lockdown-likely-for-victoria-to-contain-growing-covid-19-cluster

ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හි වර්ධනය වන COVID-19 නවතම ප්‍රවණතා පාලනය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරු බදාදා සවස් වරුවේ රැස්වීමෙන් පසු බ්‍රහස්පතින්දා නිවේදනයක් අනුව වික්ටෝරියානු ප්‍රාන්තයට අවම වශයෙන් දින 3 කට වත් නැවත අගුලු දමනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


සංසිද්ධි 15 ක් වාර්තා වීමත්, නිරාවරණ ස්ථාන 70 ක් බදාදා රාත්‍රියේ හසුවීමත් නිසා අගුලු දැමීමේ සම්භාවිතාව වැඩි විය.
වැඩබලන අග්‍රාමාත්‍යවරයා බදාදා උදෑසන පැවසුවේ ගෘහස්ථ රැස්වීම් සහ මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අඟහරුවාදා හඳුන්වා දුන් නව නීතිරීතිවලින් ඔබ්බට දැඩි ක්‍රියාමාර්ග ගත හැකි බවයි. “මට තවත් පියවර ගැනීම ප්‍රතික්ෂේප කළ නොහැකිය, ඉදිරි පැය 24 තීරණාත්මක වනු ඇත.” වැඩබලන අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ මහතා පැවසීය.
 රහස්‍ය තීරණය පිළිබඳව රජයට සමීප ආරංචි මාර්ග උපුටමින් ‘ද ඒජ් ‘වෙබ් අඩවිය සඳහන් කරන්නේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීමටත් පෙර බ්‍රහස්පතින්දා උදෑසන අගුලු දැමීමේ අවසන් තොරතුරු තහවුරු කිරීමට කැබිනට් මණ්ඩලය සූදානම්වී සිටින බවයි.
කැබිනට් මණ්ඩලයේ ඉහළ ඇමතිවරු දෙදෙනෙක් ඒජ් සහ සිඩ්නි මෝනිං හෙරල්ඩ් වෙත මෙම කරුණු තහවුරු කර තිබේ.

වර්ධනය වන වික්ටෝරියා ප්‍රාන්ත කොරෝනාව නිසා බදාදා නගරය පුරා  එන්නත් කිරීමේ උනන්දුව ඇතිව ඇති අතර අගුලු දැමීමේ බියක් පැතිර යත්ම, වැසිකිළි කඩදාසි මිලට ගැනීමේ භීතිය යළිත් වරක් සුපිරි වෙළඳසැල්  හිස් කර ඇති බවට වාර්තා විය.

මෙල්බර්න් හි උතුරින් පිහිටි අඩවි ගණනාවක් පිරිසිදු කිරීම සඳහා වසා දමා ඇති අතර, ඒවායින් බොහොමයක්  මතුවූ සංසිද්ධීන් හා සම්බන්ධ වී ඇත.