
දැරියට ඇති දේවවරම බලගතු කිරීමට ඇය ළගින් ඇසුරුකළ යුතු යැයි රවටා පහළොස් හැවිරිදි පාසල් සිසුවියක දෙමස් ගැබිනියක බවට පත්කළේ යැයි කියන කපුවකු ඉකුත් 22 වැනිදා ලේනව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි.
මෙම දැනට දින කිහිපයකට ඉහතදී දැරියට ක්ලාන්තය වීම සිහිසුන්ව සිටියදී ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වෛද්‍යවරයා පරික්ෂාකර දැරිය දෙමස් ගැබිනියක් බව පැවසීමෙන් පසු මව පොලිසියට කළ පැමිණිල්ල මත කපුවා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
දැනට වසරකට ඉහතදී සැකකාර කපුවා නිවෙසක බහිරව පූජාවක් පැවැත්වීමට ආ අවස්ථාවේ දැරියට දේවවරමක් ඇති බව පවසා දැරියට නිවෙසේ දේවාලයක් සාදා දෙන ලෙසටත් කළ ඉල්ලීම අනුව මව දේවාලයක් සාදාදුන් බවත් ඉන් පසු කපුවා වරින්වර එයට පැමිණ ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වන බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගත්බව පොලිසිය කියයි.
-අතුල බණ්ඩාරනායක-
Comments
Post a Comment
Your comment will be visible after approval