බ්‍රිතාන්‍ය රැජිණියගේ සුප්‍රකට ලේලියන් දෙන්නා අතරින් මෙගන් මාර්කල් රාජකීය පවුලේ 'වඩාත්ම කැපී පෙනෙන විලාසිතා' සිදු කරන්නියගේ සම්මානය දිනා ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘ඩේලි එක්ස්ප්‍රස් ‘ පුවත්පත වාර්තා කරයි.
රාජකීයයන්ගේ විලාසිතාව කෙරෙහි එරට ජනතාව කෙතරම් උනන්දුවක් ඇත්දැයි විශ්ලේෂණය කිරීමකින් පසු ‘ප්‍රිටි ලිට්ල් තින්ග්‘ හි වැඩිම සෙවුම් කරන විලාසිතා කරන්නිය ලෙස මෙගන් තෝරාගෙන තිබේ.
එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ අන්තර්ජාල සෙවුම් පරිමාවන් සමාලෝචනය කිරීමේදී රජ පවුලේ කේට්ගේ විලාසිතා ගැන සොයනවාට වඩා මෙගන්ගේ විලාසිතා ගැන වැඩිපුර සොයා ඇති බව හෙළි කර තිබේ..
පසුගිය වසර පුරා, රාජකීයයන් වන සොෆී, ඈන් කුමරිය , කැමිලා -  කෝර්න්වෝල්හි ආදිපාදවරිය පැළඳ සිටින ඇඳුම් ගැන දැන ගැනීමේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ඩේලි එක්ස්ප්‍රස් වාර්තා කරයි.



මෙම අධ්‍යයනය සිදුකරන කණ්ඩායම පැවසුවේ පසුගිය වසර තුළ මේගන් සෙවීමේ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර කේට්ගේ පෙනුම එකම කාල රාමුව තුළ 84% කින් ඉහළ ගොස් ඇති බවයි.
"මෙගන් සහ කේට් යන දෙදෙනාම නිරන්තරයෙන් ප්‍රවණතා සැකසීම සහ ඔවුන්ගේම අතින් විශාල විලාසිතාවේ නිරූපකයන් වීම ඊට හේතුව විය හැකිය." පුවත්පත අදහස් දක්වා තිබේ.

කේට් සහ මේගන් විසින් පැළඳ සිටින ඕනෑම ඇඳුමක් බොහෝ විට ඉක්මනින් විකුණා ගත හැකියයි කියනු ලබන්නේ රසිකයින්ට ඔවුන්ගේ විලාසිතාව පිටපත් කිරීමට දක්වන උනන්දුව නිසාය.
 විලාසිතා විශේෂඥ වරියක වන බ්‍රිතාන්‍ය විලාසිතා සංගමයේ කර්තෘ නටාෂා හෙන්සන් පැවසුවේ කේට් බොහෝ දෙනාට ප්‍රවේශ විය හැකි දෑ පැළඳ සිටින අතර ඇයගේ ජනප්‍රියත්වය පැහැදිලි කළ හැකි නමුත් මෙගන් නිළියක වීම නිසා වැඩිපුර කැපී පෙනෙන බවයි.

ඇය මෙසේ පැවසුවාය: “කේට් බොහෝ විට තරුණ රාජකීයයෙකු සහ මවක ලෙස තම භූමිකාවට ගැළපෙන පරිදි සුවපහසු එහෙත් හැඩකාර ඇඳුමක් තෝරා ගනී.
මෙම අංග වලින් ඇඟවෙන්නේ ඇය ප්‍රසිද්ධ චරිතයක් වුවද, ඇය යම්  අවස්තාවකට සහභාගී වී සිටියත්, පවුලේ දිනයක් ගත කළත් ඇය සැහැල්ලුවෙන් හා විලාසිතාවෙන් සිටින බවක් දැනවීමට කැමති බවය.
අනෙක් අතට මේගන් ආන්දෝලනාත්මක සාකච්ඡා වලට පෙනී සිටින්නයක්. ඇය මාධ්‍ය තුළ කැපී පෙනීමට කවදත් දක්ෂයි මොකද ඇය හොලිවුඩ් නිළියකවීම නිසා. ඇගේ පෙනුම වෙනුවෙන් ඇය විශාල වෙහෙසක් නොගත්තත් ඇය කෙරෙහි අවධානය වැඩිවීම නිසා ඒ විලාසිතාවලට පිළිගැනීමක් ඇතැයි කියන උපකල්පණය ඇති වෙනවා. ඒනිසා බ්‍රිතාන්‍යයේ වගේම ඇමරිකාවේ ඇගේ විලාසිතා අනුකාරකයින් වර්ධනය වෙලා“