පසුගිය සතියේ දී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විෂයන් දෙකක දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් එකම පාසලකට හිමිව තිබුණි.හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් මෙම හපන්කම අසන්නට ලැබුණි.ඉංජිනේරු තාක්ෂණවේදී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ අවිශ්ක චානුක මෙන්ම ජෛව පද්ධති තාක්ෂණවේදී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනූ සුසික සඳරුවන් වාර්තා වුණි. එම පාසලේ විදුහල්පතිනිය කේ කේ ජයතිලක මහත්මිය සමග සිසුන් දෙදෙන සියත ටීවී නාලිකාවට ලබාදුන් සාකච්ඡාවක් පහත පරිදිය.
තුන්දාස් පන්සීයකට වැඩි පිරිසක් ළමයින් ඉන්න මේ පාසල මුළු රටේම අවධානයට ලක් වෙච්ච පාසලක්. මෙහෙම පාසලක ඉන්නකොට දරුවන් මේ පාසලට දාන්න විවිධ ප්‍රශ්නත් එක්ක මේකෙ අධ්‍යාපන මට්ටම පවත්වා ගෙන යාම මේක විශාල ක්‍රියාවලියක් වෙහෙස මහන්සිය ගැන ඔබතුමිය ,ආචාර්ය මණ්ඩලය ගැන පොඩ්ඩක් කියන්න විස්තර?
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය කළුතර දිස්ත්‍රික්කයේ තියෙන මධ්‍ය විද්‍යාල අතර ලංකාවේ මධ්‍ය විද්‍යාල අතර ප්‍රමුඛ ස්ථානයක් තියෙන්නේ. මොකද කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය පළමු පාසල් හතර බිහිවෙච්ච ලොකු පාසලක් අපේ පාසල. මධ්‍ය විද්‍යාල සංකල්පයක් මම හිතන්නේ අධ්‍යාපනය හැරවුම් ලක්ෂයක්. අද දවස මං ගොඩක් සතුටු වෙන්නේ ඒ මධ්‍ය විද්‍යාල සංකල්පය තියෙන මිශ්‍ර පාසලක් විදිහට අපි මේ ලබා ගත්ත ජයග්‍රහණය මම හිතනවා කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයටත් සාධාරණයක් ඉෂ්ට කරපු රටේ අධ්‍යාපනයටත් ලොකු පිම්මක්. මොකද තක්ෂිලාව ඇත්තටම තුන්දහස් පන්සීයක් දරුවන්ට අධ්‍යාපනය ලබලා දෙනවා . ඒ වගේම 175ක ගුරු මණ්ඩලයක් ඉන්න 52 කාර්යමණ්ඩලයක් ඉන්න විශාල ආයතනයක්. මේක දිවයිනේ මිශ්‍ර පාසල් වල වැඩිම කඩයිම් ලකුණක් ලබාගෙන ඇතුළත් වෙන පාසලක්. හැම වාරෙකම දරුවන් දෙසිය හැත්තෑවක් ඇතුල් වෙනවා පාසලට. මේක 6 - 13 පාසලක්. ඒ වගේම අපේ පාසල විද්‍යාව ගණිතය තාක්ෂණවේදය කලා වාණිජ සියලු විෂය ධාරාවන් සහිත පාසලක්.
ඉතින් මේ විදිහට ඉන්න කොට තව විශේෂත්වයක් නම් පාසලේ උසස් පෙල හා පන්ති හතළිහක් තියෙනවා. ඒ කියන්නේ ලොකු තරුණ ජනගහනයක් මේ පාසල තුළ ඉන්නවා. අනිත් එක මිශ්‍ර පාසලක් කියන්නේ වර්ග දෙකම ඉන්නවා. ඒ උනාට මම හිතන්නේ දරුවෝ කියන්නේ හොඳ කණ්ඩායමක්. අපි දරුවන් හරියට මෙහෙය වනවා නම් ඒ කට්ටිය කණ්ඩායම් දෙකක් නිසා ප්‍රශ්න ඇති වෙයිනෙ කිව්වට මට එහෙම හිතෙන්නේ නැ. දරුවො කියන්නේ ඔවුන්ගේ දක්ෂතා හොඳට හඳුනගත්ත ඒ දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන කණ්ඩායමක් .
