lakkumar-fernando-speaks

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සමග කළ සාකච්ඡාවකි.

ඔබතුමාට දැනෙන ආකාරයට ලංකාවේ කොවිඩ් පිළිබඳව තත්ත්වය බැරැරුම් ද?
 ඔව්. ඉතාම තීරණාත්මක අවස්ථාවක්..

අපි පසුකරපු පළවැනි දෙවැනි රැළි වලට වඩා ඉතාම බැරැරුම්?
අපි මේච්චර අවධානමක හිටියේ නැ මීට කලින්..

ඒ කියන්නේ කොවිඩ් පිළිබඳව පමණක් නොවෙයි ශ්‍රි ලංකා ඉතිහාසයේම වසංගත රෝගයක් පිළිබඳව මෙවැනි තත්ත්වයක අපි මුහුණ දුන්නේ නැ?
මට මතක ඇති කාලේක මුහුණ දුන්නේ නැ මෑතකදී.

ඔබ විශ්වාස කරන විදියට වයස් භේදයකින් තොරව පන්ති භේදයකින් තොරව අසාදිතයන් වාර්තා වෙනවා. ප්‍රතාකාර කරන්න ඉන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලය .වෛද්‍ය කාර්ය මණ්ඩලයත් බරපතළ අනතුරුක තිබෙන්නේ?
අනතුරකුත් තිබෙනවා. විඩාවකුත් තියෙනනවා..

සමාන්‍යෙයන් දෛනිකව රෝගීන් 100යක් දරාගන්න තරම්වත් අමාරු අපි වගේ පද්ධතියකට මේ තරම් රෝගීන් ප්‍රමාණයක් දරා ගන්නේ කෙහොමද?
අපිට දාරගන්න සිද්ධ වෙනවා.නමුත් මමත් මේ පිළිබඳව ලියු මුල කාලේ ලිපියකත් ලිව්වා අපිට දවසකට 100ක් දක්වා දරාගන්න පුළුවන් .ඊටපස්සේ අපි අපහසුතාවයකට පත්වෙනවා කියලා.. ඒක තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. 100ක් කියන්නේත් ලොකු ගානක්. දැන් තියෙන තත්ත්වය තමයි මේ ආපු නව ප්‍රෙභ්දය සහ දැන් මේ රෝගී තත්ත්වය අනුව ඒ රෝගී තත්ත්වයේ ඉන්න අයගෙන් රෝග ලක්ෂණ තියෙන ප්‍රතිශතය වැඩිවෙලා තියනවා... රෝහල් ගත කිරීමට අවශ්‍ය හෝ නැති වුනත් අපි ඉස්සර රෝහල් ගත තිරීමට තරම් ඉදිරිපත් වුණා. දැන් අපිට තියෙන ප්‍රහ්නේ තමයි අපිට තියෙන  රෝග ලක්ෂණ තියෙන සංඛ්‍යාව දැන් තියෙන තත්ත්වෙදී වැඩි වීම සහ බොවීමේ ප්‍රතිශතය වැඩි.


අපිට රෝහල් පද්ධතියට ඇතුළත් කරගන්න බැරි නම් අපිට 100ත් උපරිම ප්‍රමාණයක් නම් දරාගන්න පුළුවන් වුණේ දවසට 1500 , 1600 ගානේ දැන් දෛනිකව රෝගීන් වාර්තා වෙනවා.. අපේ රෝහල් පද්ධතිය කෙහොමද මේක දරාගන්නේ?
ඒක නිසා තමයි අපිට දැන් සිද්ධ වෙනවා අපිට හිත්න්න මේක වැඩිවෙන එක අඩු කරන්න ඕනේ කියලා වහාම.. අපිට එකට කරන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් රෝහල් වල ධාරිතාව වැඩි කරන එක. දැන් රෝහල් වල ධාරිතාව වැඩි කරන්න බැරි නිසා රජය තීරණය කරලා තියෙනවා හමුදාවේ වෙන වෙන තැන් වලත් අලුතින් රෝගීන් ගන්න පුළුවන් ඇඳවල් තියෙන තැන් වැඩි කරන්න.. නමුත් අපි දැන් ලොකු වැඩපිළිවෙළකට යන්න ඕනේ මේ පැතිරීමේ වේගය හොඳටම අඩු කරන්න.. එතනදී තමයි අපිට කල්පනා කරන්න වෙන්නේ සංචරණ සීමාව පැනවීම එකක්..


