gmoa-press-health-issues

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී පළවූ අදහස් පහත පරිදිය.

ඇඳන් දාහක් තියන අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන සෑම පැය හතරකට  විවෘත කරන්න යන තත්වයකට පත් වෙයි. ඒ අනුව පැහැදිලි වෙනවා අපේ යුරෝපයේ රටවල් නැත්නම් ඇමරිකාව වගේ රටවල් වල අපි දැක්කා රෝගීන් සංඛ්‍යාව වැඩි වේගෙන එනකොට ඔවුන්ගේ ප්‍රතිකාර සේවාව කඩා වැටුණ හැටි.  ඇඳන් වැඩි කරලා මේක පාලනය කරන්න පුළුවන් නම් ඇමෙරිකාව එංගලන්තය යුරෝපීය රටවල් එහෙනම් අපිට වඩා හොඳට මේක පාලනය කර ගන්න තිබ්බා. මොකද ඔවුන්ට අපිට වඩා ධනය සහ හැකියාව තියෙනවා. ඒ ඇඳන් ප්‍රමාණය කෙටි කාලයක් තුලදී වැඩි කරගන්න. අපි දැක්ක දේ තමා රෝගීන් ප්‍රමාණය වැඩි වෙද්දී ඇඳන් ප්‍රමාණය වැඩි වුණා කියලා ඒ වැඩිවන රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි මට්ටමින් ඒ කියන්නේ පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වාර්තා වුනොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. එහෙනම් අපි ඇවිල්ල තියෙන්නෙ මම හිතන්නේ වසංගතේ ශ්‍රී ලංකාව තුළ තියෙන උච්චතම අවස්ථාවට. එතකොට අද හෙට ගන්නා තීන්දු තීරණ ඉදිරි දින කිහිපය තුළදී ගන්නා තීන්දු තීරණ මත ඉදිරිය තීරණාත්මක වෙනවා. ඒ දේ මේ අපි දකින අපිට නිවැරැදි කරගත නොහැකි දුර්වලතාවයක් තමා මේ වසංගත රෝග විද්‍යා ඒකකයට අද දක්වා බැරිවුණා කාර්යක්ෂමව යාවත්කාලීන වෙන සිතියමක් එළිදක්වන්න.



රෝගීන් වාර්තා වීමේ ඒ ප්‍රදේශ අනුව දක්වන සිතියමක් එළිදක්වන්න වසංගත රෝග විද්‍යා ඒකකයට බැරි වුණා. අද ලැබෙන PCR වාර්තාව අද ලබා ගැනීමට නොහැකි වෙලා තියනවා. මේ ක්‍රියාවලිය නිවැරදි කර ගැනීම සඳහා රජය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංගමය විදියට අපි පහුගිය මස 14 ම, 16ම මේ රෝගය පටන් ගත්ත කාලේ ඉඳන්ම මේ සම්බන්ධය කතාබහ කරනවා නමුත් ඒ පිළිබඳව අපිට සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුවත් කළා. අපි දැනුවත් කළා ජනතාව. රජය දැනුවත් කළා නමුත් ඒ ධාරිතාවය ඒ ආකාරයෙන් අවශ්‍ය විදිහට වැඩි වුණේ නෑ .ඒ වගේම අපිට ලැබෙන්නම  කල්ඉකුත් වු  ප්‍රතිඵල . නිවරදි  ප්‍රතිඵල ලැබෙනවා නම් මේක පාලනය කර ගැනීමේ ක්‍රමවේදය අපි ගෙනල්ලා දුන්නා .ඒ සඳහා උපායමාර්ග රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සකසලා දුන්නා. නමුත් මේ ප්‍රමාදයන් ඒ ආකාරයටම පැවතීම නිසා ඒ උපාය මාර්ග නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම නිසා වසංගත රෝග විද්‍යායතනය විරුද්ධ මත වාද දැරීම නිසා ඒ හැම වෙලාවෙම ප්‍රමාදයෙන් තමයි සිද්ධ වුණේ .එහි ප්‍රතිඵලයක් විදිහට අපිට පේනවා මේ රෝගී ප්‍රමාණය ඉතා විශාල වශයෙන් වැඩිවෙමින් යනවා. ඒන්නත්කරණ ක්‍රියාවලියේදී අපි දැක්කා විවිධාකාර අක්‍රමික තව වෙනවා. වැඩ පිලිවෙලක් නැතුව මේ එන්නත්කරන ක්‍රියාවලිය සිදු වෙන ආකාරය.

