
රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්කවලින් සේවකයන් කැඳවීම සීමා කරන ලෙස ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. බැසිල් රාජපක්ෂ මහාතගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රැස්වීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දුන් බව ද යුද හමුදාපතිවරයා කීය.
සංචරණ සීමා කර කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති. මේ අතර කොවිච් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ පොලිස් වසම් හා ග්‍රාම සේවක වසම් සියයකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර ඇත. කෙසේ වෙතත් මුළු රටම හුදෙකලා කිරිමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැතැයි රජය පවසයි.
- සුජිත් හේවාජුලිගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval