක කරන්නේ පුරුද්දට අපි ඒත් සමාව දුන්නා කියන්නේ respect කියන දේ ඒ එතන නැති උනොත් එතන ඉන්න බෑ ගෑනු කෙනෙක්ට...cheat කරන එක ඔක්කොම පැත්තකින් දාන්න,

ඔයා මට respect කරන්නේ නැත්තම් මම මෙතන මෙහෙම ඉන්නේ මොකටද respect එකක් නැතිතැන...එහෙම උනාට පස්සේ ඒක ඉවරයි...අපේ හැඟීම් කල් ඉකුත් වෙනවා එතකොට...ඇයි ඉතින් මෙච්චර මම මේ මනුස්සයට කරලත්..මම ආස නෑ ඒ කතාව කියන්න නැවත නැවත ඒ දේ මතක් කරන්න කැමති නෑ...මම කරපු දේවල් කියන්න කැමති කෙනෙක් නෙවෙයි...මම  afair එක පටන් ගනිද්දි මම universityඑකෙන් out උනා විතරයි...එතකොට අපි දෙන්නම හිටියේ එකම සමාන මට්ටම් වල අපි දෙන්නම සමානයි අපි දෙන්නටම ගානක් නෑ ජොලියේ හිටියා...මෙහෙම යනකොට මම වෙන field එකකට ගියා එන්න එන්න මම උඩ යන්න ගත්තා,එතනදි මම කිව්වේ insecurity කිව්ව එක ඒකත් එයාට ආවා...තමන් එක්ක එකට හිටිය කෙනෙක් මේ ටික ටික උඩට යනකොට එයා මගෙන් Depend වෙන්න ගත්තා...මම එයාට වඩා දහගුණයක් විතර හම්බකරන්න ගත්තා...එතකොට අඳින ඇඳුමේ ඉදලා,shampoo එකේ ඉදලා,cream එකේ ඉදලා හැමදේම මම එයාට දුන්නා...එතකොට එයාට හිතෙනවා එයා Depend වෙනවා කියලා..එතකොට ඒක එයාට හීනමානය වගේ එකක් එනවා...එතකොට එයා බලනවා මෙයා කවදහරිමාව දාලා ගියොත් i should have a backup කියලා එයා backup හොයන්න ගන්නවා..එතකොට තමයි ප්‍රශ්ණ ඇතිවෙන්නේ...මම ඒක තේරුම් ගත්තා..ඔයා ඉන්න බය වෙන්න එපා මම ඉන්නවා කියලත් එක දෙක තුන තුනෙන් පස්සේ වෙනකොට respect එක නෑ...respect එක නෑ කියන්නේ ඉතිං වැඩක් නෑ ඉදලා...''

●කොහොමද ඔබ sri lankan airline join වෙන්නේ...?
              ''මම study කරන්නේ india වල university of bangalore...after a/l මට scholarship එකක් හම්බුවෙනවා ලංකාවේ 12 දෙනෙක්ට හම්බුවෙන scholarship එකක්...මම bio කලේ...ලංකාවේ campus යන්න ලකුණුමදි...මම prefect කෙනෙක්,band leader,drama president,science president,මට තාම bascket ball play කරන්න බැරි උනා...එච්චරමයි...මම සේරම sports කරලා තියෙනවා...ඒ අතරේ මේ හැමදේම එක්ක...All Island certificate 7ක් තිබ්බා එකම අවුරුද්දේ...හොඳම නළුවා,මම towerhall drama,shakespeare drama ඔක්කොම කලා....හොඳම නළුවා ඒ කියන්නේ මම බාලිකා පාසලක්නේ එතකොට පිරිමි චරිත කරන්නෙත් අපිමයි the praposal කියන එකේ Lomov කියන Character එක මම පිරිමි ඉස්කෝලත් එක්ක තරඟ කරලා තමයි මම හොඳම නළුවා උනේ...හොඳම නිළිය Lady Macbeth Character එකට,band leader,dancing දෙකක් තිබුනා,mathematics වලින් තිබුනා අම්මා maths teacher...මේ වගේ  .All Island certificate 7ක් තිබ්බා...මේ වගේ දක්ෂ ළමයි 12 දෙනෙකුට අවස්ථාව දුන්නා ඉන්දියාවේ ඉගෙන ගන්න...

biotechnology මගේ degree එක...පොඩි කාලේ ඉදලා මම හරිම දක්ෂයි ඉගෙන ගන්න...ශිෂ්‍යත්වයෙන් මට තිබ්බා දිස්ත්‍රික් rank එකක්...ඊට පස්සේ O/L A 8 B 1 එහෙම තමයි ඉතිං...අම්මලා තාත්තලා අයියල ඉගෙන ගන්න එක විතරනේ කලේ...මගේ අම්මා TEACHER,තාත්තා ගුරු උපදේශක,ලොකු අම්මා principal,මාමා TEACHER,ඔක්කොම TEACHER ලා...ගෙදරත් ඉස්කෝලයක් වගේ...අම්මා මට කිව්වේ ඔයා ඕන කැමති දෙයක් කරගන්න හැබැයි ඊට කලින් degree certificate එක ගහන්න ඕන බිත්තියේ කියලා...මට  degree කරලා දෙන්න ඊට පස්සේ ඔයා ඕන දෙයක් කරගන්න කියලා කිව්වා...මට ඇත්තටම ඕන කලේ නෑ bio වලින්  degree එකක් කරන්න...මම අම්මගේ උවමනාවට විතරයි මම කලේ...