ඔබ හිතන්නේ මේ වේලාවේ රට lockdown එකට යායුතුද?
මට එක කරන්න ඕනද නැද්ද කියන එකට දත්ත නැහැ... නමුත් මම හිතනවා අපි මොනවා කරත් ලොක්ඩවුන් කරන්නෙ නැ කියන මතේක ඉන්න එක වැරදි..

හැබැයි එහෙමම මතයක තමයි රජය ඉන්නේ?
එකට හේතු වෙලා ඇත්තේ රජයට ලැබෙන දත්තයි.. මම මේකේ දකින ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට මේකට හොඳ team work එකක් අවශ්‍යයි..


කවුරු හෝ රජයට වැරදි දත්ත දෙනවා නම් රජය ඉන්නේ ඒ දත්ත මත යැපිලානේ.. එතකොට ඔබට සැකයක් තියෙනවාද මේ දත්ත වැරදියි කියලා?
උදාහරණයක් විදියට අපි ගාව දත්ත නැ.. අපිට මේක සම්පුර්ණ නැහැ.. අපිට මේ දත්ත ටික එකතුකරගන්න බැරි වුණා.. කට්ටිය මදි.. එ වගේ දේවල් අපි කියන්න ඕනේ.. අනාවාර්යෙන්ම අපේ දත්ත සම්පුර්ණ නැහැ.. එක හිතාමතා කවුරුවත් කරයි කියලා මම හිතන්නේ නැහැ.. අපිට දත්ත එකතු කරීම කියන එක කරන්න බැරි වුනා නම් එකට හේතු කිහිපයක් තියෙනවා.. අපි මේ වසංගතයේදී ඉතාම හොඳ කාලවලුත් ගත කරා..




ඔබ කියන්න රටේ තියෙන professional body එකක් නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. මේ කතා කරන වේලාව island wide lookdown එකට තාම අවශ්‍ය නැද්ද?
මම පෞද්ගලිකව හිතනවා රට lookdown කරන එක පරක්කු කරවට වඩා අනිවාර්යෙන්ම lookdown එකක් කරොතින් අපේ මේක slow down වෙනවාමයි...

ලිපි කිහිපයක දැක්කා අඩුම කරමේ මාසයක lookdown එහෙකට ගියොත් මේක සම්පුර්ණ control එහෙකට යන්න පුළුවන් කියන විදියේ අර්ථකතනයක්?
මට ඒ කාලේ පිළිබඳ කියන්න බැහැ..  මම ළමා රෝග විශේෂඥ සංගමේ සමාජිකයෙක්. එතකොට ළමා රෝග විශේෂඥ සංගමේත් පසුගිය සති අන්තයේ කිව්වා ඉස්කෝල වහන්න සති දෙකකට.. ඒ කියන්නේ හොඳට ඉදිරියට හිතලා කරපු පුර්ව ඉල්ලීමක්.. ඒ වෙලාවේ වසංගත රෝග අංශය සහ සෞඛ්‍ය බාලධාරීන් එකට හොඳ ප්‍රතිචාරයක් දැක්වුයේ නැ.. එයාලා කිව්වේ ගොඩක් වැඩි තැන් වල විතරක් වහමු කියලා.. එයලා ඊටපස්සේ කිව්වා අපි සතියක් වහමු කියලා.. නමුත් ඊටපස්සේ අපි කරේ අපි අයිත් කිව්වා ඉස්කෝල අපි පටන් ගත්තා.. හවස තුන විතර වෙද්දී ගිය සෙනසුරදා අපි කිව්වා දිගට වහමු කියලා.. අපි ඊටපස්සේ අඟහරුවාද විතර වෙද්දී තමයි ඉස්කෝල වහමු කියලා තීරණය ගත්තේ...


මෙතන තීරණ ගැනීමේ ප්‍රශ්නයක් තියනවාද?
අනිවාර්යෙන්ම තීරණ ගැනීමේ ප්‍රමාදයක් තිබෙනවා.. ඒ තීරණ ගැනීමේ ප්‍රමාද තියෙන්නේ මේ ඔක්කොම කණ්ඩායම් වලට ඒ ඒ ඕන කරන තොරතුරු දත්ත, ඉදිරියට හිතිම් ද ඕන කරන ඒ පරිසරය නැති නිසා වෙන්න පුළුවන්..එයලාගේ පැත්තේන් ගත්තාම එයාලාට දතත් නැත්තම් රජය පැත්තෙන් බැලුවාම රජයට දත්ත නැත්තම් රජයට කල්පනා කරන්න පුළුවන් නේ..

