රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ (GMOF) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පළවූ අදහස් මෙසේය.
ඔබ දන්නවා ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ ප්‍රථම කොවිඩ් ආසාදිතයා වාර්තා උනා...මාර්තු මාසේ 11 වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රථම ආසාදිතයා වාර්තා උනා....
එදා ඉදලා බලනකොට දැන අවුරුද්දකටත් වැඩි...අපේ රටට මුල් අවස්ථාවේදි මේ වයිරසය ඒ තරම්ම අකාරුණික උනේ නෑ අපි දන්නවා යුරෝපා රට වල මුල් අවස්ථාවේදීම දැඩි හානියක් සිදු උනා...ඒ රටවල දැඩිව මේ වසංගතය පැතිර ගියා,දැඩි මරණ සංඛාවක් සිදු උනා....
දැඩි හානි සිදු උනා...ඒ වගෙ ඉතාම බැරෑරුම් තත්වයකට ඒ රටවල් පත් උනා...අපේ රට බැලුවහම ඒ තරම් දරුණු තත්වයකට ගියේ නෑ....පළවෙනි රැල්ලක් ආවා කිව්වට රැල්ලක් ආවේ නෑ....
ඒක වැරදි කතාවක් අපි හිතන්නේ...රැල්ලක් නෙවෙයි ආවෙ යම් ප්‍රමාණයක ව්‍යාප්තියක් උනේ ඒක ඉතාමත්ම මන්දගාමී විදිහට සිදුවෙච්ච දෙයක්...ආසාදිතයන් වාර්තා වීම ඉතාම අඩුවෙන් සිදු උනේ,ඔවුන්ගෙන රෝග ලක්ෂණ රෝගීන් ආසාදනය වීම බොහොම අඩුවෙන් සිදු උනේ,මෙවැනි තත්වයක් උඩ අපි දිගින් දිගටම ප්‍රකාශ කලා මේ අවස්ථාවේදී අප කල යුත්තේ රට වසා දැමීමේ රජය ගියා අවසාන ප්‍රතිචාරය දක්වලා එතනදිත් ප්‍රතිචාරයේ තියෙන දරුණු බව නිසා අපි දන්නවා දැනටත් සමහර තීරණ ගැනීමේ දැඩි අපහසුතා සිදු වෙනවා...
අපි පුන පුනා කිව්වේ සෞඛ්‍ය අංශ තව වැඩි දියුණු කරලා ධාරිතාව වැඩි කරලා එවැනි පියවරයන්ට ගමන් කල යුතුයි...මේ මර්දන වැඩ පිලිවෙළ ඉතාමත්ම විනිවිදභාවයකින් යුතුව අනිත් රටවල මර්දන වැඩ පිළිවෙලවල් අධ්‍යනය කරලා ඒවත් එක්කම අපේම වැඩ පිළිවලක් හැදිය යුතු බව අපි ඒ දවස් වලම අවධාරණය කලා ....ඒ දේවල් ඉතාම වන්දගාමී විදිහට එවැනි වැඩ පිළිවෙළවල් සකස් කිරීම එක ප්රතිපත්තියක ඉදලා,එක අරමුණක ඉදලා,එවැනි වැඩ පිළිවෙලක් සකස් කිරීම අපි දැක්කේ නෑ....ඒකේ දිගුවක් තමයි අද අපේ රටේ මේ වෙලා තියෙන තත්වය...
විශේෂයෙන්ම මේ එන්නත්කරණය සඳහා අපේ යම් ප්‍රමාදයක් සිදු උනා....ඒ ප්‍රමාදය තුල අපට එන්නත ලැබිම ප්‍රමාද උනා,මුල් අවස්ථවේද එන්නත් ඇණවුම් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා ඇත්තටම අපිට එන්නත් අවශ්‍ය ප්‍රමාණයට නෑ....ප්‍රධානම ගැටළුව තමයි මේ අවස්ථාවේදි අපට එන්නත් හිඟයක් තියෙනවා...අපට අවශ්‍ය පරිදි එන්නත් දීමේ ලොකු බාධාවක් තියෙනවා...
