kalagedihena-covid19

කළගෙඩිහේන ප්‍රදේශයේ ඇගළුම් කම්හලක ඉකුත් 23 වැනිදා උදෑසන වන විට කෝවිඩ් 19 ආසාදිතයන් එකසිය පනහකට වැඩි  පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් පිරිසකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව 

පසුගිය දින කිහිපයක් තිස්සේ සෞඛ්‍ය අංශවලට දැන ගැනීමට ලැබුණු බවත් ආයතනයේ පාලකයන් රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට නොදන්වා වසන් කර ගෙන සිටි බවත් මේ නිසාම සෞඛ්‍ය අංශ මැදිහත් වී විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමේ දී  එසේ කෝවිඩ් 19 ආසාදිතයන් එක සිය පනහකට වැඩි පිරිසක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශය සඳහන් කළේය.


මේ අනුව එම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් සොයා ගෙන ස්වයං නීරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ගෙන යන බවත් සෞඛ්‍ය අංශ පැවසීය.  එම ආයතනයේ එක් දහස් හයසීයක් පමණ දෙනා ස්වයේ  යෙදී සිටින බව ද සෞඛ්‍ය අංශ කරන ලද පරීක්ෂණවල දී හෙළි වී ඇත.  රෝගීන් වාර්තා වීම වසන් කර ගෙන එම ආයතනය තුළ අංශ හතරකින් නිෂ්පාදන කට යුතු කර ගෙන ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් අනතුරුව අංශ තුනක වැඩ නවතා එක් අංශයක වැඩකර ගෙන යන බවත් කීය.  රෝගීන් පිළිබඳව වාර්ත නොකර වසන් කර ගෙන සිටීම පිළිබඳව පාලන අධිකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ගෙන යයි.


 -ආනන්ද ඉ ජයකොඩි-