එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බව ත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන බවත් 

ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධ ව තීරණයක් ගන්නා බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා කියයි.


අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/05/09වන දින අනුරාධපුර ජයන්ති විහාරය, රුවන්වැලිසෑය, ලංකාරාමය යන ත්‍රිවිධ විහාරයන්හි නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.
කොවිඩ් 19 අර්බූදය පැවතීම නිසා රටේ එදිනෙදා කටයුතු නැවැත්වීමට රජය අදහස් නොකරන බවත් ඔහු කියා තිබේ.
අදාළ නිවේදනය පහතින්