මට ඕන උනේ ලෝකේ බලන්න...මට තියෙන්නේ ඒ වගේ ඒවනේ...මගේ ජීවිතේ happiness තමයි මට ඕන....මට ඕන නෑ ලොකු රස්සාවල් කරන්න,ලොකු COMPANY එකක් ගෙනියන්න මට ඕන නෑ...මට ඕන ලෝකේ බලන්න..ඔය දැන් රට ගිය අය ආවම කතා කරන්න හරි ආසයිනේ එයාලා ඇවිල්ලා කියනවනේ ඔයා යන්න ඕන දුවා ඒ රටට කියලා එතකොට මට හරිම ඉරිසියයි ඉන්නකො මම ගිහිල්ලා කතා කරන්න කියන එක මට මුල් කාලේ ඉදලාම ඔළුවේ තිබුණා රට රට වලට යන්න ඕන කියන එක...හැබැයි ඉතිං පස්සේ තේරුණා ඒකටත් සල්ලි ඕනනේ..රට රටවල් වලට යන්න නිකං බෑනේ...මම කල්පනා කලා මේකට මොකක්ද කරන්න ඕන කියන එක..නිකං රට වලට යන්න පුළුවන් JOB  එක මොකක්ද කියලා මම කල්පනා කලා...piloting කරන්න ගොඩාක් ලොකු ගානක් යනවා ඒක හරියන්නේ නෑ...ඊට පස්සේ මම කොහොමහරි cabin crew එක ගැන දැනගෙන හිටියා ඒත් මට උවමනාවක් තිබුනේ නෑ cabin crew join  වෙන්න මොකද අම්මා ටිකක් study  පැත්තට බරයිනේ...cabin crew කිව්ව ගමන් මං දන්නවා මෙතන තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්නවා මේ මොකක්ද මේ කරන්න හදන්නේ කියලා...මම එතකොට අම්මලාට මුකුත් නොකියා මගේ යාළුවෙක් හිටියා එයා  sri lankan airline join වෙන්න හිටියා...මම මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා...මම job එකකුත් කලා jinasena innovation center එකේ researcher කෙනෙක් විදිහට වැඩ කලා ඊට පස්සේ බොහොම කෙටි කාලයක් university of colombo වැඩ කලා
assistant lecturer කෙනෙක් විදිහට..ඒ අතරේ තමයි මට මේක හම්බවෙන්නේ...කමක් නෑ ඔයත් එන්න මගේ තනියට හරි එන්න සාරියක් ඇඳගෙන එන්න cv එකක් අරන් යං කියලා කිව්වා...මම දන්නේ නෑ කිසි දෙයක් cabin crew ගැන...ඒ පෝළිම තිබුණා කියන්නේ පන්දාස් පන්සීයක් විතර interview එකට...ඒ අතරින් 75 ගත්තේ...මම lucky මාව select උනා ඉතිං...ඒ අවස්ථාව මං හිතන්නේ අර turning point කියන්නේ  මගේ ජීවිතේම වෙනස් උනා...ගෙදරට මම මුලින්ම කිව්වේ නෑ...අපට යන්න උනා interview පහක් විතර තිබ්බා..ඒ කාලේ සල්ලිත් නෑනේ..university out උනා විතරයි...
මට assistant lecturer කෙනෙක් විදිහට මට හම්බුනේ twenty-one thousand...ඒක ඉවර වෙනවා බෝඩිම්ටයි කෑම වලටයි ගෙව්වම ඉවරයි...නිතරම කොළඹ යන්නත් ඕන මේක අම්මට කියන්නත් ඕන...රස්සාවෙන් අයින් වෙන්නත් ඕන ප්‍රශ්ණ ගොඩයි...පස්සේ මම ලොකු අම්මව ශේප් කරගත්තා..ලොකු අම්මා එක්ක medical එකටත් ගිහිල්ලා ඒ ටික කරගත්තා...කෝමහරි ඔන්න මම දැන select වෙලා job එක හරි...ඔන්න දැන් කිව්වා Sign කරන්න එන්න කියලා..එතකොට අම්මට කිව්වා අම්ම මෙහෙම cabin crew දැම්මා මොකක් cabin crew ඔයා කියන්නේ මේ  Air hostess කෙනෙක් වෙන්නද හදන්නේ කියලා ඊට පස්සේ මම කිව්වා නැ අම්මා හොදයි රස්සාව පොඩ්ඩක් ඉන්නකො කලබල වෙන්නේ නැතුව ඔයාගේ degree එක හම්බුනානේ ඔයාට පොඩ්ඩක් ඉන්නකො කලබල වෙන්නේ නැතුව මම කරලා බලන්නම්...හරි ඔයාට කරන්න ඕනනේ කරලා බලන්නකො හොද නැත්තම් ඔයා අයින්වෙන්න ප්‍රශ්ණයක් නෑ ඒකත් කරලා තියෙන්න එපැයි ජීවත් වෙනවනේ අවුරුදු 70 විතර අවුරුද්දක් ගියාට කමක් නෑනේ කරලා බලන්නකො කිව්වා...මට ඉතිං ගෙදරින් ප්‍රශ්ණයක් නෑ supportive...මේක කරන්න එපා අරක කරන්න එපා එහෙම නෑ කරලා බලන්නකො ඒකත් කරලා තියෙන්න එපැයි කිව්වා...ගියා ඉතිං...එදාගිය ගමන තාමත් ඉතිං flying..''



