eranga-narangoda-speaks

හෝමාගම කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.


ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රකාශ කරනවා ඉන්දියානු වෛරසය ආසාදිත පුද්ගලකු කොළඹ පෞද්ගලික රෝහලක නිරෝධාන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ගනිමින් සිටින බව. තත්ත්වය බොහෝ බරපතළ බවයි අපට පෙනෙන්නේ මොකක්ද ඔබ කියන්නේ ?

ඇත්තටම මේක ඉතාම බරපතළ තත්ත්වයක් ඇත්තටම අපි මේක බලාපොරොත්තුවෙන් සිටියේ. ඉන්දියාව අපේ අසල්වැසි රට කොයි වෙලාවක හෝ මේ දරුණු ඉන්දියානු ප්‍රභේදය අපේ රටට ඇතුල් වෙයි කියලා B1617  මේක uk variant ගැලවිලා ගියපු ඉන්දියාවටම විශේෂ වුන ප්‍රභේදයක්.

 සමහරු කියනවා මේ ප්‍රභේදය චීනයේ වුහාන් වලින් වාර්තා උනාටත් වඩා වැඩිපුර වේගයෙන් ව්‍යාප්ත වෙන ප්‍රභේදයක් කියලා?

ඇත්තටම දැන් uk variant  එක ගත්තත් වූහාන් ප්‍රභේදයට වඩා විශාල වශයෙන් පැතිරී ගිය ප්‍රභේදයක්.  දැන් මෙ ඉන්දියානු ප්‍රභේද ඊටත් වඩා ප්‍රභලයි .අපිට පේනවානේ ඉන්දියා වෙන තත්වය. ඒ කට්ටිය කොච්චර අමාරුකම් එක්කද ඉන්නේ කියලා නිවුස් බැලුවම පේනවා .


ඔබ විශ්වාස කරන විදිහට මේ ප්‍රභේද කොහොමද ලංකාවට ඉන්දියාවෙන් එන්න ඕනෙද ලංකාවේ ව්‍යාප්ත වීමත් එක්ක අලුත් ප්‍රභේදයක් ලෙස  ඉන්දියාවට සමාන ප්‍රභේදයක් හැදෙන්න පුලුවන්ද මොකක්ද වෙන්න ඇත්තෙ?

 ඔය දෙකම වෙන්න පුළුවන්.  නමුත් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි සම්පූර්ණම රට වහලා තිබ්බෙත් නැහැ. ඒ නිසා ඉන්දියාවේ ඒක වෙන්න පුළුවන්.  නමුත් මේ ආකාරයට ශීඝ්‍රයෙන් මේක පැතිරී යද්දී සමහර විට අපේ රට ඇතුලෙම අපිටම විශේෂ ප්‍රභේදයක් දරුණු ගණයේ ප්‍රභේදයක් ඇති වෙන්න පුළුවන්. අපි දැන් හිතාගෙන ඉන්නවා අපේ මේ දේශගුණය ගන්න ආහාර අනුව ප්‍රතිශක්තියක් තියෙනවා මේකෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන් කියලා නමුත් මේක විශාල වශයෙන් අපේ රට ඇතුලේ පැතිරෙන ගත්තොත් ශ්‍රී ලංකා ප්‍රභේදයක් හැදෙන්න පුළුවන් .අපි කවුරුත් මේකට නිසි ලෙස ඔරොත්තු නොදෙන .


මට කියන්න මේ  ඉන්දියානු  ප්‍රභේදය මෙතෙක් ලංකාව තුළ පැතිරෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා බරපතලයි ද?

 ඔව් අනිවාර්යෙන්ම බරපතලයි . පැතිරීම සීඝ්‍රතාවය වැඩි . මරණ වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු තිහ හතළිය වගේ වයස් කාණ්ඩ වල සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් කවදාවත් මීට පෙර නිදන්ගත රෝග කිසිවක් තිබිච්ච නැති පුද්ගලයින්ට මේක ඉතාමත් ඉක්මනින් වැළඳිලා නිව්මෝනියා තත්ත්වයට යන්න පුළුවන් දින දෙක තුනක් ඇතුළත.