 එංගලන්තයේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් ඉතාමත් විධිමත්ව කරනවා. ඔවුන් ඒයටම අනුගත වෙමින් තමයි එන්නත්කරන ක්‍රියාවලිය සිදු කරන්නෙ. අයාලේ යන එන්නත්කරන ක්‍රියාවලියක් නෙමෙයි වෙනත් රටවල තියෙන්නෙ .යුරෝපීය රටවල් වල ඔවුන් අධි අවදානම් කාණ්ඩ වේලාසනම එය නිර්ණය කරලා එතකොට එංගලන්තය මුලින්ම  දුන්නේ අවුරුදු 80 ට වඩා වැඩි අයට .ඔවුන් එයට ලැබෙන එන්නත් ප්‍රමාණයෙන් එන්නත් කරනය කරා. ඊළඟට අවුරුදු 70 ට වැඩි අයට. ඊළඟට 60 ට වැඩි අයට. ඒ ආකාරයෙන් කොටස් වශයෙන් අයාලේ නො යන විදියට එන්න ක්‍රියාවලිය සාර්ථකව කළා .නමුත් අපි දක්කන ශ්‍රී ලංකාව තුළ මේ වසංගත විද්‍යා ඒකකයට බැරි වුණා අපේ රටට හරියන විදියට උපාය මාර්ගය හදන්න .අපි හැම වෙලාවෙම පෙන්වා දුන්න දෙයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ එන්නත්කරණය සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තියෙන රටක් .ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගමට ලක් වුණු රටක්. ඒ වගේම නත් රටවල් ආදර්ශයට ගත්ත රටක් . ඒවැනි ඒන්නත්කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා.අපට අද වාර්තා වනවා අපගේ ක්ෂණික දුරකතන ඇමතුම් සඳහා අපිට දැනගන්න ලැබුණා ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසයන් වලට අද දිනයේ විවිධ පාර්ශ්ව කතා කරමින් ඒ වගේම යුද හමුදාව ඒ සම්බන්ධයෙන්  දායකත්වයක් ලබාදෙනවා වගේම ඔවුන් කතා කරමින් සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරීන්ට කියනවා හෙට දිනයේ මේ එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා වැඩපිළිවෙළ ලෑස්ති කරන්න කියලා ඒ ප්‍රදේශයේ.

මීට පෙර මේ එන්නත්කරන ක්‍රියාවලිය සිද්ධ වුණේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එක විධිමත් ක්‍රියාවලියක් වසංගත රෝග විද්‍යා ඒකකය ක්‍රමානුකූල ක්‍රමවේදයක් ලබාදීම තුළින්. මොකද අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කියනවා ඔවුන්ට එන්නත් නෑ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ ප්‍රාදේශීය ගබඩාවල පරික්ෂා කරලා බැලුවම ඒන්නත් නෑ .හැබැයි අපිට කියනවා මේ හෙට එන්නත් කරන වැඩ ටික ලෑස්ති කරන්න .එතකොට එහි සම්බන්ධීකරණ කටයුතු සියල්ලම ඔවුන් කරන්න ඕනේ.ඒ සඳහා මානව සම්පත තියෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට .හැබැයි හෙට දිනය ඇවිල්ලා යුද හමුදාවෙන් එන්නත් ප්‍රමාණය ගෙනැවිත් ඒ ලබාදීමට කටයුතු කරනවා කියලා .එතකොට මේ තත්ත්වයට වැටිල තියෙන්නෙ මේ වසංගත රෝග විද්‍යා අංශයට බැරි වෙලා තියෙනවා මේ ලැබෙන එන්නත් ටික හරි ආකාරයෙන් ක්‍රමානුකූලව එන්නත්කරන වැඩපිළිවෙළක් යටතේ කරන්න. මේ පිළිබඳ දිගටම පැමිණිලි කළා .අද දිනයේත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපි ඉල්ලා සිටියේ මේ ඒන්නත්කරණ වැඩපිළිවෙළ මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගෙන් සහ මේ පිළිබඳ දැන් ඒ කටයුතු සඳහා වෙන් කරලා ඉන්න ඒ විශේෂඥ වෛද්‍යවරුන් දෙපළ ෙගන් පමණක් සිදු වූ ඒ කාර්යය ඔවුන් ටින් ඉවත් කරලා මේ සඳහා වෙනම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ කමිටුවක් මගින් ක්‍රියාත්මක වෙන විදියට මේක විධිමත් කරන්න කියලා. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා  අපිට පොරොන්දු වුණා ඒ ක්‍රියාවලි ඉක්මනින්  සිද්ද කරනවා කියලා .ඉතින් මේ එන්නත් කරන ක්‍රියාවලිය අක්‍රමිකතා නිවැරදි කිරීම ඉතාමත් වැදගත්. මොකද ලෝකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් එකවර ලැබෙන්නේ නෑ .එ ලැඹෙන එන්නත් ටික අධි  අවදානම් කාණ්ඩ නිවැරදිව හදුනාගෙන ක්‍රමානුකූලව අපිට මේ එන්නත් කරන වැඩපිළිවෙල කරගන්න පුළුවන් වුණොත් ඒ තුළින් අපිට හැකිවෙනවා මේ රෝග වසංගත ව්‍යාප්තිය අඩු කරගන්න.

මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විදියට ඉතාමත් නොසතුටක් තියෙනවා. මේ වසංගත රෝග විද්‍යා ඒකකයට මේ ක්‍රියාවලිය ක්‍රමානුකූලව කර ගැනීමට නොහැකි වීම පිළිබඳ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අවසානයේ අද වෙද්දි මේ සංචරණ සීමා ප්‍රමාණවත් නොවන මට්ටමට අපිත් ගමන් කරමින් ඉන්නේ .රජය වෛද්‍ය නිලධාරී සංගමය නිතරම කියපු  එකක් තමයි ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් අපිට මේ රටම lockdown වෙන තත්වය වලක්වා ගැනීමට ක්‍රියා කරන්න පුළුවන් කියලා. නමුත් ඒ සඳහා අවශ්‍ය  ඒ විශේෂඥ දැනුම භාවිතා කරලා ඒ අවශ්‍ය උපාය මාර්ග වසංගත රෝග විද්‍යා ඒකකය නොදීම නිසා අද බරපතළ තත්ත්වයකට ඇවිල්ල තියෙනව .හෙට දිනයේ වෙද්දි රෝගීන් කීයක් වාර්තාවේදී කියල අපිට හිතාගන්න බෑ තව සතියකින් ඔබ ද මම ද එහෙම නැත්නම් අපේ පවුලේ සාමාජිකයෙක් ද කොරෝනා වසංගතයේට ගොදුරු වෙන්නේ කියලා හිතාගන්න බෑ. අපි මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විශේෂඥ කමිටුවක් මගින් මේ පිළිබඳ අධ්‍යනය කළා.

ඉතින් අපිට මේ මොහොතේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන. මේ සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් .අපේ කෙටිකාලීන සංචරණ සීමා, දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා කෙටිකාලීනව විටින් විට. ඒ වගේම දෛනිකව ක්‍රියාත්මක වෙන සංචරණ සීමා නීති තියෙනවා. එහිදී ජාතික හැඳුනුම්පත් අංකෙට අනුවත් සංචරණය කිරීම වැනි කාරණා. නමුත් ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නෙ නෑ.  අපි දිගටම ඉල්ලා සිටි කාරණයක් තමයි මේ අධි අවදානම් ප්‍රදේශ වන දිස්ත්‍රික්ක හොයාගෙන මේ දිස්ත්‍රික් අතර හුවමාරුව නවත්තන්න කියන ඒක. පළාත් අතර හුවමාරුව අපි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඉල්ලීම මත ජනාධිපතිතුමා ඒක පැනෙව්වා. ඊළඟ අවස්ථාවේදී අප දිස්ත්‍රික් මට්ටමට යන්න .නමුත්  මේ සංචරණ සීමා ප්‍රමාණවත් නොවන බව තමයි අපේ විශේෂඥවරුන්ගේ මතය වෙලා තියෙන්නේ. මේ කෙටිකාලීන පියවර තුළින් මේ වැඩි වෙන රෝගීන් ප්‍රමාණය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක් තමයි මේ වෙලාවේ තියෙන්නෙ. ඒ නිසා මේ සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යනකින්  පසුව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ලිඛිතව මෙය සම්බන්ධයෙන් අද දිනය ඇතුළත අපි ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා දින දාහතරක් දැඩි සංචරණ සීමා නීති පනවලා දින දාහතරක් නිෙරා්ධායන ඇඳිරි නීතිය කෝ එවැනි ක්‍රමවේදයක් භාවිතා කරලා මේ ඉදිරි දින 14 තුල සංචරණ සීමා හැකි ප්‍රමාණයෙන්  නවත්තන්න. ඒකෙ බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගල දුරස්ථභාවය කියන කාරණය. 80 % හෝ  අනුව  90 %කට වඩා ප්‍රමාණයක් ලබාගන්න. අපිට දින දාහතරක වගේ කාලෙකදී පුද්ගල දුරස්ථභාවය 80  % 90 %අනුව සීමාව ඉක්මවා තබාගන්න පුළුවන් වුනොත් හරි.

රෝගීන් අඩු කරගැනීමට අවශ්‍ය නම්, සෞඛ්‍ය ධාරිතාව ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් හැකි ඉක්මනින් අපි සිද්ධ වෙනවා මේ දිනකට වාර්තාවෙන රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න .මේ තියන සංචරණ සීමා වලින් දිනකට වැඩි වන රෝගීන් ප්‍රමාණයක් අපිට අඩු කරගන්න බෑ. අපිට අනිවාර්යෙන්ම දින 14 වැනි කාලයක් දැඩි සංචරණය සීමා නීති පනවලා පුද්ගල දුරස්ථභාවය 80 % හෝ  අනුව  90 % වඩා ප්‍රමාණයක්  පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ජනාධිපතිතුමාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දැනුවත් කරනවා .මේ මොහොතේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කාණ්ඩ වල මේ සම්බන්ධ අධ්‍යනය සිද්ධ කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ ඒ අනු කමිටුවෙන් ලබාදෙන නිර්දේශය මෙයයි. ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා රජය  දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මාර්ග කර ගන්න.  


ඒත් එකම අවසාන කාරණය තමයි මේ PCR පරීක්ෂණ වගේම antigen පරීක්ෂණ සිද්ධ වෙනවා. එතකොට මේ දත්තවලින් අපි දකින්නේ PCR  positive වෙන ප්‍රමාණය විතර.යි ඇත්ත තත්ත්වයේදී ඊට වඩා රෝගීන් ප්‍රමාණයක් පොසිටිව් වෙනවා වෙන්න පුළුවන් .මොකද මේ antigen ප්‍රමාණය හින්දා positive වෙන ප්‍රමාණය හරියකට කියන්නේ නැති නිසා .දිනකට කරන 25 000 වැනි ප්‍රමාණයකින් කෙරෙන්නේ. හැබැයි දෛනිකව ඒත positive rate එක ස්ථාවරව තියෙද්දි විසිපන්දාහක් වැනි ප්‍රමාණයක් දෛනිකව කෙරෙද්දී එකෙ positive rate එක positive වෙන සීයට ප්‍රමාණය කෙමින් කෙමින් වැඩි වෙනවා .පහුගිය දින කිහිපයේ තිබ්බේ  10% ක ප්‍රමාණයක දැන්  15% 16% 17% වේගෙන එනවා .




