kids-vaccine

කෝවිඩ් වසංගතය වසර එකහමාරකට වැඩි කාලයක් 4 පුරාවට ලෝකයේ පැතිර යමින් තිබෙන අනර, මේ වනවිට එම වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 3.5ක් පමණ වේ.  කෝවිඩ් වසංගතය මැඩලීම සඳහා මුළු ලෝකයම දැඩි සටනක යෙදී සිටින අතර. ඒ වෙනුවෙන් නිපදවූ එන්නත් යම් යම් ප්‍රමාණවලින් රට රටවල ජනතාවට ලබාදෙමින් සිටියි. මේ වනවිට ශ්‍රී ලංකාවද ඇතුළු සෑම රටකම පාහේ වැඩිහිටි පරපුරට කෝවිඩ් එන්නත් ලබාදීමට එම රටවල සෞඛ්‍ය බලධාරින් කටයුතු කරමින් සිටින අතර, ඊට අමතරව දරුවන් සදහාද එන්නත් සකස් කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ. ළමුන් හට කෝවිඩ් එන්නතක් ලබාදීම හරහා කෝවිඩ් වෛරසය වැලදීමෙන් ආරක්ෂා විය හැකි අතර, එය ආසාදනය වී ඇතිනම් බරපතළ රෝගාතුරවීම් වළක්වාගත හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම දරුවන්ට කෝවිඩ් එක්නතක් ලබාදීම හරහා ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීමට උපකාරී වන බවද සොඛ්‍ය අංශ සඳහන් කරයි.

දරුවන්ට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වුවද ඔවුන්ට රෝග ලක්ෂණ අඩුවෙන් පෙන්නුම් කරන අතර, දරුණු ආසාදන ඇති නොවන බව සෞඛ්‍ය අංශ හදුනාගෙන තිබේ. ඒ අතරින් කිහිපදෙනෙකුට බරපතළ සංකුලතා ඇතිවිය හැකි අතර, එන්නත් ලබාදීම මගින් එය වළක්වාගත හැකි බවද සොඛ්‍ය අංශ පෙන්වා දෙයි.දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන්, ලන්ඩනයේ සොබා සේවා රසායනාගාර සහරාජකීය නිදහස් රෝහලේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සායනික ප්‍රතිශක්තීකරණය සහ අසාත්මිකාව පිළිබඳ මහාචාර්ය සහ උපදේශක මහාචාර්ය සුරන්ජිත් සෙනවිරත්න මහතාගෙන් විමසූ අතර, මේ සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ මෙවැනි අදහසකි.



"කුඩා දරුවන් පහසුවෙන් වෛරසයට නැඹුරු විය හැකි නමුත්, දරුවන්ට එතරම් දරුණු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි ආසාදිත දරුවන් මගින් වැඩිහිටියන්ට කෝවිඩ් ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා.”

*දරුවන්ට එන්නත ලබාදීම වැදගත්ද?

කෝවිඩ් - 19 දරුවන්ට ආසාදනය වීමෙන් පසුව එහි බලපෑම දිර්ඝකාලීනව තිබෙන්නට පුළුවන්. ආරම්භක රෝගයෙන් ඔබ්බට සති හෝ මාස ගණනක් එය පැවතිය හැකියි. ඒ නිසා මෙවැනි ප්‍රතිඵල ඇතිවීම වැළක්වීම සදභා දරුවන්ට එන්නත ලබාදීම ඉතාම වැදගත්.කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ඇතිවන පශ්චාත් උග්‍ර කෝවිඩ් තත්ත්වය පිළිබද එංගලන්තයේ ජාතික සායනික විශිෂ්ටතා ආයතනය අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ ආරම්භ වී සති 4ත් 12ත් අතර රෝග ලක්ෂණ තිබෙනවා නම් අඛණ්ඩ කෝවිඩ් -19 තත්වය ලෙස හදුන්වනවා. එමෙන්ම උග්‍ර රෝග ලක්ෂණ ආරම්භයේ සිට සති 12ටත් වැඩි කාලයක් පවතිනවා නම් එය පශ්චාත් කෝවිඩ්-19 සිඩ්‍රේමය ලෙසද හදුන්වනවා. එමෙන්ම කෝවිඩ්-19 ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ශ්වසන අපහසුතා (කැස්ස. හුස්ම ගැනීමේ අපහසුතාවය) පමණක් නෙවෙයි තෙහෙට්ටුව, හිසරදය ඇතිවෙක්ටත් පුළුවන්. දෙවැනි රෝග ලමා හදවත, මොළය සහ බඩවැල් ඇතුළු ආමාශයේ බොහෝ කොටස්වලටබලපා ඇති බවද පර්යේෂකයන් සිදුකළ අධ්‍යයනයන්වලින් හඳුනාගෙන තිබෙනවා, මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 4182ක් යොදාගෙන කර තිබෙනනවා. පර්යේෂණයකට අනුව හැදී රෝග ලක්ෂණ, මොළයේ දුව වැනි රෝග බහුලව වාර්තා වී තිබෙනවා