අපේ සමහර රෝගීන්ගේ මේ තත්ත්වය උඩ ඒ කියන්නේ දැනට වාර්තා වෙන පෞද්ගලික රෝහලක නිරෝධායන මධ්‍යස්ථානයක පමණයි. හැබැයි ඉන් පරිබාහිරව මේක ව්‍යාප්තවීමේ අවදානමක් තියෙනවා?

 ඔව් ඇත්තටම දැනටමත් මේක පැතිරිලා තියෙනවා වෙන්න පුළුවන්. මොකද අපි මේ ආකාරයට වෛරස් ප්‍රභේද අඳුනාගන්නෙ ගන්න සාම්පල කිහිපයක පමණයි. එතකොට හැම කෙනාගෙම බැලෙන්නේ නැහැ. pcr කරාට එකෙන් අඳුර ගන්න බෑ ප්‍රභේද මොකද්ද කියලා. එතකොට ගොඩක් වෙලාවට අමාරු වෙන ගොඩක් රෝගීන්ට තියෙන්නෙ මේ ඉන්දියානු ප්‍රභේදය වෙන්න පුළුවන්.

 
ඒ කියන්නේ රටක් විදියට අපි ඉතාම අනතුරුදායක තැනක ඉන්නේ ?

ඔව් ඉතාම අනතුරුදායක අවස්ථාවක තමයි ඉන්නේ .

එහෙමනම් අපිට තර්ක කරන්න පුළුවන් හරි වෙලාවට එයා පෝට් එක වැහුවනම්  නැත්නම් රටේ lockdown එකට ගියා නම් මේක යම්කිසි මට්ටමක පාලනේ කරගන්න තිබුනා නේද කියලා?

 ඔව් ඒක මම හිතන්නේ ගොඩක් කතා වෙනවා.


 දැන් හෝමාගම රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානය ඔබ ඒහි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා මොකක්ද හෝමාගම රෝහලේ මේ වෙනකොට සම්පූර්ණ ධාරිතාව ඉක්මවා ගිහින්ද තියෙන්නේ?

 ඔව් පහුගිය සති දෙක තුන ඇතුළත අපේ ධාරිතාව ඉක්මවා ගියා අවුරුද්දෙන් පස්සෙ ඇති වුණ ඒ තුන්වෙනි රැල්ල දවස් දෙක තුනක් යනකොට අපේ රෝහල සම්පූර්ණම පිරිලා. ඒක තමයි මම හිතන්නේ අනෙකුත් විශේෂිත මධ්‍යස්ථාන වලත් සිද්ධ වුනේ.


 දැන් මේ මොහොත තුළදී හෝමාගම covid ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළින් ඇඳක් ගන්න බෑ ?

මේ අවස්ථාවේදී අපට ඇඳක් දෙන්න පුලුවන් එක්කෝ රෝගියෙක් මිය ගියොත් නැත්තං රෝගියෙක් සුව වෙලා ගෙදර ගියොත් හැර දෙන්න බෑ.  දැඩිසත්කාර එකේ තත්වෙත් ඒ වගේමයි .ඒක නං ගොඩක් දවස් ඒ තත්තෙ තමයි තිබ්බේ. ICU ඇඳක් ලබා ගැනීම ඉතාමත් අපහසු තත්වයක්.

 
දැන් මේ තත්ත්වය උඩ අනාගතයේදී ඔක්සිජන් පිළිබඳ බරපතළ  ප්‍රශ්නෙකට එයි ද?

 ඒක අනාගතය සිද්ද වෙන්න ඉඩ තියෙනවා. අපි මේක පාලනය කරන නැත්තං මොකද දැන් මේ දිනකට රෝගීන් දෙදාහකට කිට්ටු වෙද්දි ඒ අවස්ථාවේදීත් අපේ රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවය සියට සියකින් පමණ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේක අපි පාලනය කරගත නැත්තං මේක අපිටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

 
එළියෙ කතාවක් තියෙනවා ධනවතුන් regulator, පොඩි oxygen cylinder කොහෙවත් එළිය ගන්න නැහැලු ?ධනවතුන් තමුන්ගේ නිවෙස් වලට සල්ලි වියදම් කළා හදිස්සියක් වුනොත්  අරන් ගිහින් කියලා ඔබටත් එහෙම තොරතුරු ඇවිත් තියනවද?