●කවුද ගුවන් සේවිකාවක් කියන්නේ...?
                   ''හොද ප්‍රශ්ණයක්...ඕක කතා කරනවනම් මෙහෙමයි දැන් අපට පේන්නේ හොද ලස්සනට makeup කරගෙන ලස්සන ගුවන් සේවිකාවක්...මේකේ ඇතුලේ තියෙන දේවල් මිනිස්සු දන්නේ නෑනේ...සාමාන්‍ය මිනිස්සු අපට කියන කතා බලන්නකො...මෙයාලට මේ පඩි ගෙවන්නේ මොකටද මේ තේ අල්ලන මිනිස්සුනේ මේක අනිවාර්යෙන් කියනවා...තේ අල්ලන එක නෙවෙයි අපේ රස්සාව..මනුස්සයෙක්ව a to b කොහොමද safety ගෙනියන්නේ කියන එක ඒක තමයි අපේ රස්සාව...අපි තේ අල්ලනව කියන දේ තියෙන්නේ දෙවනියට අපි මුලින්ම බලන්නේ passengers ලගේ safety එක...හිතන්න TUBඑකක් ඇතුලේ,thirty-five thousand above කවුද ඉන්නේ...මොනා හරි උනොත් අපි ටික විතරනේ ඉන්නේ බේරගන්න...

කීදෙනෙක්ගෙනම ජීවිත බේරගෙන තියෙනවද කීදෙනෙක්ට oxygen දීලා තියෙනවද,heart attack හැදාලා කී දෙනෙක්ව ගොඩ දාලා තියෙනවද,birthchild කරලා තියෙනවද,හිතන්න මේ දේවල් කව්රුත් දන්නේ නෑ...ඒවා කාටවත් පේන්නෙ නෑ...අපට First aid box පහක් තියෙනවා ඒකේ තියෙනව හැමදේම අපි දන්නවා මනුස්සයෙක්ට ලෙඩක් හැදුනම දෙන්න ඕන මොනාද බේත් කියලා අපි දන්නවා,මනුස්සයෙක්ට මොනාහරි උනොත් ඒ මනුස්සයව ගෙනියන්න ඕන කොහොමද කියලා අපි දන්නවා...crash landing එකක උනා කියන්න අපිත් එක්ක මිනිස්සු 365 ක් ඉන්නවා ඒ මිනිස්සුන්ව අපි බේරගන්න ඕන මේ දේවල් කරන්නේ කවුද අපිව පුරුදු කරලා තියෙන්නේ ඒ දේවල් වලට....එහෙම නැතුව මේ තේ අල්ලන්නවත් කෑම බෙදන්නවත් නෙවෙයි....මිනිස්සු කියනවා මුන්ට මොකටද මෙච්චර ගෙවන්නේ කියලා එතකෙට අපේ life risk එක...

