keheliya-sputnikV-advixce

ඊයේ (30) මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ පසුව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේෙ


ස්පුට්නික්5 එන්නතේ පළවෙනි මාත්‍රාවෙන්ම ඉතාමත්ම ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන නිසා එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බවයි.

"දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා. මහාචාර්ය නීලිකා, ඒවගේම මේ සම්බන්ධ තාක්ෂණික කමිටුව මේ දෙවැනි එක අවශ්‍යද කියන එකත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් යනවා. මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නෙ. මට තිබෙන ආරංචි අනුව ස්පුට්නික් එක මාස හයක් යනකල් වලංගු බවක් තියෙනවායි කියන එකයි - මම හරියටම දන්නෙ නෑ - මගෙ ආරංචියෙ හැටියට. ඉතිං මේ ඔක්කොම ඉතාමත්ම සංකීර්ණ තත්වයක් තියෙන්නෙ. මේක බොහොම ලේසියෙන් දිගහැරෙන දෙයක් නෙවෙයි" යනුවෙන් ඔහු කීය.

වර්ග දෙකකින් පළමු හා දෙවන මාත්‍රා නිපදවා ඇති සති තුනත් මාස 3ත් අතර කාලයක් තුළ මාත්‍රා දෙවර්ගය  ලබාදීමට නිර්දේශ කර ඇති ස්පුට්නික් 5 එන්නත නිෂ්පාදනය කළ රුසියානු විද්‍යාඥයින් මේ බව තවම දැනුවත් කර නැත.