ඔව් ඇත්තටම දැන් අපේ රෝහලට පරිත්‍යාගශීලීන් බලාගෙන ඉන්නවා high flow ඔක්සිජන් යන්ත්‍ර ලබාදෙන්න ලක්ෂ පහළොවක් වගේ වෙනවා. නමුත් ආරංචිය හැටියට යන්ත්‍රත් මේ අවස්ථාවේදී දැඩි ඉල්ලුමක් තියෙනවා. ධනවතුන්ගෙන් ඒ අය ඉල්ලගන්න උත්සුක වෙන අවස්ථාවන් තියෙනවා කියලා .

 
ඔබේ වාට්ටුව ගැබිණි මව්වරුන්ගේ තත්ත්වය කොහොමද ?

දැනට අපිට වෙනම ගැබිණි වාට්ටුවක් තියෙනවා. ඒ වාට්ටුවේ මේ අවස්ථාවේදී රෝගීන් පහළොවක් පමණ සිටිනවා රෝගීන් විස්සක් අපිට දාන්න පුලුවන් .පහුගිය දිනවල දැඩි සත්කාර ඒකකයේ රෝගීන් දෙදෙනෙක් සිටියා ගැබිණි මව්වරුන් . නමුත් වාසනාවකට ඒ දෙදෙනාම සුවපත් වෙලා ගෙදර යවන්න පුළුවන්කම ලැබුණා.

 
මොකක්ද මේ airborne කියන කතාව ඇත්ත ද කතාව පැය ඒකහමාරක් විතර වාතේ රැඳෙනා කියන කතාව මේක ඇත්තක්ද ?

මේක ඇත්තටම විශාල විවාදාත්මක තත්ත්වයක් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම මේ විවාදාත්මක තත්ත්වය තියෙන්නෙ. මොකද කවුරුත් හරියටම කියලා නෑ මේක වාතය තුළමෙච්චර වෙලා තියෙයි කියලා. අනිත් එක තමයි වාතයතුළ රැඳුනත්  virus කුඩා ප්‍රමාණයෙන් අපිට රෝගය බෝ වෙනවාද කියලා හරියටම කියන්න බැහැ. නමුත් තත්ත්වය තමයි ප්‍රධාන වශයෙන්ම බෝවෙන්නේ කෙළ බිඳිති මගින්.

ඉතින් දැන් බිඳිති පිට වුනොත් ඉතිං බිමට වැටෙනවා නේ බරක් තියෙනවනේ වාතය රැඳෙන්නේ නෑ නේ?

 ඔව් ලොකු බිඳිති එහෙමයි නමුත් ඉතා කුඩා බිඳිති සමහර විට ඇති වෙන්න පුළුවන්.  විශේෂයෙන් අපි කතා කරනකොට එහෙමත් නැත්නම් කිවිසුමක් යනකොට මේ කුඩා බිඳිති යම්කිසි වේලාවක් වතේ රැඳි තියෙන පුළුවන් .විශේෂයෙන්ම මේ වගේ කුඩා ස්ථානයක නැත්තං වායුසමීකරණය කරන ලද ස්ථානයක. මේ රටේ තියන දේශගුණික තත්ත්වයත් සමග මේ වගේ තැනක නැතුව පිටත මේකේ airborne විදියට අල්ලපු ගෙදර මනුස්සයට තිබුණත් අපේ ගෙදරට හැදෙන්න එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා ගෙදරින් වත්තට යන්නත් බය වෙලා තියෙනවා.


 එහෙම නම් හෝමාගම හොස්පිට්ල් එකේ වටේ ඉන්න නිවසියන් සෑහෙන්න බය වෙන්න ඒපැයි?  අයි ඩී එච් එකේ උනත් බය වෙන්න ඕනේ?