අපි හරියටම මෙහෙය වුවොත් දරුවන් වැඩකට නැති වැඩ වලට පෙළඹෙන්නේ නැ. ඒ නිසා මං මගේ පාසලේ දරුවන් ගැන ආඩම්බරයි .ළමයි ගොඩක් එනවා මම හිතන්නේ ඒ අය පාසල කළමනාකරණය කොට අම්මා කෙනෙක් වගේ මම. ඉතින් ඒක නිසා ඒක මට ලොකු ගැටළුවක් නෙමෙයි. දරුවො දන්නවා මොකක්ද තමන්ගේ ජීවිතේ අරමුණ කියලා. අපේ පාසලේ දරුවන්ට හොඳ අරමුණු තියෙනවා. හොඳ දක්ෂතා තියෙන අය විෂය සම්බන්ධ විතරක් නෙමෙයි විෂ සමගාමී පැත්තෙන් වුණත් දක්ෂතා දක්වන අය ඉන්නවා. මම විශ්වාස කරන්නේ දක්ෂතා රාශියක එකතුවක් එක දක්ෂතාවයක් නෙමේ දරුවන්ට තියෙන්නෙ. දක්ෂතා ගොඩක් තියන අය ඉන්නවා අපි පාසල විදිහට එයාලාගෙ විභවයන් හඳුනා ගන්න ඒවා ප්‍රයෝජනයට ගන්න න මඟ පෙන්වනවා නම් හරියට දරුවා ගමන යනවා මග වරද්ද ගන්නෙ නැහැ. මගෙ ළඟ ඉන්නේ හරිම බුද්ධිමත් පිරිසක්. අපෙන් ඕන පුංචි මගපෙන්වීමක්. ඒක කළමනාකරණය කරගන්න ඔවුන්ට පුළුවන්.
මම මේක හිතන්නේ මේක කූටප්‍රාප්තිය කියලා. මොකද තාක්ෂණවේදය විෂය ධාරාව කියලා කියන්නේ අධ්‍යාපනය හැරවුම් ලක්ෂයක්. ඔය තාක්ෂණවේදය පටන් ගන්නකොටම අපේ පාසලේ තාක්ෂණවේදය ආරම්භ කළා. මේ සංකල්පය ඇවිල්ලා පාසල් දෙසියක තමයි ඒ තාක්ෂණවේදය ආරම්භ කළේ .අපේ පාසලටත් ඒ පළවෙනි අදියරේ ම තාක්ෂණවේදය විෂය ධාරාව ලැබුණා. ලැබුනහම ඒ ලැබුණ දවසෙ ඉඳන්ම අපි ඉලක්ක කරා. ගණිතය විද්‍යාවට වඩා සාපේක්ෂව මේ විෂයට අඩුයි ළමයි. අපේ ළමයිනේ දැනුමත් එක්ක අපේ ළඟ තියෙන මේ සම්පත් එක්ක අපේ ලඟින් ඉන්න සම්පත් මණ්ඩලයත් එක්ක අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරා අපිට ජාතික තලය අල්ලන්න . අපි පටන් ගත්ත පලවෙනි සැරේම දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකල දිස්ත්‍රික් පළවෙනි 10 අතර කිහිපයක්ම හම්බුනා අවස්ථා කිහිපයක්ම හම්බුනා. ඊට පස්සේ හත් වෙනියා සහ 8 වෙනි බිහිකරන්න කරගත්තා. මේ වර්ෂයට ඉස්සෙල්ලා 2019 වර්ෂයේ දී ජාතික තලේ තුන්වැනි ස්ථානය පස්වැනි ස්ථානය හා 8 වන ස්ථානය හිමිකරගත්තා .මේ වර්ෂයේ දී අපි ජාතික තලයේ දී පළවෙනි ස්ථාන දෙක හිමිකර ගනිමින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ තුන්වැනි ස්ථානය bio තාක්ෂණවේදය 4 වෙනි ස්ථානය හිමිකරගෙන පාසලක නැති තරම් පළවෙනි වගේ තැනක අපේ පාසල තියෙන්නෙ මට හිතෙන්නෙ .ඒ ගමන අපි හරියට සැලසුම් කරල ඇවිල්ල මේ අවස්ථාව අපිට උදා කරගන්න පුළුවන් වුණා.
අපි අවිශ්කාත් එක්ක කතා කරමු අවිශ්ක මම හිතන්නේ මේ කාලෙ තමයි ඕගොල්ලන්ට තමයි ලොකුම බාධාව ගොඩක් ආපු කාලවකවානුව .අභියෝගවලට ගොඩක් මුහුණ දෙන්න සිදුවුණා කොහොමද මේ දේවල් කළමනාකරණය කර ගත්තේ මොනවද ඔබට තිබුණ අභියෝග? ගොඩක් අය කියන්නේ විභාගයට හරියට පාඩම් කරන්න වුණේ නෑ පාසල් යන්න වුණේ නෑ හැබැයි ඔබ වෙනස්?
