පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක් තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.


ඒ එම ආයතනයේ සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාය.


එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2,500කට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.
එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන්  නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇති බවද වාර්තා වේ.

--------
තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.
ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ තුල්හිරිය පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇති බවත් පළාත් දේශපාලන
අධිකාරිය මෙන්ම කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.
ආසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් වැඩිදුර කටයුුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා
ප්‍රා දේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.