ඔව්..

 
ඉතින් මේ ඇත්තද airborne  කතාව?

 airborne කියන එක සමහර තැන් වලට විතරක් යම්කිසි කාලයක් මේක වාතේ තිබිලා වාතය හරහා බෝ වෙන්න පුළුවන්. දැන් අපේ රෝහල් වල රෝගීන් ඉන්නේ වාට්ටු වල කාර්ය මණ්ඩලයත් ඉතාමත් ළඟින් ඉන්නවා එතකොට අපේ කාර්යමණ්ඩලයට බෝ වෙන්නෙ ගොඩක් වෙලාවට  මේ අවස්ථාවේදී පිටින්.රෝහලේ රෝගීන් ගෙන් නෙමෙයි අපි ගොඩක් සමහර වෙලාවට රෝගීන්ගේ ලඟටත් ගිහිල්ලා මීටර් දෙක තුනේ පරතරය තියාගෙන කතා කරන අවස්ථා තියෙනවා. මොකද අපේ වාට්ටු සම්පූර්ණයෙන්ම වහලා නැහැ. ජනෙල් වලින් කතා කරන්න පුළුවන් මොකද ඒ අයට වාතාශ්‍රය ලැබෙන්න ඕනේ හිරු එළිය ලැබෙන්න ඕනේ.




 ඔබ කියන්න මේ මොහොත වෙනකොට රට තීරණාත්මක තැනක තියෙන්නෙ ? අපි ඉන්දියාවට වඩා බරපතළ තැනක ඉන්නවා. පැතිරීමේ වේගය වැඩි බව කියනවා මොකක්ද මේක ඇත්ත කතාව?

 ජනගහනය ප්‍රතිශතයක් විදියට ගත්තහම ඉන්දියාවයි ලංකාවේ සංසන්දනය කරලා බැලුවම අපේ හමුවෙන රෝගීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ජනගහනයෙන් වැඩියි. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවයත් වැඩි මේ අවස්ථාවේදී ඉන්දියාව වඩා වැඩි දරුණු තැනක ඉන්නෙ. මං හිතන විදියට  මේක පාලනය කරගත් තැත්නම් ඉතා දරුණු තත්ත්වයකට යන්න පුළුවන් .

සමාජය අහඹු ලෙස වාර්තා වන රෝගීන් අහඹු ලෙස වාර්තා වෙන්නේ චෙක් කරොත් විතරයි නේ නැත්නම් වෙන්නේ නෑනෙ මම දන්නෙ නෑ මම අසාදිත කියලා මම හැමතැනම යනවා . ඒ සමග එතකොට පිළියන්දල ඇතිවුණේ ඒ වගේ තත්වයක් මොකද ඔබ හිතන්න හම්බ වන රෝගීන් පිළිබඳව ?

අපි දන්න ෙදයක්  තමයි ඒ රෝග ලක්ෂණ කිසිවක් නැතුව රෝගීන් ඉන්න පුළුවන්. එතකොට මේ අයට රෝග ලක්ෂණ තියෙන අය ගානටම නොවුනත් යම්කිසි ප්‍රමාණයකට රෝගය පතුරුවන්න පුළුවන් .රෝගීන් නම් රෝගයක් හැදුනාම ගෙදරට වෙලා ඉන්නවා නේ .  මේ රෝග ලක්ෂණ නැති පුද්ගලයින් සාමාන්‍යයෙන් තමන්ගේ වැඩ කරගෙන ඉන්න අය. මේ වගේ අයට රෝගය පැතිරීමේ හැකියාව රෝගීන්ට වගේම හැකියාව තියෙනවා.

 ඔබ හිතනවා ද  මෙවර  තුන් වෙනි රැල්ල අවස්ථාවේ සමාජය අහඹු ලෙස පැතිකඩක් ගත්තොත් ඔයිට වඩා සමාජය රෝගීන් ඉන්නවා කියලා?

 ඇත්තටම ඉන්න පුළුවන් සමහර විට දෙතුන් ගුණයක් වුණත් රෝගීන් සමාජ තුල ඉන්න පුළුවන්.  මේ අහුවෙන්නේ pcr කරන නිසා’ නැත්තම් අහුවෙන්නේ නෑ. කරන ප්‍රමාණයට අහුවෙන්නේ.


 දැන් මේ මෙතන මොකක්ද සමහර ඩොක්ටර්ස්ලා කියන්න රෝග ලක්ෂණ නෑ හොඳට ඉන්නවා හොඳ තරුණ ජවසම්පන්නව හෙට මැරිලා වැටිලා මොකක්ද මේ කතාව?

 එහෙම තත්ත්වයක් නැහැ මේ වයිරසය තුල.  හොඳටම ඉඳලා ඒකපාරට මැරිලා වැටෙන්නේ නැහැ. ඒ වගේ දේවල් සමාජ මාධ්‍ය වල යනවා දකිනවා .නමුත් ඇත්තටම වෙන්නේ කිසියම් රෝග ලක්ෂණයක් තියෙන්න ඕන මරණාසන්න තත්වයට පත්වෙන කලින්. සමහර වෙලාවට සමහර අය ඉන්නවා මේ රෝග ලක්ෂණ ගණන් ගන්නේ නැතුව ගෙදර ඉන්නවා සමහර මේ රෝගය හංගගෙන ගෙදරට වෙලා ඉන්නවා තමන්ට යම් කිසි සැකයක් ඇතිව රෝග ලක්ෂණ සමඟ ගෙදර ඉන්නවා.  pcr කරගත්තොත් positive වුනාම කරදරයක් කියලා. මෙවැනි පුද්ගලයින් සමහර වෙලාවට නිවෙස් තුළ දරුණු තත්ත්වයකට යන්න පුළුවන්. සමහර වෙලාවට රෝගය පැතිර යන දින ගාන අනුව  නමවෙනි දහවන දවස වගේ වෙද්දි පැය කිහිපයක් ඇතුළත අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා රෝගියා මැරිලා යන්න පුළුවන්.

 
එතකොට මෙවර මේ තියෙන ප්‍රභේයද කෙලින් මේක බලපැම  පෙනහල්ලට ද ?

ඔවු. මෙවර දකින අපි තත්තෙ තමයි නිව්මෝනියාව විශාල වශයෙන් බලපානවා .මේක covid නිව්මෝනියාව.  මේක තරමක් වෙනස්. අපි සාමාන්‍ය දන්න නියුමෝනියාව පෙනහළු එකකට තමයි බලපාන්නේ. පෙනහල්ලේත් එක කොටසකට නමුත් මේ කොවිඩ් 19 රෝගීන්ගේ අපි දකින දෙයක් තමයි පෙනහළු දෙකම ආසාදනය වෙනවා.

සමහරු කියනවා රෝග ලක්ෂණයක් නැහැ බැලුවම covid.  මොකක්ද ඒ කතාව?

 නිව්මොනියා තත්වෙට යනවනම් යම්කිසි රෝග ලක්ෂණයක් තියෙන්න ඔන. ඇඟපත වේදනාව කෑම අරුචිය ඒ වගේ දෙයක් හරි තියෙන්න ඕනේ .එහෙම පුද්ගලයින් සමහර වෙලාවට අපි සාමාන්‍ය රෝගීන්ගෙන් දකිනවා හුස්ම ගැනීමේ අපහසුව කැස්ස තද උණ එවැනි තත්ත්වයක් නැතුව මේ අයට නිව්මෝනියා තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.


ඔබ ඔබේ අත්දැකීම් අනුව කියන්න අවුරුද්දකට වැඩිය කාලයක් පොර බදිනවා නේ covid  රෝගීන් සමග මේ  අය විදින දුක කොයි වගේද?


