70 හැවිරිදි සැමියෙකුට ඇතිවූ ක්ෂණික කෝපය මත සිය බිරිඳ සහ  ලේලිය  කැති පහරින් කපා කොටා නිවෙස ඉදිරිපිට දී (19) පස්වරුවේ ඝාතනය කර ඇතැයි හුංගම පොලීසිය කියයි.  

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම ඇල්බටුව පදිංචි වීරසිංහ පට්ටියගමගේ ප්‍රේමාවති (67) බිරිඳ සහ ගීගනගේ රම්‍ය ප්‍රියදර්ශනි චන්ද්‍රකාන්ති (39)  බව පොලීසිය කියයි.   මෙම අපරාධය සම්බන්ධයෙන් 70 හැවිරිදි තැනැත්තකු කාන්තාවන් දෙදෙනා ඝාතනයට  යොදා ගැනුණු කැති ද සමඟ එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මිය ගිය 39 හැවිරිදි කාන්තාවගේ ස්වාමි පුරුෂයා අපරාධකරුගේ බාල පුතු වන අතර ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වෙමින් සිටින බවත්, නිවෙසේ අපරාධකරු සහ ඔහුගේ බිරිඳත්, පුතාගේ බිරිඳත්, වයස අවුරුදු හතරක පමණ දරුවකු සිටින බවත් ප්‍රදේශවාසීහු කියති. තංගල්ල සහකාර පොලිස් අධිකාරි (1) සනත්  අමරසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික පරික්ෂණ කටයුතු සිදු කර ඇත. කාන්තාවන්ගේ දෙදෙනාගේම ගෙල වෙන්වන සේ කැති පහර එල්ල කර තිබූ බව සහකාර පොලිස් අධිකාරිවරයා කීය. හංගම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණසේන සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  ඒ.ජේ. උපුල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්විණි.

 -සනත් ගමගේ-