johnston-daya-gamage

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් ප්‍රමාදකළ බව පවසා හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙයි.  මෙම සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුන්ට අවවාද කළද එය දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මෙම තීරණය ගත් බව විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේය.මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී ඉදිකිරීම් ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.