covid19-government

දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර ඇතැයි වාර්තාවේ. COVID-19 කාර්ය සාධක බලකාය අද උදෑසන 11 ට ජනාධිපතිවරයා හමුවී සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ලබාගත් බව හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා දන්වා සිටියේය.




මින් ඉහත දන්වා සිටියේ ලබන 31 වනදා හා ජුනි 04 වනදා උදේ 4  සිට රාත්‍රී 11 දක්වා සීමා ලිහිල් කර වෙළෙදසල් වලින් භාණ්ඩ රැස් කිරීමට අවස්ථාව සලසන බවකි. ඒ අනුව එම අවස්ථා 02 ම අහෝසි කර තිබේ,
ජනතාව එක්රැස්වීම වැඩිවීම හා කොරෝනා රෝගින් අසීමිතව වාර්තාවීම මෙම තීරණයට හේතුවී ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.