ඒ කියන්නේ කවුරුන් හෝ  සෞඛ්‍ය බලධාරීන් රජයට වෙනම දත්ත ප්‍රමාණයක් දීලා රටේ තියෙන ඇත්ත තත්ත්වේ නෙමෙයි පෙන්නන්නේ..

ඇත්තටම මට මේකට චෝදනා කරන්න බැහැ. එයාලා පිළිගන්න ඕනේ ඒ සඳහා ඕන කරන දත්ත සැපයීම සඳහා එයාලාගේ ක්‍රමවේදයේ අඩුපාඩු තිබෙන බව.. ඉතිං ඒවා ඇහුවාම නැ නැ ප්‍රශ්නයක් නැ ඔක්කොම හොදයි අපි ඔක්කොමගෙන් ඇහුවා අපේ ඒ පැතිවල ඉන්න බලධාරීන්ගෙන් ඇහුවා එයාලා කියනවා එහෙම ඕනේ නැ කියනවා...


ඒක හරි වැරදිනේ..රජය නොමඟ යවනවා කියන්නේ අන්තිමට රජයත් නෙමෙයි රටක් නොමඟ යන්නේ?
නොමඟ යවනවා නියන එක නෙමෙයි එකේ තේරුම... අපිට දැන් මෙතන දොස් කීමේන් කිසිදෙයක් ලබා ගන්න බැහැ.. අපි මේ දක්වා ආපු ගමනේදී අපි කරපු හොඳ දේවල් සහ නරක දේවල් කියලා ජාති දෙකක් තියෙනවා.. අපි එක අඳුරගන්න ඕනේ..


මේ දෙවැනි රැල්ලෙ අලුත් අවුරුද්ද වෙද්දී කෝවිඩ් එකක් නැති ගානටනේ තිබුණේ... ඒ කියනනේ දවසට 200යි.. මේක ආයිත් change වුණේ කොතනද?
සැලසුම් කිරීමේ සහ අපිට එන පුර්ව සිග්නල් අපිට එන දැනීමට කටයුතු කරපු එකනේ.. නව ප්‍රබේදයක් එනවා කියලා පිළිබඳ තිබුන  යම්කිසි දැනුම් දීමක් අපිට ලැබුනා 08 වැනිදා.අප්‍රේල් 8 වෙද්දී අපි හැම වේලාවේම සූදානම් වෙන්න ඕනේ නරක අතට ගියොත් මොකද කරන්න ඕනේ.. අපිට එක නැ.. අපි හිතන්නේ මේක දිහා එහෙම වෙන එකක් නැ..


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අප්‍රේල් 8 මේක කියලත් ඇයි අපි මේක සංචරණ සීමා වලට නොගියේ?
සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම තමයි දේශපාලන අධිකාරිය හරි කාට හරි ඕන කරන්වනේ..මිනිසුන්ට හොදට අවුරුද්දක් කනන් හම්බ වුණේ නැ අවුරුද්දක් තියන්න.. එක තමයි එයාලාගේ කාර්ය.. එතකොට සෞඛ්‍ය බලධාරීයා කියන්න ඕනේ හරි එක එහෙම වෙන්න පුළුළුන් ඒත් අපි ඉන්නේ මේ වගේ ප්‍රශ්නේක.. ඉන්දියාවේ මෙහෙම ප්‍රශ්නයක් තියනවා. මේක කරන්න එපා.


එක විශ්ලේෂණයක තිබුනා අපි ඉන්දියාවේ ලක්ෂ 4 ඉක්ම වූ ආසාදිතයන් ගැන කතා කරනවා. 3500 ඉක්මවූ දෛනික මරණ ගැන කතා කරනවා.. හැබැයි අපේ තත්ත්වය ඒ ඉලක්කම් වලින් අඩුයි.. අපේ තත්ත්වය ඊටත් වඩා දරුණු තත්ත්වයකටයි ගමන් කරමින් ඉන්නේ කියලා?
අපි එහෙම ගමන් කරයි අපි වහාම එක වෙනස් අතකට හැරෙව්වේ නැත්තම්.. එක තමයි මම කිව්වේ අපි රෝගීන් ඉන්න මධ්‍යාස්ථාන වැඩි කරන්න ඕනි.. එත් එකමත පමණත් රඳා පැවතිලා මේක නවත්තන්න බැහැ.. ඒක නිසා මම හිතනවා යම් කිසි විදියක ලොක්ඩවුන් එකකට යාම අවශ්‍ය නම් එකට හිත හදාගෙන ඉන්න ඕනේ...