දැනටත් අපි දන්නවා ඇස්ට්‍රොසෙනිකා එන්නත දැනටමත් අවසන් වෙලා තියෙන්නේ අපට හම්බවෙච්ච ප්‍රමාණය....ඒ වගේම ස්පුට්නික් එන්නතෙත් දැනට තියෙන ප්‍රමාණය අවසන්...සයිනොෆාම් එන්නතේ අද අමාත්‍යංශය කියන විදිහට ලක්ෂ පහක ප්‍රමාණයක් එනවා කියනවා මේ තියෙනව ඉල්ලුම වැඩි තත්වය තුල ලෝකයෙත් මේ පිළිබඳ වැඩි ඉල්ලුම තුල ඉතාමත්ම අර්බුද කාලයක තියෙන්නේ....මේක උනේ එන්නත් ඇනවුම් ප්‍රමාද උනා මේ එන්නත්කරණය පිළිබඳ විදිහත් විනිවිදබාවයෙන් යුතු විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට අපොහොදත් උනා....
ඒ අපොහොසත් වීම තුල තමයි මේ අර්බුදකාරීතත්වයකට මුහුණපෑවේ...අපි දන්නවා මේ මරණබිය ආවාම හැමොම කැමති එන්නත් ලබාගන්න....කවුරුවත් කැමති නෑ මේක පරක්කු කරනවාට...නමුත් මේ අවස්ථාවේ වෙලා තියෙන්නේමේ එන්නත් සුළු ප්‍රමාණයයි තියෙන්නෙ නමුත් ඉල්ලුම විශාලයි...මෙහිදි තමයි වැදගත්වෙන්නෙ යම්කිසි විදිමත් සැලැස්මක්,ප්‍රමුඛතා ලේඛනයක් මේ අවදානම් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු දෙනාම අඩු වැඩි වශයෙන් අවදානමට ලක්වෙනවා,ඒ වගේම වෙනත් ක්ෂේත්රවල මේ අවදානම තියෙනවා...එවැනි අවස්ථාවක අපි හිතන්නේ මේ අවදානම සම්බන්ධව යම් කිසි අධ්‍යනයක් කරලා මේක ඉතාමවත්ම විදිමත් සැලැස්මක් අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත ක්‍රමවේදයන් තියෙනවා....එවැනි රට වලින් අපට අත්දැකීම් ගන්න පුළුවන්....
එවැනි විදිමත් වැඩ පිළිවෙලක් නැතිකම තමයි මේ සියල්ලටම මුල...එවැනි වැඩ පිළිවෙලක් තිබ්බනම් මේ වගේ වෙන්නෙ නෑ...සියලුම සෞඛ්‍ය සේවකයන්ට මේ එන්නත් ලබාදීම ඉතාමත්ම වටිනවා...ඒ වගේම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් ලබාදිය යුතුයි...ඒ ගැන කිසිම සැකයක් කිසිදු විවාදයක් නෑ...මේ දේ වෙලා තියෙන්නේ නමුත් යම් වැඩ පිළිවෙලකට මේක යනවද කියන එක...අද දවසේදි මේ වෙලා තියෙන අර්බුදයක් විදිහට අපි දකින්නේ වෘත්තිය සංගමයක් විදිහට මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ නොහැකියාව මේ එක අරමුණක ඉදගෙන එක ප්රතිපත්තියක ඉදගෙන කොවිඩ් මර්දන වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට නොහැකි වීමේ ඒ අඩුපාඩුව නිසා තමයි මේ සියලුම බේද ඇතිවෙලා තියෙන්නේ...අපි දිගින් දිගටම කිව්වා අපි ඉන්නේ දැන් කොවිඩ් තත්වයේ ඉතාම බැරෑරුම් තත්වයක...ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක තමයි රට තියෙන්නේ...අපේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා...