 එකක් තමයි ඔවුන් බය වෙලා ඉන්නේ . හුස්ම ගැනීමේ යම් කිසි අපහසුතාවක් ඇති වෙද්දී අපි මැෂින් වලට හයි කරල තියනවා වාට්ටුවල තියෙනවා ඔක්සිජන් ප්‍රතිශතය මැන බල්නන. ඒවා දකින කොට ඒ මිනිස්සු සෑහෙන්න බය වෙනවා. ඒවගේම තමයි අපිටත් හැමතිස්සෙම ඔවුන් ළඟට ගිහිල්ලා උදව් කරන්න හැකියාවක් නැහැ. මේ තියෙන තත්වෙත් එක්ක ගොඩක් අමාරු තත්වෙට පත් වුනොත් තමයි අපි යන්නේ. නැත්තං පැය හතරකට සැරයක් වගේ ගිහිල්ලා එ අවශ්‍ය දේවල් කරන්නේ. එතකොට මේ අයට සාමාන්‍ය රෝගී තත්ත්වයට වඩා ගොඩක් අසරණ තත්ත්වයක ඉන්නේ.


 දැන් පුද්ගලයෙක් antigen එකක් කරගන්නවා antigen එකක් කරාම හොස්පිට්ල් එකේ දී positive ඊට පස්සේ pcr එකක් කරාම නෙගෙටිව්.  pcr   නෙගෙටිව්  නම් එයාව සලකන්නේ රෝගියෙක් විදියට ද නැත්නම් රෝගී නෙමෙයි කියලා ද ?

දැනට අපි antigen test එක හරි pcr ඒක හරි දෙකෙන් ඒකක් පෝසිටිව් වුණොත් ඒ අය රෝගියෙක් වශයෙන් තමයි සළකන්නේ මොකද antigen test එකත් ගොඩක් specific. මේක ගොඩක් ඒවට positive වෙන්නේ නැහැ හැබැයි antigen test  ඒක ෙවන රෝග වලට positive වෙන්නේ නැහැ.  හැබැයි antigen test ඒක positive වෙන්නේ දවස් කීපයක් පමණයි.

 
එතකොට අද අපි antigen test  එක කරලා pcr ඒක කෙරාත් දවස් 2කින්  අර virus ප්‍රමාණය අඩු වෙලා pcr negative වෙන්න පුළුවන්’ ඊට අමතරව සමහර වෙලාවට සමහර රෝගීන් අපිට හමු වුණා ඒ අයට කිසිම රෝග ලක්ෂණයක් තිබිලත් නැහැ තුන්වෙනි රැල්ල වෙන්න කලින්. කිසිම පුද්ගලයෙක් එක්ක ගැටිලා නැහැ. antigen test එක ගියාම හෝ වෙන මොකක් හරි පරීක්ෂණ ගියාම ඒක positive වෙනවා .නමුත් අපි කරන pcr  ඔක්කොම නැගිටිව්.  කලාතුරකින් මට හිතෙන්නේ මේ pcr  , antigen කට්ටලවල යම් කිසි ප්‍රශ්නයක් තියෙන නිසා එහෙම වෙන්න පුළුවන්.



 
දැන් මොකද්ද අපිට දෙන්න පුළුවන් සහතිකය දැන් vaccine කරගෙන යනවා .දැන් මේක ඉන්දියානු ප්‍රභේදයට ගැලපෙනවද නැද්ද කියලා සහතිකයත් අපිට දෙන්න බෑනෙ?

 ඔව් දැනට හරියටම කියන්න බෑ ඇත්තටම. නමුත් මෙච්චර දවස් තිබ්බ ප්‍රභේදවලට මේක හරි යනවා. නමුත් ඉදිරියේදී මේ ආකාරයට වයිරසේ නිතර නිතර වෙනස් කම් වලට ලක් වෙනකොට යම්කිසි අවස්ථාවක දී දැනට භාවිතා කරන මෙ ඒන්නත වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් .සාමාන්‍යයෙන් එහෙම වෛරස වගේ ඒවත් තියනවා අවුරුද්දෙන් අවුරුද්ද එන්නත අලුතින් විදින්න ඕනි වෙනස් කරල.

