johnston-speaks

කෝවිඩ් වසංගතයකට බිය වී රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්, ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයන්වලදී රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් රට ගොඩනැගීමේ කාර්ය භාරය සිදුකරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 

කොරෝනා මර්දන ජාතික ව්‍යාපෘතියට සහාය දීමේ අරමුණින් ක්‍රියාත්මක ''දින දහයක් තුළ ඇඳන් 10000ක්'' සකස් කිරීමේ ජාතික සමාජ සත්කාරක ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඇඳන් නිර්මාණ කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා නිරත විය.එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපි පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු රෙගුලාසි ගැන කතා කළා. එළැඹෙන අඟහරුවාදා අපි පාර්ලිමේන්තුවේ ඖෂධ සහ ටයර් ආනයනය ගැන කතා කරනවා. බදාදා සහ බ්‍රහස්පතින්දා දින අපි පෝට් සිටි ගැන කතා කරනවා. දැන් මේ වැඩකට නැති විපක්ෂය අපිට චෝදනා කරනවා කොරෝනා තියෙද්දී අපි පෝට් සිටි පනත විවාදයට ගන්නවා කියලා.

අපිට කිසිම හදිසියක් නෑ. විපක්ෂය දකින විදිහේ කිසිම හදිස්සියක් මෙතැන නැහැ.

පෝට් සිටි ප්‍රශ්නය ගැන අවුරුදු ගානකට අපි කතා කරලා, තියෙනවා. ඒ වගේම අපි රෙගුලාසි ගණනාවක් ගැන පාර්ලිමේන්තුවේදී මේ සතියේ කතා කරනවා. ඖෂධ රෙගුලාසි පනත ගැන කතා කරද්දී ප්‍රේමදාස මහත්තයා විරුද්ධ වුණා.ඖෂධ රෙගුලාසි ගේන්න හදනකොට එතුමා විරුද්ධ වුණා. එතුමා පනත කලින් කියවලා තිබුණ නැහැ.
පනත කියෙව්වාට පස්සේ තමයි ඒ පනත හරී කියලා තේරුම් අරන් පිළිගත්තා. පෝට් සිටිය ගේන්න ඕන. පෝට් සිටි පනත විතරක් නෙමෙයි අනිකුත් අණපනත් පවා මේ රටට ඉක්මනින් ගෙන්න ඕන. අපි නිදියගෙන ඉන්න ආණ්ඩුවක් නොවෙයි. පෝට් සිටිය එනවා කියන්නේ මේ රටේ ආර්ථිකය කණපිට හරවන්න පුළුවන් විශාල ව්‍යාපෘතියක්. එදා යහපාලනය නතර කළා. දැන් අපි ඒක පටන් ගත්තා. දැන් විපක්ෂය ඔවුන්ට කරගන්න බැරි දේ අපි කරනකොට ඊර්ෂවෙන් සහ කුහකකමෙන් ඒවා දිහා බලනවා. ඒවාට මඩ ගහලා අකුල් හෙළනවා.පාර්ලිමේන්තුවරටේ පැවැත්වෙන්න ඕනේ. රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන්නේ.

කෝවිඩ් කෝවිඩ් කියලා හිතෙනවා නම් මේ රට ඉදිරියට යන්නේ කොහොමද? ඒ නිසා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු බය නැතිව ඇවිල්ලා මේ රටේ ජනතාව ගැන තීන්දු තීරණ ගන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව වහලා හැංගුණාම කොහොමද රටක් දුවනෙ.කොරෝනාවලට සල්ලි නෑ කිය කිය අපි රුවන්පුර අධිවේගී මාර්ග හදනවා කියලා අපිට විපක්ෂය දැන් චෝදනා කරන්න පටන් අරගෙන.කවුද කියන්නෙ අපේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. අපි PCR කරන්න, ඒ වගේම වැක්සින් කරන්න සල්ලි නැහැ කියල තියෙනවද? ඇඳන් ගන්න, ඔක්සිජන් ගන්න සල්ලි නෑ කියලා තියෙනවද? බෙහෙත් දෙන්න සල්ලි නෑ කියල තියනවද? අඩුම ගානේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට පඩි ගෙවන්නවත් සල්ලි නෑ කියලා තියෙනවද? අපි රාජ්‍ය සේවකයාට නිසිලෙස පඩි ගෙවනවා.

රටේ ණය නිසි වෙලාවට ගෙවනවා.

එයාලගේ යහපාලන ආණ්ඩුව වගේ නෙවෙයි අපේ ආණ්ඩුව, රටේ ආර්ථිකය ඉතාමත් දක්ෂ ලෙස කළමනාකරණය කරනවා. විපක්ෂයට මේ රටේ සල්ලි නැති වෙන්න ඕන, ආර්ථිකය කඩාගෙන වැටෙන්න ඕන. මිනිස්සු මැරෙන්න ඕන. ඔක්කොම මැරිලා මැරිලා හරි ප්‍රේමදාස මහත්තයා ඉතුරු වෙලා ජනාධිපති වෙන්න පුළුවන් නම් ඒක තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව.අපි පැහැදිලිව කියනවා කෝවිඩ්. නෙමෙයි, මොන අභියෝගය ආවත් අපි මේ රට ඉදිරියට ගෙනියනවා කියලා. ඒ වගේම අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවා.රට දියුණු කරනවා.

රටට ආයෝජකයෝ ගෙවනවා. අපේ අභියෝගය තමයි කෝවිඩ් වසංගතය අමුවේ වුවද මේ රට දියුණු කරන එක. දින දහයක් ඇතුළත ඇදන් 10,000ක් අපි නිර්මාණය කරන සමාජ සත්කාරයටත් දැන් විපක්ෂය මඩ ගහන්න පටන් අරගෙන. ඇඳන් නැත්නම් ඇඳන් හදන්න ඕනේ. ඒක තමා අපේ යුතුකම. එයාලා එක ඇඳක් වත් හදලා අද කතා කරන්නේ. ප්‍රේමදාස මහත්තයාලා දිසානායක මහත්තයලා ඇඳක් තියා අහිංසක දුප්පත් මනුස්සයෙකුට කෝවිඩ් හැදුණහම වතුර බෝතලයක්වත් දීලා නැහැ. යැයි පවසා සිටියේය.මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 (සාකල්යා සඳමාලී)