එකෙන් පේන දේ තමයි අපේ  PCR ධාරිතාවය වැඩි වුණේ නෑ .හැබැයි positive වෙන ප්‍රමාණය වැඩි වෙලා. ඒ අනුව අපිට අනුමාන කරන්න පුලුවන්  PCR ප්‍රමාණය වැඩි කළොත්  සංඛ්‍යාව මීට වඩා වැඩියි. ඒ වගේම සමාජය තුළින් රෝගීන්ගෙන් සැබෑ තත්ත්වය නෙමෙයි මේ  PCR ප්‍රමාණයෙන් පේන්නේ .ජනතාවට දෙන පණිවිඩය තමයි මේ වෙලාවේ රෝගය කොතනද තියෙන්නේ කියන කාරණාව අපිට අනුමාන කරන්න බෑ .ඒ හින්දා මේ පුද්ගල දුරස්ථ භාවය සම්බන්ධයෙන් තියෙන සෞඛ්‍යය නීති සෑම පුද්ගලයෙක් ම අනුගත විය යුතුයි. ඒ සඳහා තමයි අපි යෝජනා කළේ සංචරණ සීමා දැඩි කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින 14 ඇතුළත දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් අපි පෙන්වලා දුන්නා .හැබැයි ඒ විතරක් ප්‍රමාණවත් නෑ .ජනතාවගේ සහයෝගය අවශ්‍යයි .මේ සඳහා මහජනතාවගේ දායකත්වය ඉතාමත් වැදගත් .ජනතාව ඒ සඳහා අනුගත්උනේ නැත්නම් මේ නීතියක් පමණක් වුණොත් වැඩක් වෙන්නේ නෑ.ඒ කියන්නේ සංචරණ සීමා සහ ජනතාවගේ දායකත්වය කියන දෙකම ඉදිරි දින දාහතර ඇතුළත නිවැරදිව පවත්වා ගන්න පුළුවන් වුනොත් දෛනිකව වැඩි වන රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්. මේ වෙලාවේ සෞඛ්‍ය ධාරිතාවට වත් දරාගන්න බැරි තත්වෙක ඉන්නෙ. දවසකට රෝගීන් හාරදාහක් වාර්තා වෙනවා කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එය දරාගත නොහැකි දෙයක් .ඒ වගේම රෝහල් පද්ධතියටත්  දරා ගන්න බෑ  වගේම අපි දකින විදිහට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයටත් මේ රෝගය වැළඳීම සමග මේ ධාරිතා වැඩිවීමත් සමග කාර්යමණ්ඩලයට රෝගය වැළදෙනවා.


විඩාවට පත්වෙන එක වැඩිවෙන්න වැඩිවෙන්න මේ රෝගය වැළඳීමත් වැඩිවෙලා තියෙනවා. එතකොට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විඩාවට පත් වීමත් සමග ඔවුන් තුළ මේ රෝගය වැළඳීමත් එක්ක ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත් මේ රෝගය වැළඳෙනවා. අද උදෑසන ඉතාමත් අවාසනාවන්ත පුවතක් වාර්තා වුණා. ඒ තමයි සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ අපේ හිතවත් වෛද්‍යවරයෙක්ගේ පවුලේ සාමාජිකයෙක් පවා මේ Covid වසංගතයට ගොදුරු වෙලා අද උදෑසන අවාසනාවන්ත විදිහට  මියගියා. අපිට පේන තියෙනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඒ පවුලේ සියලුම සාමාජිකයන් අතර මේ රෝගය පැතිරෙනවා .එක් පුද්ගලයෙකු හැදුනත් වෛද්‍යවරයෙක්ට හරි හෙදියක්ට හරි හැදුනොත් ඔහුගේ ගෙදර ඉන්න අර වයස අවුරුදු 60, 70 ට වඩා වැඩි අම්ම, තාත්තටත්  හැදෙනවා. ඔවුන් ඉතාමත් වැඩි අවදානම් කණ්ඩායමක් .මේ ඒන්නත්කරන ක්‍රියාවලිය නිවරදිව සිද්ධ වෙනවා නම් මේ දැඩි අවදානම් කාණ්ඩයට මේ එන්නත ලබාදිය යුතුයි. අපි සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් තුමාගෙන් ඉල්ලා සිටියා එතුමා ඉතා ඉක්මනින් නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙනවා කිව්වා .මේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පවුලේ සාමාජිකයන්ට මේ එන්නත ඉක්මනින් ලබා දිය යුතුයි. නැත්තං ඉදිරියේදී මානසික ඒකාග්‍රතාවයකින් මේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට කටයුතු කරන්න බැරි වෙයි.