අපේ රටේ icu අවශ්‍යතාවන් ගොඩක් තියනවා..icu bed 700ක් විතර තියෙන බව තමයි වාර්තා වල තියෙන්නේ..මේ තත්ත්වේ උඩ අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන්ගේ ප්‍රමාණය වැඩි බව කියනවා.. කෙලින්ම නිව්මෝනියාවට දැනිලා තමයි අඩ්මිඩ් වෙන්නෙ.. එතතොට අපේ icu beds වල තත්ත්වේ කොහොමද?
කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා තිබුන icu beds සේරම වගේ ඉවර වෙලා තියෙන්නේ.. අනිත් icu beds අපිට ගන්න වෙනවා. අපේ icu beds  කියන ඒවා කවදාවත් නිකන් තියන ඒවා නෙමෙයි.  ඒක නිසා තමයි මම කියන්නේ අපිට එන කොරෝනා රෝගීන් අඩුකරන එකට මුලීක තැනක් දෙන්න ඕනේ වහාම..




ඉන්දියාවට ප්‍රධාන වශයෙන් බලපාල කියන ප්‍රශ්නයක් තමයි මේ ඔක්සිජන් ප්‍රශ්නය. අපිට මේ ඔක්සිජන් ප්‍රශ්නේ කෙහොමද බලපන්නේ?
අපේ විශේෂඥ වෛද්‍ය සංගමයේ නිවේදනයෙත් කිව්වා අපේ රටේ දැනට ඔක්සිජන් නිශ්පාදනය කරන ප්‍රමාණයෙන් අඩකටත් අඩු ප්‍රමාණයක් තමයි සෞඛය අංශය පාවිච්චි කරන්නේ.. කොම්පැනි දෙකක් විසින් ටොන් 75ක් දිනකට නිපදවනවා.. එකෙන් අප ටොන් 35ක් වගේ තමයි දිනකට පාවිච්චි කරන්නේ.. ඉතුරු ටික දෙන්නේ industry වලට. අපිට ඒ ටිකත් මේ අවස්ථාවේ එයාලාගෙන් ලබා ගන්න පුළුළුන්.. අපිට ඔක්සිජන් තිබෙනවා.. නමුත් මේ ඔක්සිජන් අපිට ගෙනියන්න ඕන ලෙඩාගේ ඇඳ ගාවට. රෝගියාගේ ඇඳ ගාවට ඔක්සිජන් පුරවාලා ගෙනියන්න බැරි හින්දා තමයි ඉන්දියාවත් fail වෙලා තියෙන්නේ.. ලංකාවේත් එහෙම වෙනන් හොඳටම පුළුවන් එහෙම නොවීම වලක්වා ගැනීම සඳහා කෙහේද දැන් ඔක්සිජන් තියෙන්නේ කොහේටද ගෙනියන්නේ..jumbo cylinder වලින් තමයි අනිත් සිලින්ඩර් සහ පොඩි සිලින්ඩර්ස්.. .. jumbo cylinder එකකට ගෑස් ලිටර් 7050ක් තියෙනවා.. ඔක්සිජන් පොඩ්ඩක් ඕන කෙනෙකුට සමහර විට පැය 12ක් 18ක් වෙනකන් තියන්න පුළුවන්.. ඔක්සිජන් වැඩිපුර ඕන වුනාම පැය 8කින් 9කින් ඉවර වෙන්න පුළුවන්... හුස්ම ගන්න ගොඩක් බැරි කෙනෙකුට අපි දනවා high flow oxygen කියලා එකේදී ලීට 60ක් විතර වේගයකින් oxygen දෙන්න වෙනවා..ලීටර් 60 න් 40ක් oxygen විදියට ගත්තත් පැය දෙකහාමරක් යද්දී jumbo cylinderඉවර වෙනවා.

පැහැලිවම ඒ කියන්නේ සිලින්ඩර් පිළිබඳ ප්‍රශ්නයක් තියනවානේ රටේ?
සිලින්ඩර්, එක ගෙන යාම ,ඒ ඔක්සිජන් ඕන කරන ලෙඩ්ඩුන් ගොඩක් අය ඉන්නේ ලංකාවෙන් දුරබැහැර පළාත්වල නම් මේ oxygen සිලින්ඩර් ඕක්කොම ගෙන්න වෙනවා කොළඹට පුරවන්න.

දැන් බටයක් අධාරයෙන් රෝගීයාගේ ඇඳ ළඟට oxygen අරන් යනවා කියන එක මේ වේලාවේ ප්‍රායෝගිකව කරන්න  පුළුවන් දෙයක් නෙමෙයි?
ඒවත් අපි ඔක්කොම එකතුවෙලා සැලසුම් කරන්න ඕනි.. මේ ඕක්කොම දිහා බලලා අපි හිතන්න ඕනේ මේ නරකම අතට අපි සූදානම් වෙන්න ඕනනේ.. නරකම අත හැදීම වලක්වන්න පුළුළුන් නම් දවසකට දෛනිකව එන රෝගීන් ගණන මේ ගානට වඩා වැඩිවෙනවා නම් අපි රේගීන් නැවැත්වීමට කටයුතු කරන්න ඕනේ..

දැන් අලුත් මතයක් අවිත්. එන්නත් නැ.. දෙවැනි මත්‍රාව දීමේ ප්‍රශ්නයක් තියෙවනවා ඇස්ට්‍රාසෙනකා. සුදත් සමරවීර කියනවා who report එකක් තියනවාලු මාත්‍රා දෙකම දෙන්න බැරි නම් වඩා හොඳයි කියලා ඔක්කොමටම එකක් හරි දෙන එක. එහෙම who report එකක් තියනවද?
එහෙම එකක් තියනවා... එකක් හරි දෙන එකෙන් යම් කිසි කාලයකට හෝ රෝගීන් හැදෙන එක වලක්වනවා.. සමහර රටවල සමහර වැක්සීන් 3,4 දෙනවා.. අපි එන්නත් වල ඉතුරු මාත්‍රා ගෙන්න ගැනීම තියන එකත් ඒකට දක්ෂ කාණ්ඩායමක් හොඳට යොදවලා අපි එක කරන්න ඕනේ...

ඔබ සයෝනාෆාම් එන්නත අනුමත කලේ නැ කියලා ඔබේ සේවය  terminate කරනවා.. ඔබ සයෝනාෆාම් එන්නතට අනුමැතිය ලබා දුන්නේ නැ.. ?

මම නෙමෙයි අපේ ජාතික ඖෂධ අධිකරිය එය සඳහා දලා තිබුනා වෙනම විශේෂඥ මණ්ඩලයක්. ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තමයි මාව ඉවත් කරේ.. සයෝනාෆාම් එන්නත මම බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබිලා අපිට ගහන්න පුළුවන් වෙයි කියලා.. එක approve කරන්න බැරි වෙන්න එකම හේතුව වුනේ එකට අත්‍යවශ්‍ය දත්ත නොලැබීම.. දේශපාලන අධිකාරියට එකේ යම් කොටසකට ඕන වුනා මේක approve කරන්න. අපි ඒත් කිව්වා මේකට බොහොම විද්‍යාත්මක පදනමක් තියනවා.. ඒ පදනම මත මම සහ වෛද්‍ය අනන්ද විජේවික්‍රම විරුද්ධ වුණා.. ඒ වෙලාවේ මේක කරන්න කරන්න කියලා කියපු අයත් ඊටපස්සේ එකට ලොකුවට කෑගැහුවේ නැ..

කවුද කරන්න කරන්න කියලා  කෑගැහුවේ?
මට ඒක මගේ වෘත්තීමය තත්ත්වය යටතේ ඒක කියන්න බැහැ..

හැබැයි ඔබට කෝල් කරලා බලපෑම් කරා නේද?
මට එහෙම කියන්න බැ..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විදියට කෙලින්ම කියන්න අපි ඉන්න තැන කියන්න සහ ගොඩ ඒමේ මඟ කියන්න?
අපි ඉන්නේ බැරැරුම් තත්ත්වයක. අපි මේ රෝගීන් වැඩි වෙන එක වහාම නවත්වන්න ඕනේ.. වහාම අඩු කිරීම සඳහා අපිට යම්කිසි පිලියෙමක් ගන්න වෙනවා.. රට ලොක්ඩවුන් කරනවා වගේ එකක් කිීම විය හැකියි. එකට එකතුවෙලා කතා කරන්න අපි ලොක් ඩවුන් කරමුද? කරන එකේ හොඳ නරක මොකද්ද කියලා සකච්ඡා කරන්න ඔනේ.. අපි ලොක්ඩවුන් කරන්නේ නැ කියන එකේ ඉන්න එපා.