divulapitiya-iron-factory-covid19

දිවුලපිටිය, එරබැද්දේ යකඩ කර්මාන්ත ශාලාවකදී කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු හමු වූ බව දිවුලපිටිය හා කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඒ.යූටී කුලතිලක මහතා ඊයේ (09දා) දහවල් පැවසීය. 



මොවුන්ට වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් වාර්ත ලැබී ඇති බවක්මවුන් ප්‍රතිකාර සදහායවන් කුමන ස්ථානයකටද ය ඉක්මනින් තීරණයක් ගන්නා බවත් ඒ වගේම මොවුන් දෙදෙනාගේ වෛරස් ප්‍රභේදය පිළිබද පරික්ෂණයකට භාජන කළ යුතු බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා පවසා සිටියේය. කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් ඊයේ (09දා) උදෑසන කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් හැටහයදෙනකු අලුතින් වාර්තා වී ඇති බව තවත් පී.සී.ආර්. වාර්තා ලැබීමට තිබෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

පී.සී.ආර්ථපරික්ෂණ සදහා යවන සාම්පල තැන්පත්කර තැබීමට රසායනාගාල ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සාම්පල 525ක් කටාන සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි සාම්පල 400ක් තාවකාලිකව ගබඩා කර තිබෙන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කළේය. මේ හේතුවෙන් ජේ.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමේ ප‍්‍රමාදයක් සිදුවී ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
 (වාරණ - ආනන්ද ඉ ජයකොඩි)