යූටියුබ් නිර්මාණාත්මක වීඩියෝ ඉදිරිපත් කරන “වස්ති ප්රඩක්ෂන්ස්” අද (19) දිනයේ එළි දක්වන ලද ‘ලයිට් උපාලි‘ නමැති නවතම වීඩියෝවේ දේශපාලනයෙන් සමුගත් හිටපු ඇමති මංගල සමරවීර නළුවෙකු ලෙස කල එළි දැක තිබේ.
මෙම වීඩියෝව ජංගම දුරකථන යෙදවුමක් ( ‘ඇප් එකක්‘) ප්‍රචාරණය පිණිස රජකාලයේ කතාවක් ලෙස ඉදිරිපත් කරන ලද්දකි.
එහිදී දමිතා අබේරත්න සිය පුතු ෆෙස්බුක් ගැටලුවක් නිසා සියදිවිනසාගැනීම රජුට පැමිණිලි කරන අතර රජු සමාජ මාධ්‍ය භාරව සිටින තම පුත් යුව රජු මේ ගැන නොසැලකිලිමත්වී සිටීම ගැන දෝෂාරෝපණය කරයි. පසුව යුව රජුට දඩුවම් ලබාදෙන්නේ ෆේස් බුක් ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය රටේ අත්හිටුවමිනි. දුඩුවමින් මිදෙන්නට නම් යුවරජුට අලුතින් ඇප් එකක් සොයාදෙන ලෙස දන්වා සිටින අතර ඔහු නවතම හදුන්වාදීමක් ලෙස ගෙන එන ඇප් එක නිසා සියලු ප්‍රශ්න විසදේ.
මෙම කතාවෙදී රජුගේ අග බිසව ලෙස ගයාත්‍රී ඩයස්ද, යුව රජු දඩුවම් විදින වෙලාවේ වදකාරියකගේ රංගනය කුමාරි අක්කා ලෙස සමාජ මාධ්‍යෙය් ප්‍රකටවූ කාන්තාවද රඟදක්වන අතර විසදුම් ලෙස ගෙන එන ඇප් එක හදුන්වාදෙන්නේ ගායක අජිත් මුතුකුමාරණයි. ඇප් එක ගැන කරුණු ඉදිරිපත් කරන්නේ වස්ති සමග හිතවත් යූටියුබ් නාලිකා හිමි චනුක්ස් බ්රෝය,
මෙම ප්‍රබන්ධය අවසන් වෙන්නේ ටික්ටොක් නවතා දැමීමට එරෙහිව බාහිරින් එන මංගල මහරජ යුද්ධය ප්‍රකාශ කිරීමේ අවස්ථාවෙනි. ඒ සඳහා හිටපු ඇමති මංගල සමරවීර යුද ආම්පන්න සහිත ඇදුම් අන්දවා රංගනයට සහභාගී කරගෙන තිබුණි.
‘ලයිට් උපාලි‘ නමැති මෙම වීඩියෝවේ ට්‍රේලරය මීට දින කිහිපයකට පෙර ‘ආලෝක උපාලි‘ යනුවෙන් හදුන්වා ඉදිරිපත් කර තිබූ නමුත් අවසන් නිර්මාණයේ නම වෙනස් කර ඇති බවද හදුනාගන්නට ලැබේ. මින් කලතට පෙර ගෞරවයට පත්වූ සිනමා නිර්මාණයක් වූ ආලෝකෝ උදපාදි අනුකරණය කරමින් ‘ආලෝක උපාලි‘ නම යොදා තිබීම විවේචනයට ලක්වීමෙන් පසුව මෙසේ වෙනස් කර ඇත.
වීඩියෝවට යොමුව- https://www.youtube.com/watch?v=YJCcFS0bvIk
0 Comments