කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටියදී ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළසිරුරක් පෙරේ(09දා උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා ඇති අතර, කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මහව, පළමු ගෙදර, අංක 121/යන ලිපිනයෙහි පදිංචි 39 හැවිරිදි හේරත් මුදියන්සේල්ලාගේ ශ්වර්ණවතී හේරත් නමැති එක්දරු මවකි.
අදාළ කාන්තාව 2018.03.08 දින කුවේටයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඇය කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි නිවාසයෙහි තවත් ඉතියෝපියානු ජාතික කාන්තාවක්ද සමග එකම කාමරයක වාසය කර තිබේ. අනතුරුව සිය අවුරුදු දෙකක සේවා කාලය නිමා කර යළි මෙරටට පැමිණීමට සූදානම් වනවිට,2021.04.13 දින මෙම ප්‍රහාරයට ලක්ව වී ඇත. ඉතියෝපියානු ජාතික කාන්තාව විසින් තියුණු ආයුධයකින් මියගිය කාන්තාවන්ගේ ශරීරයේ ස්ථාන කිහිපයකට පහරදී ඇති අතර, මියගිය කාන්තාව සිය රට ගිය පසු, මෙම නිවසෙහි වැඩකටයුතු තමන්ට තනිවම සිදු කිරීමට වන නිසා,
මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇත. අදාළ කාන්තාවගේ මෘත දේහය. පෙරේදා දින කටාර් රාජ්‍යයේ හා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, එය භාර ගැනීම සඳහා ඇයගේ ස්වාමිපුරුෂයා සහ දුව පැමිණ සිටියේය.පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර, මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කළ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිරුර අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතීන්ට භාර දෙන ලෙස නියෝග කළේය.
(කටුනායක - ටී.කේ.ජී.කපිල)
0 Comments