ඒ අවස්ථාවේ රෝගින් ඇතුල් කරන්න බැරිවෙලා තියෙනවා..රෝගීන් නිවෙස් වල තියෙනවා මේ වගේ තත්වයක් තීරණාමත්ක අවදියක ඉන්න අපි මේ වගේ දේවල් වලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන අඩුපාඩු නිසා සෞඛ්‍ය සේවකයන් මේ වගේ භේදබින්න තත්වයකට පත් උනොත් අපි කොහොමද මේ මර්දන වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්නේ ඒක තමයි ප්‍රධාන ප්රශ්නය වෙන්නේ....අපි එදත් කිව්වේ මේ වෙලාවේ පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලම එකතු විය යුතුයි..සෞඛ්‍ය සේවයේ සිටින සියලුම අංශයන් වෛද්‍යවරයාගේ සිට කම්කරුවා දක්වා සියල්ලම මේ මර්දන වැඩ පිළිවෙලේ ඉතාමත් ලොකු කාර්යබාරයක් ඉටු කරනවා...මේ සියල්ලටම අපි මේ අවස්ථාවේදි යම් කිසි ප්‍රමුඛතා වැඩ පිළිවෙලක් යටතේ මේක ලබාදිය යුතුයි...
අපි කියන්නේ මේ වගේ අවස්ථවේ රට මේ වගේ අර්බුදයක ගිලිලා ඉන්න වෙලාවේ සියලුම දෙනා එකතු කරගෙන එක අරමුණකින් මේ වැඩ පිළිවෙල එක ප්රතිපත්තියකින් ක්‍රියාත්මක කල යුතුයි...නමුත් ඒ වෙනුවට අද වෙන්නේ මෙවැනි සෞඛ්යසේවකයන් අතරම බේද බ්න්න ඇති කරවන සුළු විවිධ අවිචාරමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා...අපිට හිතාගන්න බෑ කවුරු මෙවැනි තීරණ ගන්නවාද කියලා....
නමුත් අපි කියන්නේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට ලබාදිය යුතුයි තවත් මෙවැනි ලබාදිය යුතු අංශ තියෙනවා...
එම නිසා වෘත්තිය සංගමයක් විදිහට අපි කියන්නේ මේ අවස්ථාවේදි රජය මීට වඩා බැරෑරුම් විදිහට මේවා කටයුතු කල යුතුයි මෙවැනි අර්බුදකාරී තත්වයෙන් අපි ඉන්න තීරණාත්මක තත්වයෙන් අර්බුදයෙන් අර්බුදයට ගිහින් මේ වැඩ පිළිවෙල කඩාකප්පල් උවහොත් මේ නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවට අසරණ ජනතාවට කොවිඩ් 19 රෝගින්ට පමණක් නෙවෙයි අනික් සියලුම රෝගින්ට මේක බලපානවා මේ තත්වයේදි අපි හිතුවද මේ කොවිඩ් රෝගින් විතරක් නෙවෙයි රටේ ඉන්න සියලුම බෝ නොවන රෝගින් එවැනි රෝග වලට මුහුණ දෙන සියලුම රෝගින් අද ඉන්නේ බියකින්...අද රෝහලකට එන්න මැලිකමක් දක්නවා මේ තත්වය උඩ...මෙවැනි අර්බුදකාරිතත්වයක ජනතාව වෙනුවෙන් අපි කියන්නේ අපි ඉල්ලා සිටින්නෙ මෙවැනි අත්තනෝමතික තීරණ ගන්නෙ නැතුව මේ එන්නත්කරණය සඳහා පුළුල් දැක්මකින් යුක්තව එක ප්රතිපත්තියක ඉදලා වැඩ පිළිවෙලක් හදන්න ඒ වැඩ පිළිවෙල අනුව මේ එන්නත්කරණය මෙතැන්සිට ඉදිරියට ගෙනියන්න......
0 Comments