සහරාන් බෝම්බ දාපු දවස්වලත් පාසල් තියන්න බැරි වුණා. ඒක හින්ද අපිට බාධාවක්. ඒ කාලෙත් ගුරුවරුත් අවදානමක් අරගෙන ඇවිල්ලා ඉස්කෝලේ අපිට ඉගැන්නුවා. මේක නිවුනට පස්සෙ ටිකක් උදේ 6:30 ඉඳන් හවස් වෙනකන් මඟ හැරිච්ච පාඩම් ටික ඉස්කෝලේ කලා. කොවිඩ් වසංගතය ආපු දවස් වල ඔන්ලයින් තාක්ෂණයේ ඉස්කොලෙ නිවාඩු දීපු දවස ඉඳම්ම ඔන්ලයින් තාක්ෂණය තුළින් අපිට ඉගැන්නුවේ.
සුසික කොහොමද මේ අධ්‍යාපනයත් එක්ක ගොඩක් අය කොහොමද එහෙම ඉගෙන ගන්නේ එහෙම බාධාවක් ඇති උනාද?
ටීචර් නැති හින්ද ටිකක් අපහසුතාවයක් තිබ්බත් ඒක අපි කළමනාකරණය කර ගත්තට පස්සේ එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ .අපිට අරමුණට නම් යන්න තියෙන්නේ ගෙදර හිටියාත් ඉස්කෝලෙ හිටිය ද එහෙම ප්‍රශ්නයක් ලොකුවටම දැනුනේ නැහැ.
මොකක්ද අනාගත බලාපොරොත්තුව?
අනාගත බලාපොරොත්තු තියෙන්නෙ රටේ ලෝකෙ දැන් ෙවලා තියෙනවා අර්බුද ගොඩක් ඇතිවෙලා තියෙනවා කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව එතකොට මේ විෂයේ දී අපිට ඒ සම්බන්ධව ඒවා කළමනාකරණය කරගන්න හැටි උගන්වනවා ඒ සම්බන්ධව හොද දැනුමක් අපිට ලැබෙනවා .එතකොට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අධ්‍යනය කරලා ඒවට විසඳුම් සොයලා ඒ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අරමුණ ඉතා හොඳයි මට තවත් දෙයක් දැනගන්න ඕනේ මුලින්ම අහන්නම් හෙට අනිද්දට එක ඒක විභාගවලට සූදානම් වෙන දරුවෝ ඉන්නවා . කොහොමද ඔබේ වැඩ කාලසටහන ඔබ විභාගයට මාසයක් තියෙද්දි ද පාඩම් කළේ ? විවිධ ක්‍රම තියෙනවා මේ රටේ එතකොට සුසික කොහොමද එදා දෙන වැඩ එදා කරාද? timetable එකක් තිබ්බද ?
ලංවෙලා ම පාඩම් කරන්න හිටියොත් පාඩම් කරන්න අමාරුයි .කොහොමත් එදිනෙදා වැඩ පුළුවන් තරම් එදිනෙදා කරගන්න ඕනි .විභාගයට කොහොමත් සාමාන්‍යයෙන් මාස පහ හයකට කලින් ඉඳන් වැඩ අඩුම ගානේ පටන් ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් පොඩි කාලසටහනක් තියාගෙන ඉන්නවා කාලය කළමනාකරණය කර ගන්නවා .ගොඩක්ම රෑ වෙනකම් මුල් දවස් වල පාඩම් කරෙත් නෑ. විභාගයට ලං වෙලා තමයි ටිකක් රෑ වෙනකම් පාඩම් කරන්න ගත්තේ. ලං වෙලා නම් වැඩ ටිකක් කර පාන්දරත් ඇත්තටම. කාලසටහනකට අනුව වැඩ කරන්න ඕනේ නැත්තම් වැඩ කරගන්න බෑ .
කොහොමද අම්මල තාත්තලා දීපු සහයෝගය?
ඇත්තටම අම්මයි තාත්තයි ගොඩක් උදව් කළා මේ ගමන යන්න පාඩම් නොකරන වෙලාව පස්සේ පන්න ගෙන කරන්න කිව්වා .
කොහොමද අවිශ්කගේ කාලසටහනක් ද තිබ්බේ නැත්නම් හැමදාම එකම විදිහට වැඩ කරගෙන ගියාද කොහොමද?
විභාගයට මගේ කාලසටහන වැඩ කරන්න වෙලාවක් නෙමෙයි. වැඩක් ඉවර කරල දාන්න තමයි මම හැමදාම උත්සාහ ගත්තෙ. සමහර කට්ටිය කියයි මම පැය 6ක් පාඩම් කරා රෑටත් පාඩම් කළා .එහෙම නෙමෙයි මම. පාඩම් කළොත් එහෙම ඒකදිගට බෝරින් වෙනවා. එකක් දාගත්තට පස්සෙ එක් ඉවර කරනකොට ලොකු stress එකක් එන්නේ නැහැ .
මොකක්ද අනාගත බලාපොරොත්තුව
ලංකාවට game industry ඒක ගෙනල්ල ලංකාව දියණු කරන්න. පිටරටවල ගේම් වලට ලොකු තැනක් දීලා ලොකු ඉන්කම් එකක් ලංකාවට එනවනේ. දැන් ලංකාවේ සාම්ප්‍රදායික job කරන්නේ. ටිකක් අලුත් තාක්ෂණයක් ලංකාවට ගෙනල්ලා දියුණු කරන්න තමයි ඒ කාලේ ඉදම් මගෙ හීනෙ වුනේ.
නව තාක්ෂණය ළමයි මේක විනාස කරනවා කියලා කියනවා. ඒත් හොඳ පැත්ත ගත්ත කෙනෙක් තමයි අවිශ්ක කියලා කියන්නේ මේක කොහොමද විදුහල්පතිනියක් මවක් විදිහට ඔබ දකින්නේ?
ඇත්තටම අධ්‍යාපනය ඉන්නේ කෙනෙක් විදිහට මම මෙහෙම සෘජුවම කියන එක හරිද දන්නේ නැහැ .නමුත් මම ඒක කියනවා අද පාසලේ කාර්යභාරය ඔය අධ්‍යාපන සහතික හදලා දෙන ඊටඑහා ගිය කාර්යභාරයක් .පාසලට තියෙනවා අපි දැනට රටේ අධ්‍යාපන ක්‍රියාවලිය තියෙන නිසා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ විභාගය ,අපොස උසස් පෙළ විභාගය එහෙම පාත් ඒකක් විශ්වවිද්‍යාලයට යන ක්‍රමයක් අපේ රටේ තියෙනවනේ. ඒකට අපි අනුගතව පද්ධතිය හැදිලා තියෙන විදිහට ඒ දේවල් කරන්න ඕනේ .ඒ වුණාට අද දවසේ දී පාසලේ කාර්යභාරය මම හිතන්නේ දරුවන්ට ඊට ඒහා ගිය සාමාජ කුසලතා ඒවා ලබා දෙන එක තමයි පාසලේ කාර්යභාරය පාසල වැඩියෙන් කටයුතු කරන්න අවශ්‍ය. ඒ පැත්තට එහෙම කළොත් තමයි දරුවන්ට පුළුවන් වෙන්නේ. දැනුම කියන එක හරිම සුලබයි. අද දැනුම ලබාගන්න තියෙන අවස්ථාවන් තියෙනවා .යූටියුබ් එකට ගියාම හොයාගන්න පුළුවන් ,අන්තර්ජාලයට ගියාම පුළුවන් මොකක් හරි වෙබ් සයිට් එකට ගියාම පුළුවන් .අනික අපේ විෂය මාලාවන් ඒවා අන්තර්ජාලයට යොමු කරලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අන්තර්ජාලයට දාලා තියෙන්නේ. දරුවන්ට මේ විෂය මාලාව අරගෙන ඉගෙනගන්න දරුවෙක්ට ඒවා බලලා දැනුම අරගන්න පුළුවන්.
