
ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා සිකුරාදා(21) ප්‍රකාශ කර ඇත්තේ
ඉතාලිය සඳුදා සමහර ප්‍රදේශවල කොරෝනා වෛරස් නිසා පනවා ඇති සීමා ලිහිල් කරන බවයි. ඒ අතර, රට සියළුම ප්‍රදේශ “කහ කලාප” බවට පත්වනු ඇති යයිද ඔහු කීය.
ඉතාලියේ කොවිඩ් -19 අනතුරු ඇඟවීමේ පද්ධතියට මට්ටම් හතරක් ඇතුළත් වේ: සුදු, කහ, තැඹිලි සහ රතු යනු ඒවාය. රතු හා තැඹිලි වඩාත් අවදානම් මට්ටම් වන නමුත් කහ යනු සාමාන්‍ය මට්ටම වූ සුදු සලකුණට ආසන්න වීමකි.
වර්තමානයේ, රටේ බොහෝමයක් ස්ථාන කහ ලෙස වර්ගීකරණය කර ඇති නමුත් එකම ගැටලුකාරී ප්‍රදේශය වන්නේ වයඹදිග ඉතාලියේ වේල් ඩි අවෝස්ටා බව ඇමතිවරයා දන්වා තිබේ.ෙ
ස්පෙරන්සා ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ සමහර ප්‍රදේශවල සීමාවන් ලිහිල් කිරීම ඉතාලි ජනතාවගේ යහපත් පුරුදු හා රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් බවයි. මේ වන විට මාත්‍රාවන් මිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් එන්නත් කර ඇති ඉතාලියේ ජනගහනයෙන් 16.25% කට මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval