johnston-speaks

ලබන ජුනි 07 දක්වා රජය මගින් සංචරණ සීමා පනවා ඇති කාලය තුළ 25,31 හා 04 වනදා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව සලසා ඇති මුත් එම භාණ්ඩ ලබාගැනීම කොන්දේසි සහිත බව අද පැවති මාධ්‍ය හමුවේදී ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු දැන්වීය.




වාහන වලින් ගොස් අත්‍යවශය භාන්ඩ ගැනීම කළ නොහැකි බවත් වාහන තියෙන අයත් පයින් ගොස් ඒවා ලබාගත යුතු බවත් ඔහු කීය. වාහන වලින් ගොස් නගරවල සැරිසැරීම අත්හිටුවීමට මෙය පනවන බව කීය. වාහන නවතා දැමීමේ තීරණය ජනපති තුමා සමග කතාකර විශේෂයෙන් ලබාගත් එකක් බවද ඇමතිවරයා කීය.
නිවසකින් යා හැක්කේ එක් අයෙකු බව කීය.
(මෙතැනදී හැදුනුම්පත් අංක නීතිය තවදුරටත් අදාළ නැති බවක් හැඟවුම් කෙරිණි)
විවෘත කර තැබිය හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ, සුපිරි වෙළෙඳ සල් ආහාර අලෙවි සල් හා ඔසුසල් වැනි ස්ථාන පමණක් බවද කීය.
ජංගම ආහාර අලෙවි කරන අයට එම සේවා පවත්වා යා හැකි බවද කීය. මේ අතර අපනයන ව්‍යාපාර පවත්වා යාහැකි බවද කීය.
පෑලියගොඩ මාළු අලෙවි සල 26, 27 හා 28 වසා ඇති බව දැන්වීය.