බස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා නොදීම හේතුවෙන් එළඹෙන සතියේ දී බස් රථ
ධාවනයෙන් ඉවත් වීමට තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු
විජේරත්න ප්‍රකාශ කරයි
ඔහු පවසන්නේ ලබන සතිය ඇතුළත සියලුම බස් කොන්දොස්තර හා රියදුරන්ට එන්නත ලබාදිය යුතු බවයි.
කොළඹ ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෙත මීට දින කිහිපයකට ඉහත දී ලියාපදිංචි තැපැලෙන් ලිඛිතව බස්
රථ සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දෙන ලෙස ඉල්ලීමක් කළද මේ වන තෙක් එම ඉල්ලීම
ප්‍රතිචාරයක් නොලැබී ඇති බව ඔහු කියා සිටියේය.
0 Comments