කොරෝනා වසංගතය උග්‍ර අකට හැරෙමින් පවතින අතරවාරයේ ඉන්දියාවේ මතුව තිබෙන අනෙක් උවදුර වී ඇත්තේ නාසයේ හැදෙන කළු දිලීර හා සිරුරේ තැන් තැන් වල හැදෙන සුදු දිලීර විශේෂයන්ය.
මෙම දිලීර කොරෝනා හැදෙන්නට පෙර මෙන්ම පසුව වාර්තාවී ඇති අතර මේ හේතුවෙන් ඇස් අන්ධභාවයට පත්වූවන් දහස් ගණනක් දැන් වාර්තාවී ඇත.
ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය මෙම දිලීරය මර්දනය පිණිස දිලීර නාශක ඇම්ෆොටෙරිසින් බී නිෂ්පාදනය වේගවත් කිරීමට හදිසියේ කටයුතු කරමින් සිටී.
ශ්ලේෂ්මල පටලයට ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන මෙම එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා නව සමාගම් පහක් වන නැට්කෝ ෆාමා, ඇලෙම්බික්, එම්කුර්, ගුෆික් සහ ලයිකා අද දින අධිකාරඑිය මගින් අනුමත කරන ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර එම ඖෂධ අලෙවිය පිනිස මේ වනවිට විශාල ඉල්ලුමක් හටගෙන ඇතැයි වාර්තාවේ.
මෙම රෝග තත්වය 1897 වසංගත රෝග පනත යටතේ වසංගතයක් ලෙස “කළු දිලීර” ලෙසද හඳුන්වන මුකෝර්මිකෝසිස් ය.
ඖෂධ පාලක ජනරාල්ට උපදෙස් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව යම් කොන්දේසි වලට යටත්ව මෙම සමාගම් වලට අනුමැතිය ලබාදී ඇති බවද වාර්තාවේ.
දැනට පවතින දේශීය නිෂ්පාදකයින් වන සිප්ලා, භාරත් සේරම්ස් සහ සන් ෆාමා නිෂ්පාදනද අධික ඉල්ලුම නිසා තොග අවසන් වී ඇති සංඛ්‍යාලේඛන වාර්තා කර තිබේ.
0 Comments