පාසල කියන්නේ විෂය සමගාමී වැඩසටහන් රාශියක් කරන ස්ථානයක් පාසලේ ප්‍රමාණයට. නමුත් අපේ වගේ පාසලක් ගත්තහම අපි අවුරුද්දේ වැඩපිළිවෙළේ ක්‍රියාකාරී සැලැස්මේ ඒකෙදි විෂය සමගාමි වැඩ සටහන් රාශියක් තියෙනවා දරුවන්ට සම්බන්ධ වෙන්න. එතකොට දරුවන්ට පුළුවන් වෙනවා ඒවා දරුවෝ තමයි තීරණ ගන්නේ දරුවො තමයි සංවිධානය කරන්නේ. දරුවෝ තමයි මෙහෙයවන්නෙ. දරුවෝ තමයි කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ. එතකොට ඒ අයට ඒ කණ්ඩායම තුළ හැසිරෙන එක තුළ ලොකු අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මෙතනදී ඉස්සරහට ගිහින් ඔවුන්ගේ තියෙන හැකියාවක් මොනවද කියලා තේරුම් ගන්නවා. තාක්ෂණ දිනය ගත්තත්, පරිසර දිනය කලත් මේ විදිහට ක්‍රීඩා උත්සවය කළත් ඒ වගේ කාරණා වලදී ළමටයි අවස්ථාවක් දෙනවා ඒ කට්ටියට ඒවා ප්ලෑන් කරලා කරන්න. අද දවසේ වාණිජ දින විද්‍යාව දිනය ඒ වගේ දේවල් වල අපි එකට සම්බන්ධ වෙනකොට අපිට හිතාගන්න බැරිතරම් නිර්මාණශීලී ඒවා දරුවෝ ඉදිරිපත් කරනවා තාක්ෂණය පාවිච්චි කරනවා උපරිමෙන්. තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරලා අපිව ප්‍රබෝධයට පත් කරනවා විතරක් නෙමෙයි විශ්මයටත් පත් කරන විදිහට තමයි මේ වැඩසටහන් කරන්නේ. ඒ නිසා දරුවා හරිම නිර්මාණශීලී. ඒ නිර්මාණශීලිබව ඇත්තටම නැති වෙන්නේ නෑ අපි වැඩ කරන්න අවස්ථාවක් දුන්නොත් තමයි මේ ගොල්ලන්ට මේ නිර්මාණශීලිබව අරගෙන යන්න පුළුවන් වෙන්නේ.
ඉතින් පාසල විවිධ අවස්ථාවන් සැලසුම් කරලා දෙනකොට දරුවන්ට පුළුවන් වෙනවා දරුවන් ළඟ තියෙන අර හැකියාව අරකට පාවිච්චි කරන්න. අන්න එතකොට එයා දැනගන්නවා මට මේකට විභවයක් තියෙනවා කියලා. එකත් එක්ක ඉස්සරහට ගනුදෙනුව කරගෙන යන්න පුළුවන් ඒයාලට. මම ඇත්තටම මේ පුතා ගැන කියන්නත් ඕනේ අපේ පාසලේ වෙබ්සයිට් එකති මෙයා තමයි ඩිසයින් කරේ. අනිත් එක මේ තාක්ෂණය පැත්තෙන් අපේ පරම්පරාවට වඩා මේ නූතන පරම්පරාව අඩි ගානක් ඉස්සරහින් ඉන්නේ. තාක්ෂණික මෙවලම් භාවිතය සහ පරිහරණය පිළිබඳ දරුවන්ට පුදුම හැකියාවක් තියෙන්නෙ.
සුසික කියන්නකො බලන්න ගෙදර කට්ටිය ගැනත් විශේෂයෙන් කතා කරන්න එපැයි..?. ඉතින් පවුලේ අය ගැනත් කියන්නකො විස්තර ?
මගේ අම්මගේ නම තිරුණි පතිරණ. අම්මා සේවය කරන්නේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ .තාත්තා කණිෂ්ඨ කරුණාරත්න තාත්තා සේවය කරන්නේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සැරයන්වරයෙක් විදිහට. මම තමයි ප්‍රතිඵල මුලින්ම බැලුවේ ඊට පස්සේ මං ගෙදරට කිව්වා එදා තාත්තා වැඩට ගිහිල්ලා හිටියම අම්මා කෝල් කරල කිව්වා. ගොඩක් අය නෑදෑ හිතමිතුරු ගොඩක් සුබපැතුවා කතා කරලා. ස්තුති කරන්න ඕනේ ගොඩක් ඔක්කොමලාට මට සුභ පැතූ අයට .මට නංගි කෙනෙකුත් ඉන්නවා. ඒයා 9වසර ඉගෙන ගන්නේ.
අවිශ්කාත් කියන්න පවුලේ විස්තර?
මගේ අම්මා දිනුෂා කුමාරි. ඇදුම් මහන ඒක අම්මා කරන්නේ. තාත්තා ප්‍රියන්ත පද්මසිරි. එය ගොවිතැන් කටයුතු කරන්නේ. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා 10 වසරේ.
අවිශ්කගෙත් මුලින්ම ප්‍රතිඵල බැලුවේ කවුද අවිශ්ක ම ද ?
ඔව් මම බලලා අම්මටයි තාත්තට කිව්වා.
කොහොමද ගෙදරින් ලබන ප්‍රතිචාර?
ගොඩක් සතුටු වුණා එයාලා.
0 Comments