කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකිරීමේදී තමාගෙන් නොවිමසා තමන් දැනුම්වත් නොකර සිදුකළේ මන්දැයි විමසමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාගේ හක්ක පන්නන බව සඳහන් කරමින් දුරකතනයෙන් තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට 28 වැනිදා රාත්‍රියේ පැමිණිලි කර තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ තමාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකළ මහජන පරික්ෂකවරුන් තිදෙනා අතරින් එක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වන නලීන් චන්ද්‍රවංශ මහතාට දුරකතනයෙන් අමතා ඇති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මට කියන්නේ නැතිව උඹලා කොහොමද? මේකේ පීසීආර් කරන්නේ. ඇයි මගෙන් විමසුවේ නැත්තේ යැයි විමසමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැණවැදී ඇති බවයි.
පසුව ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් චන්ද්‍රවංශ මහතා තමන්ට පැමිණිලි කළ බවද වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්. පසුව තමා ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ජංගම දුරකතනය අමතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ තමා සිදුකරන රාජකාරි සහ සෙසු සියලු කාර්යයන් සභාපතිවරයාට දැනුම් දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසමින් සභාපතිවරයාට කරුණු පැහැදිලි කර දී දුරකතන සංවාදය එතනින් අවසන් කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව සභාපතිවරයා නැවත ඔහුගේ ජංගම දුරකතනයෙන් තමාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් ඊට තමා ප්‍රතිචාර නොදැක්වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය පැමිණිල්ලෙන් පවසා තිබේ. ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ දුරකතන ඇමතුම්වලට තමා ප්‍රතිචාර නොදැක්වූ නිසා ඉන් අනතුරුව තමා යටතේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂක චන්දික අබේරත්න මහතාගේ ජංගම දුරකතනට අමතා ඇති ප්‍රාදේශීය සභා සභාපතිවරයා මම අරකන්ගේ (එම්. ඕ.එච්. ගේ) හක්ක පන්නනවා. ඕකා ඉන්න තැන මම දන්නවා. ඕකා ඉන්නේ සාලියපුර. උගේ හක්ක පන්නන මම මේ දැන් කට්ටියක් එක්ක යන ප්‍රාදේශීය සුන් පවසා තිබුනේ° නිලධාරිවරය ගමන් බව කියමින් තර්ජනය කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පැමිණිල්ලේ සඳහන්ය.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට තර්ජනය කළ බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් එම සංගමයේ අනුරාධපුර ශාඛාවටත් පැමිණිලි කර තිබේ. සෞඛ්‍ය වෛද්‍යවරුන් නිලධාරිවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ගැන මුලින් දැනුම්වත් කර ඔහුගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුවය. අනුරාධපුර මූලස්ථාන පොලිසියට යාමයි පෙර වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා හමුවී මේ පිළිබඳව පැමිණිලි කිරීමට ගොස් ඇතත් ඒ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කාර්යාලයේ නොසිටි නිසා ඔහු හමුවීමට නොහැකි වීම නිසා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ගොස් මෙලෙස පැමිණිලි කර තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ටිකිරි බණ්ඩාර මහතා සඳහන් කළේ කැබිතිගොල්ලෑව නගරයේ සිදු කළ පීසීආර් පරික්ෂණ පිළිබඳව තමා මහජන සෞඛ්‍ය පරිවරුන්ගෙන් විමසු බවයි. ප්‍රාදේශීය සභාවේ සේකයින්ටද පීසීආර් පරික්ෂණ සිදු කළ යුතු බවට තමා එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යෝජනා කළ බවද ඔහු කීය. පසුවට කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දුරකතනයෙන් තමාට බැනවැදුණු බවත් තමාට එල්ල කරන චෝදනා ප්රතික්ෂේෂ්ප කරන බවත් සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හක්ක පන්නන බව පවසමින් තර්ජනය කළ බවට එල්ල කරන චෝදනාවද තමා ප්‍රතික්ෂේප කරන බව ඔහු ප්‍රකාශ කළේය. කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකර ඇත්තේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන නලීන් චන්ද්‍රවංශ සහ චන්දික අබේරත්න සහ සී.පී. ගාල්ලගේ යන මහත්වරුන් විසින්ය.
-උපාලි ආනන්ද-
0 Comments