අපි ඔක්කොම එකම tube එකේ ඉන්නේ අපි මුලින්ම බලන්නේ  passengersලාව,ඊට පස්සේ තමයි අපි සහ සාමාන්‍ය මනුස්සයෙක් යන්නේ එක පාරයි දෙපාරයි වැඩිම උනොත් ඉදල හිටලා යයි ඒත් මම දැන අවුරුදු 6ක් මම මේ කාලෙට කොච්චර fly කරන්න ඇත්ද...ඇත්ත අපට නොමිලේ රටතොට බලාගන්න පුළුවන් එ අපට තියෙන previlages...ඒවා පොඩ්ඩක් පැත්තකින් තියමුකො මම කියන්නේ මේ ඒ පැත්ත නෙවෙයි....මේ ඔයාලා හිතන්න ඉන්න ගුවන් සේවිකාවට behind th seen....අපට කොච්චර ප්‍රශ්න කියෙනවද,අපට කොච්චර  සෞඛ්‍ය ප්‍රශ්ණ තියෙනවද,අපේ කී දෙනෙක්ට Pregnant වෙන්න බැරිද,ඒවගේ ප්‍රශ්න කොච්චර තියෙනවද ගුවන් සේවිකාවකට ඒවා කාටවත් පේන්නේ නෑ ඒවා කවුරුත් කතා කරන්නේ නෑ.....

හේතුව strees එක,එතකොට අපේ sleeping pattern එක වෙනස්,lak of oxgen,presser rise cabin එකක ඉන්නේ හිතන්න ඒක අපේ ඇඟට කොච්චර හොඳ නැද්ද...ඒ දේවල් කව්රුත් දන්නේ නෑ,මිනිස්සු කතා කරන්නේ අපිට දෙන පඩිය ගැන,රට රටවලට යන්න ලැබෙනවා,shooping  කරන්න හම්බුවෙනවා,ලෝකේ දකින් හම්බුවෙනවා ඒක විතරයි දකින්නේ....අපි ගෙදර එනකොට මම single මට කමක් නෑ...හැබැයි married couples ඉන්නවා,couples ඉන්නවා,බාබාලා ඉන්න අම්මලා ඉන්නවා,ළමයින්ට කිරිදෙන අම්මල ඉන්නවා ළමයව දාලා එනවා රස්සාවට...ඒ අම්මලාගේ දුක හිතන්න...අපි ගොඩක්වෙලාවට land කරන්නේ උදේට අපි ගෙදර යනකොට එළිවෙලා...අපිට නිදාගන්න හම්බුවෙන්නේ නෑනේ කොහොමත් එහෙම උනා කියලා අපට ඊළඟ දවසේ මූණ එල්ලගෙන ඉන්න බෑනේ...අපි ඊළඟ දවසේ වැඩට යන්නේ මේ ලෝකේ සතුටින්ම ඉන්නමිනිස්සු කියලා හිනාවෙලා යනවා...අපට වෙනම සම්මානයක් දෙන්න ඕන ඒ කරන act එකට...ඔච්චර දේවල් අපි කරද්දි අපෙන් වතුර එකක් ඉල්ලුවා දුන්නේ නෑ. මේවා තමයි social media වල දාන්නේ...අමතක වෙන්න බැරිද මිනිස්සුන්ට...''

●ඔබ ඔබගේ ජීවිතයේ මුහුන දුන් අභියෝග මොනවාද...?
                  ''එකක් තිබුනා එයාට passenger to out the flight on oxygen...එයාට nurse කෙනෙකුත් හිටියා...ලන්ඩන් flight එකක්...රෑනේ...ඉතිං nurse ට හොදටම නින්ද ගිහිං...මම කොහොමත් සාමාන්‍යයෙන් passenger ලව බලනවා කොහොමත් walk එකක් යනවා...මට ඇහෙනවා සද්දයක් එනවා බලකොට එයාගේ oxygen mask එක ගැලවිලා...එයාට ඒක කියන්නත් බෑ...oxygen එක ඉවරත් වෙලා එතනම තිබ්බා oxygen එක මම ඉකමනට අරගෙන මාරු කරලා ඊට පස්සේ එයා ok now....එයා බහිනකොට මට කිව්වා පුතා ඔයා මාව බේරුව පිනම ඇති කියලා...මට ඒ වෙලාවේ ලැබුන blessing එක මගේ ජීවිතේ මට ලැබුන ලොකුම ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා...ඒ වගේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා....''

●සමාන්‍යයේන් පැය 7,8,10 FLIGHT එකක ගුවන් මගින් නිදාගන්නවනේ ඔවුන්ට නිදාගන්න පුළුවන්නේ...ගුවන් සේවිකාවකට නිදාගන්න පුළුවන්ද...?
                 ''අපට සාමාන්‍යයෙන් LONG FLIGHT යනවානම් REST එකක් ගන්න පුළුවන්...REST එකක් අපට අනිවාරයෙන් දෙන්න ඕන මොකද mid night flight,, mid night flight යනකොට අපේ body clock  එක වෙනස් වෙනවා...එතකොට අනිවාර්යෙන් rest එකක් දෙන්න ඕන....ඒකට වෙනම crew rest එකක් තියෙනවා...සාමාන්‍ය flight වලනම් අපට නිදාගන්න බෑ...හැබැයි මම මගේ job එකේ මම ආසම දේ තමයි මට හැමදාම හම්බුවෙන්නේ වෙනස් වෙනස් අය....crew එක උනත් අපට හම්බුවෙන්නේ එකම අය නෙවෙයි..office එකක් බැලුවම අපි ආස නැති කෙනෙක් එක්ක වැඩ කරන්න හම්බුනෝත් ඒ මූණ හැමදාම හම්බුවෙනවා....අන්න අපිට ඒක නෑ...ඒ අතින් වාසනාවන්තයි...මොකද passenger ලත් හම්බුවෙන්නේ අලුත් අය මට සාමාන්‍යයෙන් passengerලා දාහක් විතරක් හම්බුවෙනවා...ඒ ඔක්කොම අයගේ කතන්දර දාහක්...