 
පුද්ගලයෙක් pc එහෙකට යනවා සාමාන්‍යයෙන් යම් කිසි දිනයක් එන්න පුළුවන් දෙකක් පුද්ගලිකව ගත්තම පැය කිහිපයක් වෙන්න පුළුවන්. එතෙක් ඔහු හෝ ඇය කොහොමද කටයුතු කරන්න ඕනේ? එක පුද්ගලයෙක් වෙන්න පුළුවන් නිවස තුළ පස්දෙනෙක් ඉන්න තමන්ගේ ගෙදර ආරක්ෂාව අනිත් අයගේ ආරක්ෂාව සමහර රට වටේ යනවා pcr රිපෝට් එක ඒන්න කලින්. මොකක්ද කරන්න ඔන?

 ඉතාම වැදගත් ප්‍රශ්නයක් .තමන්ගේ සාම්පල් එක දුන්නට පස්සේ තමා positive රිපෝට් එක එනකන් positive කියලා හිතාගෙන ගෙදෙට වෙලා ඉන්න එක තමයි වැදගත්. ඒ අවස්ථාවේදී නිවස අය කරලා නැත්තං ඒ අය මේ රෝගයට නිරාවරණය වෙලා කියලා සැකයක් නැත්නම් ඒ අගෙන් වෙන් වූ කාමරය තමන්ටම තියාගෙන ඉන්න ඔන.

 මේ වෙද්දි වෛද්‍ය මණ්ඩලය ආසාදනය වෙමින් ඉන්නවා හෙද කාර්යමණ්ඩලය ආසාදනය වෙමින් තිබෙනවා මේක අභියෝගයක් ඉස්සරහට ?

ඇත්තටම මේක අභියෝගයක් පහුගියදා දවස් වල කාර්ය මණ්ඩලය විශාල ප්‍රමාණයක් ඉන්නවා.  සමහර ස්ටාෆ් ඉන්නවා ඒ අයව රිප්ලේස් කරන්න හරි අමාරුයි. icu  ඒ වගේ තැන්වල ඉන්නේ විශේෂිත පුහුණුව ලබපු වෛද්‍යවරුන් සහ හෙදියන්. මේ අයට මේක වැළඳුණොත් ඒ අයට ගෙදරට වෙලා ඉන්න වුනාම ඒ අය වෙනුවෙන් replace කරන එකත් අමාරුයි.

 මොකක්ද මේකෙන් ගොඩ ඒමේ මග ?

මේකෙන් අපිට මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්  එකම ක්‍රමය මට හිතෙන්නෙ මක රෝගය පැතිරන ඒක පාලනය කිරීම .මොකද අපි දැක්කා වෙන රටවල් වලත් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙද්දි ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඇඳන් වැඩි කරන්න බෑ. ඒක හැම රටකටම අභියෝගයක් මම හිතන්න මේ අවස්ථාවේදී රජය මගින් නීති පැනවූ නැතත් තමන් ගෙදරට වෙලා තමන් ලොක්ඩවුන්වෙලා ඉන්නවනම් මේක අපිට පාලනය කරගන්න පුළුවන්. පුළුවන් තරම් ගෙදරට වෙලා රස්සාව වුණත් මේ අවස්ථාවේදී  පුළුවන් තරම් කරන්න නිවස තුළ ඉඳන්. අපි දකිනවා කෝච්චිවල බස් වල මිනිස්සු යනවා වැඩට තද වෙලා ඒ නිසා රස්සාව ගැන හිතන්න කලින් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ඒ වගේ අවස්ථාවකදි වැඩට නොයා තමන්ට ගෙදර ඉන්න සිද්ද වෙනවා ඒ ප්‍රවාහන පහසුකම් නැත්තං.

 
 ඔබ හිතනවද වඩාත්ම සුදුසුම ක්‍රමය රට lockdown එකට යන ඒක කියලා?

 මම හිතන්නේ මේ අවස්ථාවේදී ගොඩක් අය හිතන්නේ ටික දවසකට හරි lockdown ගිහිල්ලා මේක පාලන වෙනවද කියන ඒක   බලන එක හොඳයි.