exam-covid19-international-school-student-bmich

ජාත්‍යන්තර පාසල් සිසුන්ට නියමිතව පවතින වාර්ෂික විභාගයක් පසුගියදා කොළඹ BMICHපරිශ්‍රයේ විභාග ශාලාවක පැවැති අවස්ථාවේ එයට කොරෝනා ආසාදිත සිසුවෙකු සහභාගි කරවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භවී ඇතැයි වාර්තාවේ.


මෙම විභාගය මගහැරුණොත් පාඩුවක් සිදුවිය හැකි බව කල්පණා කර ජාත්‍යන්තර පාසලක 14 හැවිරිදි සිසුවෙකු   විභාගය සඳහා රැගෙනවිත් ඇත්තේ සිසුවාගේ මාමා යයි කියන පුද්ගලයෙකි.
පසුගියදා කොරෝනා ආසාදනයවීමෙන් පසු රෝහල් ඉඩක් ලැබෙනතුරු මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ  නිවසක මෙම සිසුවා නිරෝධායනය වෙමින් සිට ඇති අතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ මාමා හොර රහසේ පැමිණ නිරෝධායන නීති මායිම් නොකර සිසුවාව විභාගයට කැඳවාගෙන ගොස් තිබේ.
රෝහල් ගත ගත කිරීමට අපේක්ෂාවෙන්  සිටි 14 හැවිරිදි පාසැල් සිසුවා යතුරු පැදියක නංවා ගත් මාමා ඔහුව  BMICH වෙත කැඳවාගෙන ආ අවස්ථාවේ 14 හැවිරිදි දරුවාට කොරෝනා වැළඳී ඇති බවට දැනුවත් ව සිටි  එම පාසලේම තවත් සිසුවෙකු ඔහු ව දැක විමතියට පත්ව තිබේ. වහාම ඔහු සිය පියාගේ මාර්ගයෙන් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාව දැනුවත් කර තිබෙන අතර ඒ ගැන ක්‍රියාත්මකවූ නිලධාරින් සිසුවා රැගෙන යාමට පැමිණ ඇත.


මෙම සිසුවා අසුන්ගෙන සිටි විභාග ශාලාවේ ඒ වනවිටත් විශාල පිරිසක් රැඳී සිට ඇති අතර
 හයදහසකට  ආසන්න පිරිසක් අවස්ථා කීපයකදී ඊට  ගෙන්වා ඇති බවත් හෙලිවී තිබේ.
සිසුවා විභාගයට යන විට ඔහුගේ  මව පියාට සහ නැගණියට  ද කොවිඩ්  ආසාදිතව සිට ඇති බවත්  එම නිවස තුළම නිරෝධායනය වෙමින් සිටි බවත්  වාර්තා විය.
 නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ට නඩු පැවරීමට  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා පියවර ගෙන තිබේ.