galle-covid-status

දැන් මේ වෙනකොට කරාපිටිය රෝහලේ covid තත්වය පිළිබඳ යමක් කියන්න?

 ඔව් ඇත්තටම මේ දිනවල ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාර සඳහා යොමු කොට ඇති මලසිරුරු සම්බන්ධව ඒ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනවා . අධිකරණ වෛද්‍යවරු ඉතාමත්ම යුහුසුළුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් දිනපතාම වගේ covid ආසාදිත මළ සිරුරු තුන හතරක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඊයේ දින covid ආසාදිත මළසිරුරු 5ක් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ වගේම අදත් covid ආසාදිත මළසිරුරු දෙකක පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ වෛද්‍යවරුන් සිදු කරනු ලැබුවා. අපි ඊයේ දිනය ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුරු දහනවයක් ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කොට තිබුනා .ඒ මළ සිරුරු 19 ම prc පරීක්ෂණවලට ලක් කරනු ලැබුවා. එහිදී ඒ මළ සිරුරු දහ නමයෙන් පහක් කෝවිඩ් ආසාදිත මළ සිරුරු බවට prc පරීක්ෂණවලදී තහවුරු වුණා. ඒ බව අපට සඳහන් කළා ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා. හැබැයි අධිකරණ වෛද්‍යවරු විසින් ඊයේ උදෑසන 8 සිට පස්වරු 6 දක්වා අධිකරණ වෛද්‍යවරු එකාමෙන් කණ්ඩායම එකා මෙන්ම වැඩ කරමින් ඒ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ මරණ පරීක්ෂණ සිදුකරලා covid මළසිරුරු කඩිනමින් ආදාහනය කිරීමට කටයුතු කළා ඒ වගේම අනිකුත් මළ සිරුරු මියගිය අයගේ ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.


ඇත්තටම කලින් සදහන් කරපු විශේෂඥ වෛද්‍ය රොහාන් රුවන්පුර අංශ ප්‍රධානියා රුවන් නානායක්කාර , යුසුෆ් ෙපෙර්රා ,ජානකී ඒ වගේම සමාධි දන්දෙණිආරච්චි මේ වගේ අධිකරණ වෛද්‍යවරු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉතාම කැපවීමෙන් තමන්ගේ යුතුකම් කොටස ඉෂ්ට කරනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ ගාල්ල කරාපිටිය රෝහලේ තමයි මේ වෙද්දි ගිය අයගේ මළ සිරුරු පිළිබඳ pcr පරීක්ෂණ වැඩියෙන්ම සිදු කර තිබෙන්නේ. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ පසුගිය දෙසැම්බර් මස දහනම වැනි දා සිට අද පස්වරුව වන විට ගාල්ල කරාපිටිය රෝහලේ කෝවිඩ් ආසාදිත මළ සිරුරු 68ක් පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරු විසින් සිදුකර තිබෙනවා.




විශේෂයෙන්ම මේ අධිකරණ වෛද්‍යවරු ඒ ආශ්‍රිත නිලධාරීන් ඊටත් අමතරව හදිසි මරණ පරීක්ෂකවරු ඔවුන් ලොකු අවදානමක් දරා ගනිමින් මෙය අවස්ථා වනවිට මේ කටයුතුවල යෙදී සිටින්නේ ඒ ගැන කිව්වොත්?

ඇත්තටම අපි සඳහන් කරන්න ඕනේ අධිකරණ වෛද්‍ වරුන්ට හදිසි මරණ පරීක්ෂකවරුන්ට කොවිඩ් එන්නත පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීලා තිබෙනවා. මේ covid එන්නත්කරණය කරනු  ලැබුවත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල සේවිකාවන් දෙදෙනෙක් ආසාදනය වෙලා තිබෙනවා .මේ නිසා අධිකරණ වෛද්‍ය කාර්යාලය කාර්ය මණ්ඩලය විශාල පිරිසක් නිරෝදායනය ලක්කර තිබෙනවා. මේ තත්ත්වය මත අධිකරණ වෛද්‍යවරුන්ට ඒ කාර්යාලය කටයුතු සිදු කරමින් තමයි මළ සිරුරු විච්චේදනය නැත්නම් මේ පශ්චාත් මරණ කටයුතු සිදු කිරීමට සිදුවී තිබෙන්නේ .ඒ වගේම අපේ හදිසි මරණ පරීක්ෂකවරු ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක බී ජී එන් කරුණාතිලක මහත්මයා ,මහේෂ් ධර්මරත්න මහත්මයා ඒ වගේම මෑතකදී තනතුරක් එකතු වුන ගාල්ල අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහත්මයා ඒ වගේම ගම් මට්ටමින් ඉන්න ඒ හදිසි මරණ පරීක්ෂක වරු විශාල කාර්යභාරයක් කරනවා. දකුණු පළාතේ නව කොවිඩ් ආසාදිත පිරිස් විශාල සංඛ්‍යාවක් වාර්තා වනවා. පසුගිය පැය 24 තුළ දකුණු පලාත තුලින්  නව covid ආසාදිත රෝගීන් 516 දෙනකු වාර්තා වී තිබෙනවා.


