hong-kong-pfizer-waste

මිලියන 7.5 ක මුළු ජනගහනයකට එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රා ලබා ගැනීමට තරම් වාසනාවන්ත ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකක් හොංකොං රාජ්‍යය විය.
නමුත් ජනතාව දක්වා ඇති අඩු උනන්දුව නිසා කොරොන වයිරස් ෆයිසර්-බයෝටෙක් එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ඉවත දැමීමට හොංකොං රාජ්‍යයට සිද්ධව ඇත්තේ ඒවා කල් ඉකුත් වීමේ දිනය කරා ළඟාවී ඇති නිසාය.
 ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් සඳහා අත්සන් තබා නොමැති බව රජයේ නිලධාරින් දන්වා ඇත.



අන්තර්ජාලය ඔස්සේ කොරෝනා පාලනය ගැන අධිතක්සේරුවකින් වැරදි තොරතුරු පැතිරීම හා සාපේක්ෂව වෛරස් රහිත නගරයක හදිසි අවශ්‍යතාවයක් නොමැති වීම ගැන අදහස් නිසා එක්අතකින් එන්නත්කරණය අසාර්ථකවී ඇත. අනෙක් අතට රජය කෙරෙහි ඇති අවිශ්වාසය, එන්නත් පැකිලීමට හා දුර්වල එන්නත් කිරීමේ ක්‍රියාවලියට හේතු වී තිබේ.

සෙසු ලෝකය “එන්නත් සඳහා පොරකමින් සිටින” අතර හොංකොං භාවිතයට නොගත් මාත්‍රා ඉවත දමන තත්වය ඉතා කණගාටුදායක බව සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානයේ  පාලක තෝමස් සාං පැවසීය.
අඟහරුවාදා, රජයේ එන්නත් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් අනතුරු ඇඟවූයේ පළමු ෆයිසර්-බයෝටෙක් එන්නත යල් පැන යාමට ඉතා ආසන්න බවයි.
කල් ඉකුත් වූ දිනට පසුව ඒවා භාවිතා කළ නොහැකි අතර වර්තමාන සැලසුම් වලට අනුව ෆයිසර් දෙවන මාත්‍රාවන්ද ලබාදී ඒ සඳහා ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන සැප්තැම්බර් මාසයෙන් පසුව ක්‍රියාත්මක වීම නවතා දමනු ඇත.



හොංකොං රජය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සහ චීනයේ සිනොවැක් යන මාත්‍රාවන් මිලියන 7.5 ක් මිලදී ගෙන ඇත.
සිනොවාක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවමත් අනුමත කර නොමැති නමුත් නගර සෞඛ්‍ය නියාමකයින්ගේ භාවිතය සඳහා වේගයෙන් යොදගන්නා ලද්දේ චීනයට සම්බන්ධකම් ඇති රාජ්‍යයක් වීම නිසාය. එන්නත් කෙරෙහි රජයේ විශ්වාසය පළුදුවීමට මෙම සිනොවැක් එන්නත්කරණයද හේතුවිය.
ඇස්ට්‍රාසෙනෙකා  මාත්‍රාව මිලියන 7.5 ක් කලින් ඇණවුම් කළ නමුත් වසර මුලදී එම ගනුදෙනුව අවලංගු කරන ලද අතර බලධාරීන් කියා සිටියේ ලබන වසරේ දෙවන පරම්පරාවේ එන්නත් සඳහා  භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ වන විට ජනගහනයෙන් සියයට 19 කට එක් එන්නතක් හෝ එක් මාත්‍රාවක් ලබා දී ඇති අතර සියයට 14 කට මාත්‍රා දෙකක් ලැබී තිබේ.