lack-of-salman-tin

රටපුරා සැමන් හිගයක් ඇති වී තිබෙන බව සුපිරි වෙළඳසල් සහ සිල්ලර වෙළෙන්දෝ පවසති.
චීනයෙන් ආනයන කළ නව සැමන් වර්ගයක් ඉතාමත් සීමිත ප්‍රමාණයක් මීට සතියකට පමණ පෙර ලැබුණු බවත් එම තොගය පැය කීපයකින් අලෙවි වූ බවත් ප්‍රධාන සුපිරි වෙළෙඳසලක අලෙවි ප්‍රධානියෙක් පැවසීය.


කොළඹ තොග වෙළඳපොළේ සැමන් ව්‍යාපාරිකයකු පැවසුවේ ආනයනික සැමන් සැපයුම සම්පූර්ණයෙන්ම නැවතී ඇති තත්වයක් පවතින බවයි. ආනයනික සැමවල ආසනික් සංයුතිය
වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීමට නිර්දේශ කිරීම නිසා දේශීය වෙළෙදපොළ තුළ මෙම හිගය නිර්මාණය වී ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.
දේශීය සැමන් සැපයුම්කරුවන්ගේ සැමන් සැපයුමේ ද ප්‍රමාදයක් ඇති බවත් ඔවුන් ද සැමන් යොදන ටින් පිළිබඳව ගැටලුවකට මැදිවී සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ආනයනික සැමන්වල ආසනික් අඩංගු යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරික්ෂාවෙන් තහවුරු වීමෙන් පසුව සැමන් කටේනර් 50 ක් පමණ වරායේ රඳවා ඇති බව රේගුවේ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.
(යොහාන් භාසුර)