සමහර වෙලාවට රටවල් ගොඩක...මට මනුස්සයෙක් මෙහෙම ඇවිල්ලා හිටගත්තත් මට කියන්න පුළුවන් ඒ කෙනා කොයි වගේද කියලා....read කරන්න පුළුවන්....මිනිස්සු පෙන්නන එක නෙවෙයිනේ ගොඩක්...අපි පෙන්නන එක නෙවෙයි තියෙයි...අපි ලෝකෙට පෙන්න එක නෙවෙයි තියෙන්නේ... instagram,facebook වගේ ඒවගේ social media කියන්නේ බොරුවක්...මමත් ඉන්නවා...ඒ වැරැද්ද මාත් කරනවා...දැන දැනම...මම public figure එකක්නේ ඒ නිසා අනිවාර්යෙන් මේ රැල්ලට යන්න වෙනවා...නැත්තම් ඉතිං අපිවත් නැති වෙනවා...මගේ instagram,facebook අරන් බලන්න සමහර වෙලාවට කට්ටියගේ දේවල් බලද්දි පේනවා ඒ කෙල්ල හොදට හොද restaurant එකකට ගිහින් හොදට කනවා මේ වගේ දේවල් නමුත මගේ තියෙන්නේ මගේ ජීවිතේ highlight...ඒකේ behind the scenes කවුරුත් දන්නේ නෑ...

මම ඒ fun එකේ ඉන්න ඊට කලින් දවසේ කොච්චර දුක් විදින්න ඇත්ද...නිදාගන්නේ නැතුව වැඩ කරන්න ඇති..ඒවා කාටවත් පේන්නේ නෑ...මම නිදාගත්තේ නෑ කියලා instagram දාන්නේ නෑ...මිනිස්සු ඒක බලලා තව කෙනෙක්ව copy කරන්න හදනවා...එහෙම කරන්න බෑ අපට තව කෙනෙක්ව copy කරන්න බෑ...අපි දන්නේ නෑ ඒ මනුස්සයගේ කතාව....අපි අපිව makeup කරපු නැති කැත photos දායිද කොයි තරම් filters පාවිච්චි කරනවාද අපි...හැමොම එහෙමයි....''

●තරුණියක් රස්සාවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මේ දෙකෙන් කොයි රස්සාවද හොද කරන්න...?
                  ''දෙක දෙකක්...අහසයි පොළොවයි...සමහර ඉන්නවා ප්‍රසිද්ධ වෙන්න ආසයි,සමහර අය ඉන්නවා සල්ලි හම්බකරන්න ඕන...ප්‍රසිද්ධ වෙන්න ආස කෙනෙක්ටනම් හොදයි නිළියක් වෙන එක...සල්ලි හම්බකරන්න ඕන නම් ගුවන් සේවිකාවක් වෙන්න...ඒ නිසා දෙක දෙකක්...කාන්තාවකට කියනවනම් තමන්ට තමන්ව control කරගන්න පුළුවන්නම් තමන් යන්නේ කොහෙද කියලා දැනගෙන ඕනම දෙයක් කරනවනම් මම හිතන්නේ කිසිම කෙනෙක්ට වරදින්නේ නෑ....හරි දැක්මක් තියෙන්න ඕන තමන්ට...කරන දේ හරියට කරන්න මොන දේ කරත් හරියනවා....''

●රංගන ශිල්පිණිය කියන කෙනාගේ ප්‍රතිරූපය කොයි වගේද ඔබ දකින්නේ....?
                        ''රංගන ශිල්පිණිය කියලා කවුද කියන්නේ දැන්....නිළිය නැත්තම් ටීක් තමයි....එහෙමනේ කියන්නේ ගොඩාක් අය කියන්නේ...මේක අපි කට්ටියම දාගත්ත තැනක් ඕක...අපේ කට්ටියමයි අපිව පහළට දාගෙන තියෙන්නේ....වෘතිමය රංගන ශිල්පියෙක් කියලා ගත්තොත් ඒ අයට sustainable වෙන්න අමාරුයි...proficient වෙන්න අමාරුයි එතනින ලැබෙන ආදායම මදි...අපි ගෙවන life එක celebrity life  එක ගෙවන් අපට සල්ලි ඕන... සල්ලි හොයන්න කියලා වැරදි කරන්න පෙළඹෙන්නේ  සල්ලි නෑති වෙනකොට...සල්ලි තියෙන කෙනෙක්ට ඒක ප්‍රශ්ණයක් නෑනේ...ඉස්සර නළු නිළියො කියන්නේ ඒ අයට සල්ලි තිබ්බා ඒ කාලේ සල්ලි නැත්තම් නළු නිළියො වෙන්න බෑ....දැන් එහෙම නෑ...