එම තොරතුරු අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන covid ආසාදිත රෝගීන් සංඛ්‍යාව තුන්සිය තිස් නවයක් ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී තිබෙනවා .ඒ ගැන අපි සඳහන් කළොත් ?

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් සඳහන් කළොත් අක්මීමන වෛද්‍ය කොට්ඨාසයෙන් covid රෝගීන් 36 දෙනෙක් ඒ වගේම අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් covid ආසාදිත රෝගීන් පස් දෙනෙක් , බද්දේගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිත රෝගීන් විසි නම දෙනෙක්, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හයදෙනෙක්, බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් දහනම දෙනෙක් ඇල්පිටියෙන් තිස් නව දෙනකු ගාල්ලෙන්  හතරදෙනෙක් ෙගානපිලි වලින් 19 ඒ වගේම අදත් හබරදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය 88 දෙනකු වාර්තාවී තිබෙනවා. ඒ වගේම හිකඩුව වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රෝගීන් විසි නම දෙනෙකු වාර්තා වී තිබෙනවා

ඒ වගේම ඉමදුව ‍ වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් දොළොස්දෙනෙක්, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් විසි තුන් දෙනෙක්, කරන්දෙනියෙ න් රෝගීන් පස්දෙනෙක් , නාගොඩින් එක් රෝගියෙක් ඒ වගේම රත්ගමින් රෝගීන් දහ දෙනෙක් වාර්තා වී තිබෙනවා .තවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය රෝගීන් හතර දෙනෙක් යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් දහ දෙනෙක් වාර්තා වී තිබෙනවා . ඇත්තටම අපි දකුණු පළාත ගැන සඳහන් කළොත් කොරොන රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා අසාදිත සංඛ්‍යාව දස දහසකට ආසන්න වෙමින් තිබෙන තත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ .අපි මාතර දිස්ත්‍රික්කයට අවධානය යොමු කළොත් මාතර දිස්ත්‍රික් එන් අද නව කොවිඩ් ආසාදිත රෝගීන් එකසිය තිස් තුන් දෙනෙක් වාර්තාවනවා. අකුරැස්ස වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් හතර දෙනෙක් වාර්තා වෙනවා. ෙදවිනුවරින් එක් රෝගියෙක්, අද දික්වැල්ල වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් විසි පස් දෙනෙක් වාර්තාවෙනවා. ඒ වගේම හක්මනින් රෝගීන් දෙදෙනෙක් ,කඹුරුපිටියෙන් එක් රෝගියෙක් කිරින්ද පුහුල්වැල්ලේන් එක් රෝගියෙක්, කොටපොළදෙනියාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසයෙන් රෝගීන් හතර දෙනෙක් මාලන්ෙපණියේන් රෝගීන් අටදෙනෙක්, මාතරින් රෝගීන් දොළොස්දෙනෙක්, කැකනදුර රෝගීන් හත් දෙනෙක් , මොරවක රෝගීන් දෙදෙනෙක්, මුලදෙනියේන් රෝගීන් හත් දෙනෙක් වාර්තා වෙනවා.




ඒ වගේම පස්ගොඩ වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් ෙදෙනෙක් වාර්තාවනවා . තිහගොඩින් එක් රෝගියෙක් වාර්තා වෙනවා .ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ වැඩිම නව කෝවිඩ් ආසාදිත රෝගීන් අද දින වාර්තා වන්නේ වැලිගම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්. රෝගීන් පනස් දෙනෙක් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වෙනවා.

