
පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව නිවේදනය කර තිබෙයි.
මේ අතර කළු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබුණි.ඒ අනුව ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටින ලෙස අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.
කැළණි ගඟේ ජල මට්ටම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම පහතින්.

Comments
Post a Comment
Your comment will be visible after approval