social media එකේ පොඩ්ඩක් famous වෙන්න පුළුවන්...එතකොට එයා එතනට ආවට පස්සේ maintain කරනවා maintain කරන්න හදන එකට එයාට සල්ලි ඕන...ඊට පස්සේ එයා බලනවා කොහෙන්ද මම සල්ලි හොයන්නේ කියලා...ඊට පස්සේ තමයි වැරදි මාර්ගෙට වැටෙනවනම් වැටෙන්නේ...මම කියන්නේ ඒකයි හොද අධ්‍යාපනයක් තියෙන්න ඕන...මේකට මේ ඕපපාතික චරිත වැඩක් නෑ ඇවිල්ලා...වැටුනට පස්සේ තමයි හිතාගන්න බැරි...මිනිස්සුන්ගේ ආදරය,publicity එක සමහර වෙලාවට ගොඩක් අයට දරන්න අමාරුයි...දරන්න අමාරු උනාම මිනිස්සු එක එක දේවල් කරන්න හදනවා...ඒ නිසා මම කියන්නේ හොද රස්සාවක් තියෙන්න ඕන එතකොට පුළුවන් ඕන දේකට බෑ කියන්න බය නැතුව....

මට වෙලා තියෙන්නේ මම  තෝරාගත්ත දෙයක් විතරනේ කරන්නේ...නිර්මාණ මම බොහොම අඩුවෙන් කරන්නේ මම තෝරගත්ත නිර්මාණ...මට ඒ රස්සාවක් තියෙන නිසා...මට රස්සාවක් නොතිබුනානම් මට එහෙනම් choice එකක් නෑ මට හම්බුවෙන හැමවැඩේම කරන්න වෙනවා...මට සල්ලි හොයන්න ඕන නිසා...එතකොට මට ආස දෙයක් කරන්න වෙන්නේ නෑ....මට රස්සාවක් තියෙන නිසා මට කියන්න පුළුවන් මට ඕක එපා කියලා තීරණ ගන්න පුළුවන්...ඒකෙන් මට තව වාසියක් තියෙනවා මට කවුරුත් proach කරන්න එන්නේ නෑ වැරදි විදිහට...මොකද වැඩක් නෑ මම මේකෙන් නඩත්තු වෙන්නේ නෑතිනිසා...නාට්‍යක් නැති උනා කියලා ප්‍රශ්නයක් නෑ මට මගේ රස්සාව තියෙනවා...''

●ගුවන් සේවිකාවක් ගැන සමාජය දකින්නේ කොයි විදිහටද...?
                              ''ඒත් එච්චරනේ....ඕකනම් මම හිතන විදිහට පැහැදිලි ඉරිසියාව මත ගොඩනැගුනු දෙයක්....interview එකක ආව පන්දාස් පන්සීයක් විතර ඒකෙන් තේරුනේ 75ක් විතරයි එතකොට ඉතුරු අය අපො ඕවට ගිහින් වැඩක් නෑ...ඒක ලංකාවේ හැටිනේ...මම reality show  එකකට ගිහින් තේරුනේ නැත්තම් ඒකට බැන බැනනේ යන්නේ...මේක තමයි best show කියලා එන්නේ පැරදුනාම බැන බැන යනවා...නරියා මිදි තිත්තයි කියන කතාව තමයි මේකට ගැලපෙනම කතාව ඇත්ත දරාගන්න අමාරුයිනේ...

රට රටවල යනවා මේ හැමදේම එක්ක සහ ඕක වෙලි තියෙන්නේ ඕනම රස්සාවක තමන් ඉන්නවිදිහ තමයි තීරණය කරන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ඕන නෑ....ගුවන් සේවිකාවක් කියන්නේම මේ අය එක එක තැන් වල යනවා එක එක කට්ටිය එක්ක යනවා එහෙමනේ කියන්නේ...සේවිකාවක් වෙන්න ඕන  නෑ ඕන තරම් teachers,bankers නැද්ද ඕනම තැනක තියෙනවනේ...ඇයි මේ ගුවන් සේවිකාව අල්ලන් දඟලන්නේ...ඇත්ත අපට නිදහස තියෙනවා ගොඩාක් එහෙම වැරදි වැඩ කරනවනම්...ඒක ඕනම කෙනෙක්ට තියෙනවා තමන් හරියට ඉන්නවනම් ඇයි බය වෙන්නේ...තමන් දැනගන්න ඕන තමන්ගේ ජීවිතේ හදාගන්න...මොන රස්සාව කලත්...ගෘහනියක් උනත් යන අය යනවා...අර තියෙන්නේ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා...''