ඇත්තටම අද දින හබරාදුවේ covid ආසාදිත රෝගීන් 88 දෙනෙක්  වාර්තා වෙනවා . ගොඩක් දුරට මේ ඇඟළුම් කම්හල් පොකුරෙන් තමයි මේ නව කෝවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වෙලා තිබෙන්නේ . බොහෝ දුරට වැලිගම සම්බන්ධතාවයක් තිබෙන්න පුළුවන් විශේෂයෙන්ම කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචිකරුවන් වැලිගම, වැලිපිටිය ඒ වගේම යක්කලමුල්ල ඉමදුව , හබරාදුව මේ corona පොකුර ඇඟලුම් සේවිකාවන්ගෙන් corona පොකුර දිනෙන් දින වැඩි වීමේ තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ.

 

හම්බන්තොට දිස්ත්‍රික්කයට ගියොත් එහෙම හම්බන්තොට දිස්ත්රික්කයේ ගාල්ල සහ මාතර සාපේක්ෂව බැලුවම මොකද්ද තත්ත්වය?

 

ගාල්ල සහ මාතර ත් එක්ක සංසන්දනය කළොත් හම්බන්තොටින් ඉතාම නව කොවිඩ් ආසාදිත රෝගීන් ඉතා සුළු වශයෙන් තමයි වාර්තා වන්නේ.  අද දවස තුළ රෝගීන් 48 දෙනකු තමයි වාර්තා වී තිබෙන්නේ. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් වාර්තා වී නැහැ .අගුනුකොලපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස  එක් රෝගියෙක්, බෙලිඅත්තෙන් රෝගීන් පස්දෙනෙක් හම්තොටින් හතරදෙනෙක් ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් එකොළොස් දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා .ඒ වගේම උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් තිදෙනෙක්, සූරියවැවෙන් පස්දෙනෙක්, එවගෙම තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන් දහ දෙනෙක් වාර්තා වී තිබෙනවා. තිස්සමහාරාමයෙන් රෝගීන් හතර දෙනෙක් වලස්මුල්ලෙන් රෝගීන් තිදෙනෙක්. මෙන්න මේ විදිහට තමයි ආසාදිත රෝගීන් වාර්තා වෙලා තිබෙන්නේ .ඒ වාගේම සඳහන් කරන්න ඕනේ බූස්ස බන්ධනාගාරය පසුගිය පැය 24 තුළ නව කොවිඩ් ආසාදිත රෝගීන් රැඳවියන් තිස් නම දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. රැඳවියෙක් මිය ගිහින් තිබෙනවා. තාම ඒ රැඳවියා pcr  පරීක්ෂණය සිදු කරල නැහැ. ඔවුහු ආසාදනය වෙච්ච රැඳවියෙක් ද කියල ඉදිරියේදී දැනගන්න පුලුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි දකුණු පළාතේ නව කොවිඩ් ආසාදිත රෝගීන් ගැන සදහන් කරොත් කියන්න තියෙන්නේ.


ඊයේ දිනයේ නාගොඩ පොලිස් ස්ථානයෙන් යම් සිද්ධියක් වාර්තා වුණා මේ සම්බන්ධයෙන් තත්වය පැහැදිලි කිරීමක් කරන්න?


ඇත්තටම නාගොඩ පොලිස් ස්ථානයෙ පොලිස් කොස්තාපල්වරයෙක් ට covid ආසාදනය වී තිබෙනවා. ඔහු පුද්ගලික ඇතිවෙච්ච උගුරේ අමාරුවක් සමග ඔහු පුද්ගලික රෝහලකට ගිහිල්ලා pcr පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. ඉන්පසු ඔහු කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා .ඒ සමගම නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් දහනම දෙනෙක් විරෝධයට ලක් කලා පොලිස් ස්ථානාධිපතිවරයා  වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් පොලිස් සැරයන්වරුන්, කාන්තා පොලිස් සැරයන්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ,පොලිස් සැරයන්වරුන් හත්දෙනෙක් ,පොලිස් සැරයන් රියදුරු ඇතුළු පොලිස් නිලධාරීන් දහනම දෙනකු නාගොඩ පොලිසියෙන් ස්වයං නිරෝධායනය නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා .ඇත්තටම දකුණු පළාතේ නව කෝවිඩ් ආසාදිත රෝගීන් වාර්තාවීම ප්‍රතිශතය ඉතාමත්ම වේගයෙන් ඉහළ යෑමේ තත්ත්වයක් තමයි තිබෙන්නේ