horana-lockdown-request

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යෑමත් සමග හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට සංචරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලධාරීන්ට පවසා තිබේ.



එම සංගමයේ කළුතර දිස්ත්‍රික් ශාඛාවේ සභාපති පී.සී. සේනාරත්න මහතා සඳහන් කළේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම්මාන රැසකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

"හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 50ක් ඉක්මවා කොවිඩ් රෝගය ආක්‍රමණය කරලා. වාර්තා වෙන ආසාදිතයින් ගණන අප්‍රේල් සිට අද දක්වා 500 ඉක්මවලා තියෙනවා. සේවකයින් 600, 700 වැඩ කරන කර්මාන්තශාලා මේ කොට්ඨාසයේ තියෙනවා. සංචරණ සීමා පැනවුවෙ නැතිනම් තවත් තත්වය උග්‍ර අතට යාවි"

ඔවුන් පවසා තිබේ.