●මීට කලින් ගුවන් සේවිකාවක් වෙන එක තරුණියන්ගේ හීනයක් වෙලා තිබ්බනේ අදටත් එහෙමද...?
                       ''අදටත් එහෙමයි...අහලා බලන්න ඕන පොඩි කෙනෙක් ආසයි...මමත් ආස උනානේ...ලස්සනට uniform එක ඇඳලා makeup කරලා ඒක අමුතුම feeling එකක්...දැනටත් මට ඒක එනවා...මමත්  uniform එක ඇඳලා මම airport එකේ යනකොට මිනිස්සු මගේ දිහා බලනකොට ඒ  feeling එක ලංකාවේ විතරක් නෙවෙයි පිටරටක උනත් එහෙමයි දැක්කත් එයාලා හිතවනවා she is on sri lankan airline....මම representකරන්නේ  sri lanka...මිනිස්සු දන්නවා uniform එක දැක්ක ගමන්...අපට තියෙන responsibility එක...අපට ඕන ඕන විදිහට හැසිරෙන්නේ නෑ...''



●ඇයි ඔබව සිරිස voice එකෙන් අයින් කලේ...?
                  ''අයින් කලේ නෑ....blind audition වලට විතරයි signed කලේ...contract එක ඉවර උනා ඉතිං ඒක ඉවර  උනාම මම ඇයි ඉන්නේ...කොහොමත් අපේ airline එකේන පටන් ගත්තා flight අප්‍රේල් වල...එතනින් පස්සේ අපට නිවාඩු දෙන්නේ නෑ...අපි long leave යනවනම් එක flight එකකට පස්සෙ quarantine ඉන්න ඕන...ඒ ප්‍රශ්න එක්ක මට තව වැඩක් කරන්නබෑ...long leave යනවනම් මගේ uniform,id සේරම hand over කරන්න ඕන...රටේ මේ යන තත්වෙ එක්ක රස්සාව බේරගන්න ලොකු උවමනාවක් තිබ්බා...ඒක ඊට වඩා වැදගත් ඒ නිසා මම එකට ගියා...මට ප්‍රශ්නයක් තිබුනෙත් නෑ මගේ අම්මලට ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ සිරසට ප්‍රශ්නයකුත් නැ...මේකේ ප්‍රශ්නේතියෙන්නේ social media එකට...හරි ලස්සන comment තිබ්බා යාලුවො එක්ක එකතු උනාම අපි ඒවා කියවනවා...එයාලා මට කියලා තියෙන්නේ bad comment කියවන්න එපා කියලා...negative නේ අයින් කරලා දාන්න කියනවා...මම ඒක තියාගෙන අයියෝ මට බැනලා මම එහෙම කවදාවත් නෑ...හිනාවෙන්න තමයි මම ඒවා බලන්නේ...මට ඒකෙන් joly...මට කෙනෙක් කියනවනම් ඔයා හරි නෑ හරි නෑ කියලා මම ඒ මනුස්සයව අයින් කරනවා...මම මුහුද වගේ මගේ තාත්තා කියලා තියෙන්නේ කුණුතියාගන්න එපා වෙරළට ගහලා දාන්න කියලා...මගේ ජීවිතේ කුණු තියාගන්නේ නෑ...මට බෑකියනවනම් ඇයි මම ඉන්නේ මට පුළුවන් කෙනෙක් එක්ක මම ඉන්නවනේ...positive vibes...බැනලා දාන comment එහෙම බැලුවා blocked කරනවා...එච්චරයි එයාට ආයිත් බනින්න ඕනනම් වෙනම profile එකක් හදාගෙන එන්න එපැයි අයිත් බනින්න...''

●ලංකාවේ ඔබ දකින තරුණියන් මුහුන දෙන ප්‍රධාන අභියෝග මොනවද....?
                         ''කාන්තාවන්ට වෙන හිරිහැර කතා කරන්න දෙයක් නෑනේ....සාමාන්‍ය දේවල්නේ ඒව දැන් සාමාන්‍යකරණය වෙලානේ....බලන්නකො හිරිහැර කියන එක සාමාන්‍යකරණය උනාම සමාජයේ...පිරිමියා හැමතිස්සේම හිතන්නේ තමන් උඩින් ඉන්න ඕන...ඇයි ආනේ තමන් උඩින් ඉන්න ඕන කියලා කාන්තාව පහළට දාන්නේ...තමන් කාන්තාවට වඩා උඩට යන්නකො එතකොට තමන් උඩින්නේ කොහොමත්...ඒක හිතන්නේ නෑනේ...කාන්තාව පහළට ගිහිල්ලා ගිහිල්ලා එයා තද වෙච්ච වෙලාවක sprin එක වගේ උඩට එනවා...එහේම වෙන්න ඕන මේ සමාජේ....කාන්තාව ඉන්න ඕන තැන නෙවෙයි මෙතන...චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය President උනා...සිරිමාවෝ මැතිනිය අගමැති උනා...එහෙම වෙච්ච රටක්මෙහෙම වෙලා තියෙන්නේ...