*පුළුල් ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව

ළමුන් සඳහාත් කෝවිඩ් එන්නතක් ලබාදීම පිළිබඳව සලකා බැලීමට තවත් කාරණයක් තමයි සමස්තයක් ලෙස මේ සියලුම ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම. මොකද වෛරසය ආසාදනය වූ සෑම දරුවෙකුටම හෝ වැඩිහිටියෙකුගේම වයිරසය විකෘති වීමට සහ වෛරස් ප්‍රභේද නිර්මාණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. එය වඩාත් භයානක හෝ ප්‍රතිරෝධී වීමට පුළුවන්. මේ නිසා එන්නත් හා ප්‍රතිකාර සදහා ප්‍රතිශක්තිකාරක අවශ්‍ය වෙනවා.

*ලෝක මට්ටමින් භාවිත කරන එන්නත් වර්ග 07ක්



මේ වනවිට කෝවිඩ් -19 වෛරසය මර්දනය කිරීමට වැඩිහිටියන් සදහා භාවිත කිරීමට එන්නත් වර්ග හතකට අවසරය හිමිව තිබේ. ඒ අනුව අවුරුදු 16ට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදී ඇති අතර, අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා මොඩර්නා සහ. ජොන්සන් සහ ජෝක්සන් එන්නත් හදුන්වා දී තිබෙනවා.ඒවන්ම ඇමරිකාවේ අවුරුදු 12-15 අතර ළමුන් සදහා ෆයිසර් එන්නත ලබාදීමට මේ වනවිට අවසරය හිමිව තිබෙනවා. ෆයිසර් එන්නත වයස අවුරුදු 12- 15ත් අතර ළමුන් තුළ සියයට සියයක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයාගෙන තිබෙනවා.මේ වනවීට ඔවුන් යස අවුරුදු 6ක් 11ත් අතර දරුවන්ට එන්නත ලබාදීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ පිළිබදව අපිට ඉදිරියේදී දැනගන්නට පුළුවන් වේවි. එමෙන්ම එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක වයස් කාඩ තුනක් අත්හදාබැලීම් සිදුකර තිබෙනවා. වයස අවුරුදු 5- 11, අවුරුදු 2 -5සහ මාස 6 සිට අවුරුදු 2 දක්වා වූ දරුවන් සම්බන්ධයෙන් මේ වනවිට එම පර්යේෂණසිදුකරනවා. ඒවගේම ඇතැම් වයස් කාණ්ඩවල පළමු වයස් කාණ්ඩ දෙක සඳහා එන්නත ලබාදීමට සුදුසු බවට අනුමත කර තිබෙනවා.වසය අවුරුදු 12- 15ත් අතර ළමුන් සදහා ෆයිසර් එක්නත ලබාදීමට කැනඩාවත් මේ වනවිට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව එරට එම වයස් කාඩයේ ළමුන් එන්නත්කරණය කිරිම පසුගිය සතියේ ආරම්භ කළා.

*මොඩර්නා එනත

වයස අවුරුදු 12 - 17ත් අතර ළමුන් සභා මොඩර්න එන්නත පිළිබද සායනික පරික්ෂණ මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි ප්‍රතිඵල ඉතාම කඩිනමින් අපට දැනගැනීමට හැකි වේවි.කෙසේචෛතත් වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබාදීමේදී වැඩිහිටි දරුවන්ගේ සිට පහළට එන්නත ලබාදීමටමේ වනවිට සැලසුම් කර තිබෙන අතර, පළමුව එක් මාත්‍රාවක් පමණක් ලබාදීමටත් ඔවුන් අදහස් කරමින් සිටිනවා.

*ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත

කොවිෂීල්ඩ් එන්නත ලෙස ශ්‍රී ලංකාවලැබුනද මෙම එන්නතයි. වයස අවුරුදු 6 -17ත් අතර නිරෝගී දරුවන් සදහා ඇට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින අතර, ඉතා ඉක්මනින් මේ පිළිබදව දැනගැනීමට හැකි වේවි.

*ජොන්සන් සහ ජෝක්සන් එන්නත

වයස අවුරුදු 12-17ත් අතර ළමුන් සදහා ජොන්සන් සහ ජෝන්සන් එන්නත මේ වනවිට පරික්ෂාවට ලක්කරමින් තිබෙනවා. මේ සම්බන්ධ පරික්ෂණයේ ප්‍රතිඵල ඉක්මනින් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් සඳහන් කර තිබුණා.

*ස්පුට්නික් එන්නත

ඒමෙන්ම ළමුන් සහ වැඩිහිටි දරුවන් සදහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත භාවිත කළ හැකි ආකාරය පිළිබදවත් අත්හදාබැලීමක් ලබන මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

*සිනොෆාම් එන්නත



මේ අතර චීනයේ නිෂ්පාදිත සිනාපාම් එන්නත දරුවන්ට ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් චීනයේ ජාතික සොබා කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව වසය අවුරුදු 03-17ත් අතර දරුවන්ට සිනොෆාම් එන්නත ලබොදිමට හැකි බව සදහන් කරමින් ඔවුන් වාර්තාවක් නිකුත් කර තිබෙවා.මෙම සියලු එන්නත් දරුවන්ට ලබාදීමේදී එන්නත් ආරක්ෂිතභාවය සහ දරුවන් තුළ ප්‍රතිශක්තීකරණය පිළිබද තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඉතාම වැදගත්.

*දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අදහස.

එන්නත් සම්බන්ධයෙන් විවිධ මත සමාජයේ පවතිනවා. මෙම එන්නත් ඉතාමත් කෙටි කාලයකින් ලෝකයට හඳුන්වාදීමත්, එම එන්නත් සම්බන්ධයෙන් තමවත් පරික්ෂණ සිදුකරන නිසාත් මෙම ද මත පවතිනවා. කොහොම වුණත් දරුවන්ට එන්නත්කරණය සම්බන්ධයෙන් ඇමරිකාවේ සිදුකළ සමීක්ෂණයකදී දෙමාපියන්ගෙන් 53%ක් ප්‍රකාශ කර ඇත්තේ දරුවන්ට එන්නත ලබාදෙන බවයි. එමෙන්ම 26%ක් අනිවාර්යෙන්ම එන්නත ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.විශේෂයෙන්ම දරුවන්ට කෝඩ් එන්නත ලබාදීම තුළ ඔවුන් නැවත පාසලට පැමිණි විට ඔවුන් හරහා වසංගතය පැතිරීම සීමා වෙනවා. ඒහරස්තා පාසල් සාමාන්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමට, මිතුරන් සමග සෙල්ලම් කිරීමට මෙන්ම කිසිදු බාධාවකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා. එය ඉතාම වැදගත්. විශේෂයෙන්ම මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයන් හමුවේ සෑම කෙනෙකුටම යථා තත්වයට පැමිණීමට හැකි වන පරිදි සියලු වයස් කාණ්ඩයන් සාර්ථකව එක්නත්කරණයකට යොමු කිරිමඉතාම වැදගත්. මොකද එන්නතක් ලබාදීම හරහා මෙම වෛරසය පැතිරීම, වසාගත තත්ත්වය ඇතිවීම වළක්වනවා.මේ පසුබිම තුළ දරුවන්ට එන්නත ලබාදීමෙන් පසුගිය වසර එකහමාරක කාලය තුළ මගහැරුණු ක්‍රියාකාරකම්වලට යළිත් සමීපවීමට දරුවන්ට හැකි වේවී.

චාමර සම්පත්