පුළුවන්නම් දවසකට විතරක් පිරිමි සේරම කාන්තාවන්ට රට දීලා බලන්නකෝ..ගහගනීද දන්නේ නෑ හැබැයි...අපි harassment කියලා ගත්තොත් harassment කියන පැත්ත දෙක්නේ physically and mentally.physically harassment නම් තමන් දැනගන්න ඕන...එක තමන්ගේ මතේ තියෙන දෙයක්....මට අද වෙනකල් කිසිම  physically harassment එකක් වෙලා නෑ....mentally yes but physically  no....එහෙම වෙන්නේ මම ඉන්න විදිහ...මනුස්සයෙක් එක්ක කතා කරනකොට මම දන්නවා මූ එන්නේ මොකාටද මම දන්නවා මම එතනින් එයාගේ line එක ඇඳගන්න ඕන...සීමාව පන්නන්න දෙන්නේ නෑ...මම දැනගන්නඕනමගේ ප්‍රතිරූපය මගේ personality එක හදාගන්න...මෙයාගේ මේ විදිහට දෙයක් එන්නේ නැති වෙන්න...සහ කාන්තාවට හොද කටක් තියෙන්න ඕන...smart mouth වාචාල කට නෙවෙයි...හොද මුඛරි කටක් තියෙන්න ඕන...කටක් තියෙන කෙල්ලෙක්ට කවදාවත් පිරිමියෙක් වචනයක් කියයිද...බයයි...හිතන්න බස් එකේද අතින් අල්ලන්න ආවා හයියෙන් කෑගහලාකිව්වා මොකද කරන්නේ කියලා කොච්චර ලැඡ්ඡද ඒ මනුස්සයට අතින් අල්ලන්න දීලා බලාගෙන හිටියොත් එච්චරම තමයි...හොඳ කටක් හොඳ හයිය කටක් තියෙන්න ඕන...ඒක අපිට තියෙනවා අපිට වෙලා තියෙන්නේ අපි අස්සේ හංගගෙන ඉන්නවා...හරි බයයි මිනිස්සු මොනා හරි කියයිද බයයි එහෙම බය වෙලා ජීවත් වෙන්න අමාරුයි...

මෙච්චර දුර එන්නබෑ එහෙනම්...එහෙනම් මං දැන් කොහෙහරි නැවතිලා....මට කවුරුත් මුකුත් කියන්න එන්නේ නෑ මම කියන්න ඕන දේ කෙලින්ම කියනවා...ඔයාට කියන්න ඕන දේ කෙලින්ම කියනවා ආයිත් ඒක වෙනකෙනෙක්ගේ මාර්ගයෙන් ඔයාට එන්න තියන්නේ නෑ...මම ඒක හිතේ තියාගෙන දුක් වෙන්නෙත් නෑ..අයියෝ මට මේක කියන්න බැරි උනානේ කියලා මම මොකටද  regreate කරන්නේ...කියන්න තියෙන දේ දැන් කියන්නකො...මං කෙලින්ම කියනවා මට ඕව හරියන්නේ නෑ මට එන්න එපා ඕවට...ඇයි කියන්න බැරි බැරිකමක් නෑනේ...අපට කතා කරන්න පුළුවන්නේ....අපට අයිතිය තියෙනවා මේ ප්‍රජාත්‍රාන්තික  රටක්....අපිට බය අපිට මොනාහරි කියයිද මෙයා මොනවා හරි හිතයිද,මාත් එක්ක තරහ වෙයිද...තරහ වෙන එක හොදයිනේ මේකට වඩා...වෙන වෙන අරමුණු වලින එනවනම් කෙලින්ම cutoff කරලා දාන්න...එතනින්ම ඉවරයි...හැබැයි ඒකට තමන් මුල හරියට දාගෙන ඉන්න ඕන...තමන්ට මුලක් නැත්තම් තමන් වැනෙනවනම් ඕක කරන්න බෑ...එතකොට හොයාගන්න බැරි තැනකින් නවතින්නේ...ඒකයි මම කියන්නේ මෙතනට එනවනම් මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවනම් අනිවාර්යෙන් base එකක් දාලා එන්න..හොදට ඉගෙනගෙන....''